සුපිරි යැයි කියා ගන්නා තරු දෙකකි. තරුණයා එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් පුම්බා අතහැරි සුපිරි ගායකයෙක් යැයි කියන අයෙකි. තරුණිය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ බාල දියණියයි. ඇගේ සොයුරියන් දෙදෙනාද ප්‍රසිද්ධ නිළියන් බව කියති.
මොවුන් දෙදෙනා එක්තරා වැඩසටහනකට කැඳවිණි. එයද පෙරකී රූපවාහිනී නාලිකාවේය.
නිවේදිකාව මොවුන් දෙදෙනාගේ සාමාන්‍ය දැනීම පිළිබඳ විමසයි. පොත්පත්ද කියවන බව කියති. එනිසා ඉතා පහසු පැනයන් කිහිපයක් අසා මොවුන්ගේ බුද්ධිමත් බව කියාපාන්නට සූදානම් වෙයි. තරුණයාගෙන් ඇසුවේ මොන්ටිසෝරි යන ළමුන්ට පවා පිළිතුරු දිය හැකි පැනයකි. එනම් ලංකාවේ අගනුවර කුමක්ද යන්නයි. තරුණයාගේ පිළිතුර මහනුවර විය. නිවේදිකාවට හා නිළියට උන්හිටි තැන් අමතක විය. පිළිතුර කියන්නේ සැබෑවටම දැයි නැවතත් ඇසුවේ සැකහැර දැනගන්නටය. තරුණයා යළිත් එය තහවුරු කළේය. නිවේදිකාව හා නිළිය කොක් හඬලා සිනාසෙන්නට විය.
මහ හඬින් සිනාසෙන ඔවුන්ට එකතුවූ තරුණයාද තම නොදන්නාකම වසා ගැනීමට හයියෙන් සිනාසුනේය. අනෙකාට සිනාසුණු නිළියගෙන් එයට පිළිතුරු විමසූ නිවේදිකාවට පිළිතුර ලෙස ලැබුණේ කොළඹ යන්නයි. නිවේදිකාව නිවැරදි පිළිතුර ලබාදී ඔවුන් දෙදෙනාටම කරුණු පැහැදිලි කළාය. තරුණයා තම නොදන්නාකමට අම්මාද පාවා දුන්නේය. මහනුවර ලංකාවේ අගනුවර බව කියා දුන්නේ තම මව බව පවසමින් රූපවාහිනිය ඉදිරියේ අම්මාගේ රෙදිද ගැලෙව්වේය.
අනුන්ට කෙතරම් සිනාසුනද තමන්ට අඬන්න වන බව නිළිය නොදත්තාය. ඇගෙන් ඇසූ පැනය ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වසර කුමක්ද යන්නයි. එයද මොන්ටිසෝරි පැනයකි. එයට ඇගේ පිළිතුර වූයේ 1964 යන්නයි. විකට වැඩසටහනක් බවට පත්වූ එහිදී තරුණයා ගැලවීමට දුන් පිළිතුර වූයේ 1948 වන විට අප ඉපදී නොසිටි නිසා ඒ ගැන දැනීමක් නැති බවය.
මේවා බැලූ ප්‍රේක්ෂකයන් අසනුයේ තම මව හා පියා ඉපදෙන විට ඔවුන් ඉපිද නොසිටි නිසා මව පියාද හඳුන්නේ නැති බව කිවහොත් පුදුම නොවන බවය.
මොවුන් පුම්බා තරු බවට පත් කිරීමට ගිය රූපවාහිනී නාලිකාවේ අයට දවල් තරු පෙනුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, පළමු සේවය සහ වෙළද සේවය අපි හරිම ආසාවෙන් අහන්නේ. ඒවගේ කාලයක කවද ඒවිද ? (ම)
කරුණාකර මේ ගොන් නාම්බන් නාම්බියන් ඉන්න වැඩ සටහන් ඔබේ දරුවන්ට පෙන්වන්න එපා. මේ ගොල්ලන්ගේ මැටි මෝල් කථාවල් අහලා ළමයින්ගේ මොලේ මොට්ට වුනාම නිකම්ම ළමා අපචාරයට බඳුන් වේවි. (බ)
පේනවානේ අද රටේ තත්ත්වය? (නි)
රියැලිටි වැඩසටහන් නිසා ළමයින් කුරුවල් වෙලා...............(ම)
ඔව් අර ඇඹරිලා පින්තූරු ගන්න නිළියනේ ඔය. (ස)
මේවා දකින අපිට නම් හරියට හිනා! (නි)
පර ජාතිකයන්ගේ ඉලක්කයන් දැන් ලාංකීය සංස්කෘතිය තුළ සම්පූර්ණ වෙමින් යනව. කෝ එදා රේඩියෝවෙන් ගිය අධ්‍යාපනික වැඩ සටහන් වලට දැන් තරැණ පරපුරේ ඉඩක්. මෙවන් වූ නාලිකා පර ජාතින්ගේ යුතුකම් නොවේ ද මේ ඉටු කරන්නේ. මේවන් දේවල් තවත් ඉදිරියට සිදු වෙයි. සිංහල සංස්කෘතිය අමතක වන ජාතියක් බිහිවන එක හරිම කණගාටුවක්. සිංහල සංස්කෘතියට යලි පණ දෙන්නටනම් හරවත් වැඩදායි වැඩසටහන් තරුණ පරපුරට මුදාහරින්නට ඔනි. (අ)
මොවුන් සුපිරි තරු වුයේ කෙසේ දැයි අපට ප්‍රශ්නයකි. මොවුන්ගෙන් රටටද වැඩක් නැත. රටෙි නම්බු නාමය කනවා විනා රටට සෙතක් වෙන්නේද නැත. අනුන්ගේ සිංදු කියා රටට ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නේ නැත.(ම)
ලැජ්ජයි ..! ලංකාවේ පාසලකට නොගියත් පොතපත කියවන ඕනෑම මිනිසෙකුට පළාත් ටික,අගනුවර තම පුංචි රටේ අස්සක් මුල්ලක් නෑර දැනගන්න ලැබෙනවා මේ පුවත්පතක් හෝ කියෙව්වොත්. ලැජ්ජයි ළමයෝ! (නි)
දැන් හැදෙන අය ඔහොම තමයි. ආයතනයක පරිස් කළමනාකරණය කරන අය දන්නවා සේවක ඒ බි එච කාර්ඩ් පුරවනකොට තමාගේ සියල දෙන්නගම නම අහනවා. එත් 1990 පස්ස ඉපදුන 90% ළමයි තමාගේ ආච්චිලගේ ]නම් දන්නේ නෑ (අ)
අපි නොදන්නා තවත් මෙහෙම කට්ටිය කොච්චර ඇද්ද? (නි)
මේ වාගේ වැඩසටහන් වලින් දරුවන් ආරක්ෂා කරගත යුතුය.මේවගේ මෝඩයෝ රටේ ගායකයෝ වුණොත් සංගීත කලාවට දෙවියන්ගේම පිහිට තමයි.(ම)
මෙම වැඩසටහනේදී මෙම පිළිතුරු ලබාදෙන්නේ විහිලුවට යැයි සිතේ. ගැටලුව මතුවන්නේ මෙම දෙදෙනාගේ සාමාන්‍ය දැනීම ගැන නොවේ. රටක ව්‍යවස්ථාව මඟින් පවා තහවුරු කර ඇති,රටක ජනතාවට ඉතා සංවේදී කරුණු හාස්‍යට ලක්කිරීමට නුසුදුසු බව මෙම දෙදෙනා මෙන්ම මෙම වැඩසටහන විකාශය කළ රූපවාහිනි නාලිකාවද නොසළකා හැරීමය.එලෙසින්ම මේ පිළිතුරු හරහා ප්‍රසිද්ධිය වැඩි කරගැනීම මොවුන්ගේ අරමුණ වන්නට ඇත. (නි)
අනේ මන්දා ඇයි මේවාට පැමිණෙද්දීවත් ටිකක් කල්පනා කරන්නේ නැත්තේ? (නි)
දැන් මෙතන මහා ලොකුවට අදහස් දාන කට්ටියගෙනුත් කී දෙනෙක් මේකට උත්තරය හරියට දන්නවද දන්නෙ නැහැ (නි)
නළුවා හරි කියලයි මම නම් කියන්නේ. මොකද 1948 අපිට වැදගත් නැහැ. අපි කිසිවෙකුටත් යටත්වුණේ නැහැ. (නි)
නිකම් පෙන්වන හින්දා ප්‍රේක්ෂකයින් බලනවා.නමුත් ඇන්දෙන්නේ නැත්නම් හොඳයි (නි)
එම නාලිකාව උවමනාවෙන්ම මේ රටේ අනාගතය විනාශ කිරීමට සහ මිනිසුන්ගේ බුද්ධිය හීන කරන නාලිකාවක්. මේ වගේ දේවල් ඔවුන් ඕන කමින්මයි කරන්නේ. බාල බොළඳ වැඩසටහන් සහ ටෙලි නාට්‍ය , කුඩා දරුවන් පවා විනාශ කරන ෆැෂන් ෂෝ ඒවාට උදාහරණ. (බ)
මෙයාලට එතකොටවත් ලැජ්ජාවක් දැනුනද දන්නෙ නැහැ (නි)
කෙනෙක් සුපර් ස්ටාර් වෙන්න කලින් අනික් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂයෙන්ම සාමාන්‍ය දැනීමෙන් සුපර් ස්ටාර්ලා විය යුතුයි. (බ)
අනේ අම්මපා අපේ තරුණ පරම්පරාව! (නි)
ගමේ ගොඩේ වුණත්, නගරේ වුණත් එකයි, වතුරට වැටුනම ගොමරිටි උඩ එනවා, මිණිකැට යට යනවා. ඔය ඉතින් වැඩකාරයෝ කියාගෙන ගොමරිටි අපිට එයාලගේ වැඩ පෙන්නන්න ගිහින් මෝඩකම පෙන්වන අවස්ථාවක්නෙ. ඉතින් ඒ මෝඩ සංස්කෘතිය අවබෝධ කරගන්නාවූ අවස්ථාව අපේ තරුණ පරපුරට ලබා දුන් ඒ නාලිකාවට අපේ ඉස්තුතිය පුද කරමු. (නි)
ඉන්දියාවේ රුපවාහිනී නාලිකාවල යන වැඩකට නැති කසිකබල් වැඩසටහන් අනුගමනය කරමින් කිසිදු හරයක් නැති මෙවැනි මෝඩ වැඩ සටහන් කරන ඇග මිස සිරසක් නැති නාලිකා නැරඹුවොත් මේ වගේ පරම්පරාවක් තමයි අනාගතයේ බිහිවෙන්නේ. මෙවැනි සරුව පිත්තල තුට්ටුවක් නොවටිනා දරුවන් රටකට ලබාදීමේ සම්පුර්ණ වරද දෙමාපියන් සතුය.කොහෙද දන්නේ නැ පාසල් ගියේ .? (බ)
ඇඟපුරා ඇති සිරසේ නැති මොළේ නිසා... අද දෙමාපියන්,ගුරුදෙගුරුන් සහ පාසලේ නමද විනාශයි (නි)
දැන්නම් තරු පෙනිලා ඇති තරු වලට. (ර)
රුවනි කල්පනා , ඔයාගේ කතාවනම් හරියටම හරි , මට මතක් වෙනවා ලලිත් එස් මෛත්‍රීපාල , කරුණාරත්න අබේසේකර වගේ පතාක යෝද නිවේදකයෝ . එයාල හරියට ඇවිදින පුස්තකාල වගේ නොදන්නා දෙයක් නැහැ (බ)
ඔය කතාව නම් ඇත්ත. (බ)
මේ නිළිය තවමත් පාසල් යන ගමන් මේ වැනි සුළු සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයකට වත් පිළිතුරු දී ගන්න බැරිව පාසලේ නමත් විනාශ කළා. අනිත් ගායකයත් තමාගේ නොදැනීම තමා පෙන්වූවේ. බලා සිටි රසිකයන් තමා මේවට හිනා වෙන්න ඕනේ. (බ)
ඉස්සර අපි මුදල් ගෙවලා රූපවාහිනී බලපත් අරගෙන රූපවාහිනීය නැරඹුවේ. අපගේ මුදලට සරිලන ගුණාත්මක සේවයක් අපට ලැබුණා,අපට ඉල්ලීමට අයිතියක් තිබුණා. අද නාලිකා මඟින් අපිට සල්ලි බෙදමින් විගඩම් පෙන්වනවා. දැන් අසන්නන් පවා මුදලට රසඥතාව විකුණන පිරිසක් වෙලා. (නි)
මේ වගේ අය මේවට ගෙන්නවට ගෙන්නන අයට හොද පාඩම්. (ර)
රටක ඉතිහාසයක් දන්නෙ නැති මනුස්සයෙක් කොහොමද රටට ආදරේ කරන්නෙ. පාරෙ යන කොට කෙල ගගහ යන්නෙ. ඒ කේල ගහන්නෙ තමන්ගෙ රටට කියල හිතන්න තරම් රට ගැන හැඟීමක් ආදරයක් නෑ. මේ දේවල් බලෙන් කියල දෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි ඉබේම ඇඟට එන්න ඕනි. එහෙම එන්න නම් මේ රට ගැන දැනගන්න ඕනි. ලංකාදීප කතෘ තුමනි ඔබට අවස්ථාවක් ඇත. සතියකට වරක්වත් රටේ යටගිය ඉතිහාසය ගැන ලිපියක් දාන්න පිටුව පුරාවටම. පරණ කතා දාන්න. නිදහස ගන්න වෙච්ච මහන්සිය ගැන ලියන්න. රට විනාශ වෙච්ච යුග ගැන ලියන්න. අංගම්පොර ශිල්පියො හොය හොයා මරපු හැටි ලියන්න. මහා විශාල චෛත්‍යයන් පස් ගොඩවල් වෙච්චහැටි ලියන්න. මේ රටේ තියෙන දැනුම ගන්න පිට රට මිනිස්සු මෙහෙට ආපු හැටි ලියන්න. ලියල ඉවරයක් නැති වේවි. (බ)
බොහෝ රූපවාහිනී නිවේදකයොත් පිස්සුනේ නටන්නේ (නි)
ලාබාල වයසේදී ජනප්‍රියත්වය සහ මුදල් අතපතගෑම තමා විනාශයට මුල.ඉගෙනීමෙන් ලබනා ආලෝකය වෙනත් හරසුන් පුහු දේවල් වලින් ලබන්න බැරි බව ඔප්පුවුණා.ජනප්‍රියවීම එකිනෙකාගේ වාසනාව අනුවයි කියමුකෝ. නමුත් මෙවන් පිළිතුරු දෙන්නේ කාගේ වරදින්ද? (නි)
ඔය සමහර මාධ්‍ය නාලිකා විසින්ම දශක දෙක තුනක කාලයක් තිස්සේ කරපු මොළසේදීමේ අනගි ප්‍රතිඵලත් අති විශිෂ්ටයි (නි)
රටේ අනාගතය ගැන හිතාගන්න පුලුවන් (නි)
දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි මේ දෙන්නා. (ර)
අනේ මන්දා මේවට මොනා කියනද කියලා. (ර)
මට හිතෙන විදිහට සමහර මිනිස්සු ජනප්‍රිය වෙන්න දගලනවා හොදින් හෝ නරකින්. මෙයාලත් කලේ ඕක. දැන් මෙයාලා ගැන හැමෝම කතා වෙනවා. (ර)
"මුහුණු පොතේ" ඔය කියන දර්ශනය මම දැක්කා. මම හිතුවේ ඒක "විහිළු තහළු" වැඩසටහනක් කියලා. (නි)
ඔය රට ට විනකරන යුද්ධය පවා හෙලාදුටු ඔය නාලිකාව ඔළුව පාවිච්චි නොකරන මෝඩයන්ටය. එය තහනම් කළ යුතුය. (බ)
වැරදීම, නොදනිම ප්‍රශ්නයට සාපේක්ෂයි.ඕනෑම අයෙකුට වැරදිය හැකියි.නමුත් මාධ්‍යයක මෙහෙවර මෙයට වඩා වගකීමෙන් සිදුවිය යුතුයි.මන්ද අද වනවිට අනාගත පරපුර මාධ්‍ය තම පුර්වාදර්ශය කරගෙන සිටින බැවිනි (නි)
මේවාට වගකියන්නේ කව්ද? (ර)
සමාජයට හරසුන් නිර්මාණ කරන මේගොල්ලන්ව පුම්බන්නේ මාධ්‍ය තමා. අර එක නිලියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලංකාවේ දිස්ත්‍රික්ක ගාන දන්නේ නැහැ. දශකයකට අවුරුදු ගාන දන්නේ නැහැ, තව සමහර අය කළු ගඟ පටන් ගන්න තැන දන්නේ නැහැ. එහෙම අය තමා රටේ ඉදිරියට එන්නේ. (ස)
කිංග්ස්ලි පෙරේරා මහත්තයා, ඔවුන් නොදන්නාකම විහිළුවක් ලෙස අරගෙන තව හිනාත් වෙනවා. (නි)
අපේ සංගක්කාර දිහා බලලා හැදෙන්න කියන්න. ක්‍රිකට් ගහනවා වගේම රඟපාන්නත් දක්ෂයි. ඒ වගේම කොහොමද බාහිර දැනුම? (නි)
තරුවක් වෙන්න නොව පුන්සදක් වෙන්න දරුවන් යොමුකරන්න නුවන පහල වේවා (ත)
දැන් මේ තරු දෙක නිවුන පාටයි (බ)
අනේ මෙහෙමත් දේවල්! (නි)
තමුන්ගේ අතින්ම තමන්ගේ බෙල්ල කපාගෙන මරුන නම් මීට වඩා නම්බුයි (බ)
මටත් බලන්න ලැබුනා මේ වීඩියෝ එක. විලිලැජ්ජාවේ බැහැ. මේ අපේ තරුණ පරපුරද? මේ අය මොනවද කළේ පාසල් ගිගින්? අනුන්ගේ ගීයක් කියලා එහෙමත් නැත්නම් චිත්‍රපටියක රඟපාලා සුපිරි තරු වුණාට මදි සාමාන්‍ය දැනුම නැතුව. (නි)
අඩුම තරමේ මේ වැඩසටහන් සම්බන්දිකරණය කර ප්‍රචාරය කරන මාධ්‍ය ඇත්තෝ තේරුම් ගන්න ඕනේ... (ර)
ඉතිහාසය ඉවත්කලේ 1972 දී (රේ)
අපේම අයමනේ ඉතින් ඔය කට්ටියව උඩදාගෙන නටන්නේ. (නි)
අහිංසක ළදරුවන් විනාශ කරන නරුමයන් සිටින රටක මොවුන්ට පාඩමක් උගන්වන්න කව්රුවත් නැද්ද. එහෙම හිතෙන්නේ අනාගත පරපුර මේවා දැකීමෙන් විනාශවෙන නිසා (නි)
මේ ගැනනම් කතාකරලා වැඩක් නැහැ. (ර)
අම්මයි තාත්තයි ඉපදුන වර්ෂයේ හිතපු නැති නිසා අම්මයි තාත්තයි අඳුරන්නෙත් නැතිව ඇති (අ)
සමහර නාලිකා අසම්මත දේ සමාජගත කරන්න හදනවා. (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීමේ සුදුසුකම් ලබා ඇත (නි)
මේ දෙන්නා එයාලගේ දෙමාපියන්ගේ නම් දැනගන්න විදියක් නැත. තාත්ත කවුද කියල දන්නේ අම්මා පමණි (බ)
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත (නි)
බීපු රන්කිරි කටින් එන්න එළව එළවා ගහන්න තියෙන්නේ (නි)
අනේ මෙහෙමත් තරු. (ර)
මේ නළුවන්ගෙන් අහන්නේ නැතුව එළුවන්ගෙන් ඔය ප්‍රශ්න ඇහුවනම් උත්තර අහගන්න තිබුනා. (ර)
අනුන්ගේ සින්දු කියලා අර ස්ටාර් මේ ස්ටාර් කියලා සින්දු කියන්නන් පුම්බලා තියන රූපවාහිනී නාලිකාවන් නිසා අපේ ලංකාවේ කලාකරුවන්ට යන එන මං නැතිවෙලා (නි)
මේ වැඩසටහන බලපුවහම තේරෙනවා, තරුණ ගායකයා විනෝදයට බොරු උත්තරයක් දෙන බවත්, තරුණ නිළිය ඇත්තටම නොදන්නාකමින් උත්තර දෙන බවත්. කෙසේ වුවත් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන වැඩසටහන් වලට සහබාගි වෙනකොට සංයමයක් විනයක් ඇතුව හැසිරීම කතාබහ කල යුතුයි. එම මාධ්‍යට මෙහිදී විශාල වගකීමක් තිබෙනවා වැඩසටහනේදී අසන ප්‍රශ්න සහ ලැබෙන පිළිතුරු තුල සන්නිවේදනය වන පණිවිඩය සමාජයට යහපත් ලෙස හැසිරවීමට. කෙසේ වෙතත් මෙම පුද්ගලික නාලිකා වැඩි වශයෙන් වාණිජමය ඉලක්ක සපුරා ගන්නවා හැරෙන්න ගුණාත්මක සමාජ මෙහෙවරක් කරන්නේ නෑ. (ර)
ඕව මොනාද ඔය ඇමති කෙනෙක්ගෙන් ඔය ටික ඇහුවානම් එයා දන්නෙත් නෑ. සමහර ඇමතිලා බන පද කියනවා අහන් ඉන්න ලැජ්ජයි. (ස)
මේ වැඩසටහන් බලන්න සල්ලී දෙනවානේ.අර එක නාළිකාවක් සල්ලි අරගෙන පැයක් විතර ඇඹරි ඇඹරි නටන්නේ! (නි)
මොවුන් හිතාගෙන ඉන්නේ එයාලා තමයි ලෝකෙට ලොක්කෝ කියලා. (නි)
ඡන්දෙට කලින් පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලපු දෙන්නෙක්ටත් ඔහොමම උනා. සරල ප්‍රශ්නයක් දෙන්නම දන්නෙ නෑ. එ්වුනාට ඉතින් රට පාලනය කරන්න ඉල්ලන්නේ. (ස)
මේ සුපිරි ගායකයා දිහා බැලුවාම මැටි මුට්ටියක් මතක් වෙනවා නේද? (ර)
1977 පටන්ගත් පාසල්වල ඉතිහාසය ඉවත්කර ඔලමොට්ට දරුවන් බිහිකළ අයට ස්තුති කරමි (නි)
කළු ගඟ පටන් ගන්න තැන ඇහුවම දන්නේ නැති ජාතික නායකයෝ අපිට ඉන්නේ. ඔය නාලිකාවට පින් අපිට මේවගේ අය ගැන තේරුම් කරලා දෙනවට. (ස)
ඔය වැඩසටහන ළමයකුට දීල ළමයින්ව ගේන්න (අ)
අසරණවෙලා ඉන්න ප්‍රබුද්ධ කලාකරුවන්ට සළකන්නේ නැතුව, රටේ ජනතාවගේ මුදල් වලින් කෙටි පණිවුඩ යවාගෙන මිනිසුන්ගේ කාලය නාස්ති කරන සමහර නාලිකා වල ඉන්නෙත් ඔය වගේ දැනුම තියන අය තමයි (නි)
මෙහෙම තරු තමයි අද ගොඩක් ඉන්නේ. (ර)
දැන්වත් ඇඹරිල්ල අඩුවෙයිද...? (ර)
මේගොල්ලෝ ඉගෙන ගත්ත පාසලට ගෙනල්ල උපහාර උළෙලකුත් කලා. අපොයි . (අ)
චමල් ඔබ හරි ඔය නාලිකාව ඇතුළුව ගොඩක් නාලිකා සේයගේ මරණෙටත් වක්‍රව සම්බන්ද උනා.(රේ)
තවත් තියෙනවා එෆ්.එම්.නාලිකා. ඒකේ නිවේදක නිවේදිකාවන්ගේ වැඩේම නිකම් හිනාවෙනවා. අපිට හිතෙන්නේ ඒ දෙන්නා තමන්වම කිචි කවාගෙන හිනාවෙනවා කියලයි.මෝඩ කතාමයි කියන්නේ. (නි)
ඔය විතරක් නෙමෙයි. නාලිකා වල පෙන්වන නාට්‍යයත් අනාගත පරපුර විනාශ කරනවා. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම පැහැරගැනීම තමයි පෙන්වන්නේ. ඉස්සර මොනතරම් ආදර්ශමත් නාට්‍යද අපි බැලුවේ? (නි)
විලි ලැජ්ජයි මේ වගේ කාලකන්නි දැක්කම (බ)
මෙම සිද්ධිය එතරම් ලාවට හෝ විහිලුවට ගතයුතු දෙයක් නොවන බවයි මගේ අදහස. මෙම සිද්ධියෙන් පෙනීයන්නේ අපගේ වත්මන් තරුණ පරම්පරාවට සිදුවී ඇති අභාග්‍ය සම්පන්න අතවරයයි. මෙහි වරදකරුවන් ඒ තරුණයන් පමණක්ම නොවේ. අපගේ අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීම සහ සමාජ සරධර්මයන්ගේ පිරිහීම තමා මෙවැනි ජාතියක් ජම්මයක් නැති කුරුවල් පරම්පරාවක් බිහිවීමට ප්‍රධානම හේතුව. (බ)
පාර්ලිමේන්තුවට ගිහින් ඇමතිකමක් ලැබුණා කියලත් තව ටික දවසකින් ආරංචි වෙන්න පුළුවන්. (ත)
එයාලගෙ රැකියාව රඟපෑමනෙ.එතෙන්දිත් රඟපෑමක් වෙන්ට ඇති කරන්ට ඇත්තේ. ඒ නලු නිළියො ටික දැන් සාමන්‍ය දැනීම පොත් ටිකක් කියවනවා ඇත...(රේ්)
සාමාන්‍ය දැනීම පොත් ටිකක් කියවලා තිබුනානම් හොඳයි කියලා දැන් හිතෙනවා ඇති ...(රේ්)
මම නම් හිතන්නේ ගහන්න ඕනේ මුන්ට නොවෙයි මේ වගේ උන් හදපු අම්මලටයි තාත්තලටයි ... මොකද සාමාන්‍ය දැනීමක් නැතිව මුන්ව ජාතක කලාට වඩා හොදයි මරල දැම්මනම් ..මුන් කොමද මේ රටට ජාතියට ආදරයක් කරන්නේ ..(බ)
මම මේ වැඩසටහන බැලුව එකේ කොල්ල ජොලියට බොරු කියන්නේ , කෙල්ලටනම් පොඩ්ඩක් වැරදුනා (බ)
කලාකරුවන් ප්‍රාඥයන් වියයුතු නැත. නමුත් සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය. (නි)
අනේ අප්පා මුන් ඊළඟ ඡන්දෙ ඉල්ලුවොත් දිනනවාමයි. ඉතින් එ්කවත් තේරුම් ගන්න බැරිද මොවුන්ට. මොකද අපිට අතීතයේ හොඳ අත්දැකීමක් තියනවනේ ගම්පහ පළාතෙන්. (බ)
ඹය නාලිකාවලත් ඉන්නව ජ්‍යෙෂ්ඨ හා මාණ්ඩලික කියල කියා ගන්නා අය. ඒ තනතුරු කවුරු දුන්නද දන්නෙ නැ.ඒ ආයතන වල ඉන්න අයමයි දා ගන්නෙ පියන් රස්සාව කළ එකා එහෙට මෙහෙට කේලමක් කියල තනතුරක් අරගන්නව. ඉන් පස්සෙ මිනිහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෙනව. ඔය නිවේදිකාව පවා උත්තරය කියන්නෙ පොත බලාගෙන. ඔයිට වඩා ජ්‍යෙෂ්ඨ නැති මාන්ඩලික නැති දැන උගත් අය ගමේ ගොඩේ ඉන්නව. නමුත් ඒ අයට ඉඩක් දෙන්නෙ නැ මොකද ඔවුන්ව කැපිල යන නිසා. බයයි. (බ)
ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ පිහිටා ඇත්තේ මොන රටේද යනුවෙන් අපි එයාලගෙන් අහමුකෝ (නි)
මුන්ව දැක්කහම අපි ටීවී එක ඕෆ් කරනවා..නාලිකාවන්ට මෙයාලව ගෙන්නවන්ට ඕනේ සල්ලි දීල නෙමෙයි...ප්‍රමිතියකට නැතිනම් බලෙන් මොන්ටිසෝරි යවනවා කියලයි. නැත්තන් මුන් හිතන්නේ මෝඩ කම තමයි අද මාර්කට් කියලා..(බ)
මේ ගැන කියන්න වචන නෑ ...ලොකු කමට කියන්නේ පොතට පතට ලැදිය කියල, මොන පාසලටද ගියේ ? (ස)
මම හිතන්නේ මේ ප්‍රශ්නය අහන්න ඉන්න නිවේදිකාවනුත් ඒ ජාතියෙම බුද්ධිමතියකි. නැත්නම් මොන්ටිසෝරියේ ළමයින්ගෙන් අහන ප්‍රශ්න මේ වගේ එවුන් ගෙන් අහයිද? (බ)
ජාතකේ වැරැද්ද කිවත් එකේ වැරැද්දක්මත් නෑ ඉතින්. මෙි වගේ රටක් වටින උන් දෙන්න හොදයි රට මැද්දෑවක තියල පෝලිමක් දාන්න.(ම)
අපේ රටේ ගොඩක් හිස් (බ)