අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට එක්රැස්වී විරෝධතාවයක යෙදී සිටිති.
මේ හේතුවෙන් වෝඩ් පෙදෙස අවට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
සිසුන් 200කට ආසන්න පිරිසක් කොමිසම ඉදිරිපිට වාඩිවී විරෝධය පළ කරති. අග්නිදිග සරසවිය පිහිටා ඇති ප්‍රදේශය ගැටළුකාරී බවත් එම ස්ථානය වෙනස් කරන ලෙස හෝ නැතිනම් ඔවුන් වෙනත් සරසවියකට යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ඡායාරූප - සිරි මහබෙල්ලන
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව
![campus_picket[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket1.jpg)
![campus_picket00[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket001.jpg)
![campus_picket02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/campus_picket021.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පුංචි දේවල් මේවා කරන්න බැරි අාණ්ඩු මොනවටද. මන්ත්‍රී කෙනෙක් වෙනවනම් එම වැඩේ අවබෝධයක් තියෙන්නේ ඕන, නැත්නම් අපෙන් අහන්න අපි උදව් කරන්න ලැහැස්තියි (බ)
මේවට තමයි කියන්නේ උසි ගැන්වීම් කියල. අග්නිදිග කියන එකේ තේරුම වත් නොදන්නා අයට මොන උපාධිද? ධනුෂ්ක මෙයාල ඉල්ලන්නේ වෙන විශ්ව විද්‍යාලයක් මිස පහසුකම් නොවේ..කෙලින්ම දාන්න යාපනේට. තල වට ගණන් කර කර ඉන්නකොට මතක් වේවි ඌව කොච්චර රමණීයයිද කියල. ආණ්ඩුවට කරන්න බැහැ කියල පෙන්නන්න කරන වැඩනේ. නඩු දාන්න ඕන පර හරස් කළානම්. දඩ ගහන්න ඕන උසාවියෙන් මීට පසු මෙවැනි දේ නොකරන්න. (බ)
අග්නි ගිනි ගනී ! (ම)
උපාධිය බාල්දු වෙන්නේ රටේ පොදු නීතියක් වත් නොදන්නා තමන්ගේ අන්ද බාල හැසිරීම් නිසා නේද ? රජයට ගෝරනාඩු දාලා මහා මග යන බදු ගෙවන ජනතාවට පාර අවහිර කලාම කාගේ තත්වයද බාල්දුවෙන්නේ ? (ර)
ධම්මික අග්නිදිග විශ්ව විද්‍යාලය තියෙන්නේ ඌවේ නෙවෙයි අම්පාර ඔළුවිල් වලයි. ඔළුවිල් වල තියෙන ප්‍රශ්න ගොඩයි.ඒවා නොදැන පළකරන අදහස් වලින් වැඩක් නෑ. හොදට හොයලා බලලා අදහස් දාන්න (බ)
ඔවුන් වෙනත් සරසවියකට යොමු කරන එක හොඳා. එත් ඉතින් විද්‍යා පීඨයටකට තමා හොඳ..... (ම)
ධම්මික මම අම්පාරේ මම දන්නවා මේක ගැන නිමේෂ් කියන කතාව ඇත්ත මෙතන ඇත්තටම ළමයින්ට අසාධාරනයක් වෙලා තියෙනවා මේ ළමය පුදුම අමාරුවක වැටිලා ඉන්නේ ධනුෂ්ක කරුණු නොදැන කතා කරන්න එපා (බ)
ධනුෂ්කත් හරි (නි)
වෝර්ඩ් ප්ලේස් වල තියන ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙන තැනකට ස්ථාන ගතකරන්න කාලේ හරි වගේ. (කෞ)
යහපලකයනි , රාජ්‍ය ඉංජිනේරු උපාධිය බාල්දු නොකරනු !!!!!!! (කෞ)
දනුෂ්ක , මිට කාලින්නේ ළමයි ඕකේ ඉගෙනගත්ත . මේගොල්ලෝ අහසිනේ පතේ වුනාද ?? (කෞ)
විශ්ව විද්‍යාලයෙන් තවම උපාධිය සම්පුර්න කරපු කවුරුත් නැති බව රටම දන්නවා. මොන ආණ්ඩුව කරත් මොන ආණ්ඩුව තිබ්බත් රජයේ විශ්ව විද්ද්යාලයක උපාධිය බාල්දු කිරීම අපි හෙළ දකිනවා. මේ ළමයි ඉල්ලන්නේ ඉගෙන ගන්න අවශ්‍ය දේවල් මිසක් වෙන මොකුත් නෙවේ. (කෞ)
ඉංජිනේරු පීටය මේ ලඟදි පාගන් ගත්තේ මේ ළමයන්ට දේශකයෝ නැ ළමයින්ගේ විරෝදය සාධාරනයි. විසදුම් දිය යුතුයි වහාම. දේශකයන් ලබා දිය යුතුයි. මොන විදිහට ගෙවීම කලත් ඔවුන් ඔලුවිල් යන්න කැමති නැ එහෙනම් ගුවන් මගින් ගෙන්විය යුතුයි. (කෞ)
මිට කලින් මේකේ ඉගෙන ගෙන උපාධිය සම්පුර්ණ කරපු එක ළමයෙක් හොයල දෙන්න පුලුවන්ද? අවශ්‍ය ආචාර්යවරු නොමැති කම නිසා ළමයි අමාරුවේ වැටිලා ඉන්නවා, මේ හැමෝම ඉහලින්ම උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් සමත් උන අය මේක කොච්චර අසාධාරන්යක් ද ? (කෞ)
මේකේ තියෙන්නේ එහෙම සිද්දියකට වඩා වෙන දෙයක්.. (කෞ)