IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අගමැති ‘නිල් මහ සටන‘ බලන්න එයි

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි 'නිල් මහ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එස්.එස්.සී ක්‍රිඩාංගනයට අද (12) පැමිණ සිටියේය.

DSC_0552 (Copy)  DSC_0586 (Copy) DSC_0595 (Copy)



අදහස් (0)

අගමැති ‘නිල් මහ සටන‘ බලන්න එයි

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 March 2016 08:07 AM

සුමිත්‍රා බස්නායක මහත්මියව ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු. ඔබතුමිය 2014 - 01 - 08 වෙනිදා තමා අපේ රටට පැමිනිල තිබෙන්නේ. ඔබ තුමිය ඉතාමත් වාසනවන්තයි. මොකද ලංකාවේ අපිට දිනකට එක වේලක් වත් හරියට කන්න බැරි කාලයක් තිබුන 2014 - 01 - 08 දිනට පෙර. නමුත් අහස උසට තිබුන බඩුමිල ක්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. එක පක්ෂ බේදයකින් තොරව ලාංකිකයින් හැමෝම පිළිගනී කියා මා විශ්වාස කරනවා. ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාව තමාගේ සියලු දුක්කරදර පසෙකලා විශේෂ අවස්ථාවකදී පවුලේ උදවිය සමඟ සතුටින් විනෝදවෙන එක සාමාන්‍ය දෙයක්. මීට පෙර තිබුණු රජයේ මැති ඇමතිවරු ගේ ක්‍රියා කලාපයන් හා සසඳා බැලුවොත් අපේ වර්තමාන අගමැතිතුමා නියත වශයෙන්ම සරලයි. ඇත්ත අපි පිළිගත යුතුයි අපේ පක්ෂය කුමක් වුවත්, ඒ වගේම අපේ රටේ අගමැතිතුමා ආදී සිසුවෙකු වශයෙන් තමාගේ පාසල් ක්‍රිකට් තරඟයක් නරඹන්නේ මේක වැරදි දෙයක් නොවේ. බදු මිල ඉහල ගියා කියල එතුමාගේ නිදහසට කාටවත් වැට බඳින්න බැහැ එ්ක තේරුම් ගන්න. (බ)

:       0       0

සෙනරත් Sunday, 13 March 2016 08:30 AM

පෙරේරා වගේ අය සරලකම මනින්නේ කෙසේද කියා තමයි මට නම් හිතාගන්න බැරි. (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 09:54 AM

ෆ්ස්රුල් ඔබ කියන සාගතය තිබුනේ කටාර් වලද?රූන් පෙත්ත කැරකෙනවා,පාන් පෙත්ත උඩ යනවා රනිල් අපිට සුරංගනා කතා කියනවා. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 10:05 AM

ෆස්රුල් ගපුර්,කටාර් මම 2014,2015 වසර දෙකේම ලංකාවට ආවා. ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු නොලියමි. (බ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 14 March 2016 06:04 AM

ඩිල්ෂාන් මහත්මයා, වකුගඩු රෝග වලට මේ ආණ්ඩුවට හෝ අගමැතිතුමාට හෝ වගකියන්න බැහැ. බොරු තර්ක ඉදිරිපත් කරන්න එපා. මේක ලියන්නේ ආණ්ඩුවට කඩේ යන මුවාවෙන් නොවේ. සමහරවිට තිත්ත වුණත් අපිට ඇත්ත පිළිගන්න වෙන නිසා. (නි)

:       0       0

සඳුන් Saturday, 12 March 2016 10:31 PM

රටේ අඩුපෝෂණයෙන් පෙළෙන අය ඉන් මුදවා ගැනීමටත්, බඩු මිල අඩු කිරීමටත් ඔබට ශක්තිය වාසනාව ලැබේවා! අපි බලාපොරොත්තු වෙන්නේ එපමණයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 13 March 2016 12:20 AM

හරිම සරල නායකයෙක් එතුමා. අපිට සතුටුයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 March 2016 12:00 PM

පස්රුල් ගෆූර්, අගමැති සරල විදියට මුළු පාර්ලිමේන්තුවටම පඩි වැඩි කරගත්තා. තව දීමනාවලුත් වැඩි කර ගත්තා. රටේ මිනිස්සුත් සරල විදියට වකුගඩු රෝග වලින් මැරෙනවා. (බ)

:       0       0

සඳුන් Sunday, 13 March 2016 01:41 AM

සුබ අනාගතයක් තිබුණ අපි අද බඩගින්නේ. බදු අඩුකර දෙන්න ගත්තා යහපාලනේ. වසරක් ගෙවී ඇත. තාමත් අඩු නැත. (නි)

:       0       0

ශානක Sunday, 13 March 2016 01:58 AM

අනේ ඒකතමයි පෙරේරා. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. එතුමලා ඇල් වතුරත් නිවලනේ බොන්නේ. (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 13 March 2016 01:51 AM

සඳුන්, ඔයාට තව කාලාන්තරයක් ඔය විදිහට ප්‍රාර්ථනා කර කර ඉන්න වේවි (නි)

:       0       0

චානක Sunday, 13 March 2016 02:27 AM

සතුටුයි අපිට. කලාතුරකින් ඔබතුමාව මෙහෙම දකින්න ලැබුනේ. (නි)

:       0       0

සිල්වා Sunday, 13 March 2016 03:36 AM

බඩු මිල අඩු කළහැකි ක්‍රමවේදයන් පිළිබඳ ජනතා අදහස් විමසීමට කමිටුවක් පත්කරන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 04:52 AM

බලන්නකෝ අගමැති ඉන්න සරල විදිය. තව ටිකකින් ඇල්වතුරත් නිවල බොයි. ඔන්න පාන්පිටි මිලත් වැඩිවෙලා.රටේ අඩු පෝෂණයෙන් පෙලෙන අය ඔහේ හිටපු දෙන්. සුබ අනාගතයක් ගැන හිතන්න එපා.අගමැති වගේ සරලව ජීවත් වෙන්න. සිල්වා, බඩුමිල අඩුකරන එක කොහොමවෙතත් අපි දවසට එක වේලක් කන්න පුරුදු වෙමු. චානක එතුමා මෙහෙම දකින්න ලැබෙන එකත් හරි සතුටක් නේද........අනේ මන්දා.....(බ)

:       0       0

තිලක් - නුවර Sunday, 13 March 2016 05:47 AM

සරල විදියට ඔක්කොම වෙන නිසා වෙන්න ඇති මෙහෙම හැමදේම වෙන්නේ. කියලා වැඩක් නැහැ. පොහොර ටිකත් හොඳටම සරල වුණා. එතකොට අමු තේ දළු , රබර්, වී ටිකත් සරලම සරල වෙලා. සරල සමීකරණයක් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site