අග්නිදිග විශ්ව විද්‍යාලයීය සිසුන්ට ඇති ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ සිසුහු සහ දෙමාපියෝ අද (23) කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණ එහි ගේට්ටු අවහිර කර ඇත.
අග්නිදිග විශ්ව විද්‍යාලයට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස හෝ නැතිනම් වෙනත් විශ්ව විද්‍යාලයකට තමන් මාරු කර දෙන ලෙස ඉල්ලමින් පසුගියදාද ඔවුහු වෝඩ් පෙදෙසේ මාර්ගය අවහිර කළහ.
අද රථවාහන ගමනාගමනයට බාධාවක් නැති අතර සිසුහු සහ දෙමව්පියෝ ප්‍රතිපාදන කොමිසමේ ඉදිරිපස හා පිටුපස ගේට්ටු කළු පටිවලින් බැඳ කිසිවකුට එහි ඇතුළුවීමට හෝ පිටවීමට නොදී රැකවල් ලා සිටිති.
උද්ඝෝෂණය පවතින අතරතුර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු සමග ශිෂ්‍ය නියෝජිතයයෝ පිරිසක් සාකච්ඡාවක් ඇරඹූහ.
1. පීඨයට අලුතින් දේශකවරුන් කිහිප දෙනෙකු ඇතුලත් කිරීම (වැඩිපුර දීමනා සමඟ)
2. පරීක්ෂණාගාර සදහා අලුත් උපකරණ ගෙන්වීමට ඇණවුම් ලබා දීම.
3. පුස්තකාල සඳහා පොත් ඇණවුම් කිරීම
යන ශිෂ්‍ය උද්ඝෝෂණයට හේතු වූ කරුණුද සාකච්ඡා විය.
විඩියෝ ඉෂාන් සංජිව









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! එහෙනම් දැන් සරසවි සිසුන්ගේ දෙමාපියන්ටත් මුළු රටේම උදවිය බයවෙමුකෝ. අපි මේගොල්ලන්ගේ ළමයින්ට ඉගෙනගන්න බදු ගෙවනවා මදිවාට ඔඩොක්කුවේ හරහට ගෙන නළවයි කියලාත් බලාපොරොත්තු වෙනවා වගේ. (නි)
වගකියයුතු නිලධාරීන්, දේශපාලඥයින් රටේ සල්ලි නාස්ති කරනවා. මේ වගේ පොඩි ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න මාස ගණන් කල්ගන්නවා. හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ලංකාවේ ඉහළින්ම උසස් පෙළ සමත් මෙම සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. (නි)
ළමයින්ගේ ඉගෙනීමේ ගැටළු විසඳාදීම බලධාරින්ගේ වගකීමක් (නි)
මොනතරම් ප්‍රශ්න තිබුනාද කියා දැන තමයි කාටත් තේරෙන්නේ. ඉස්සර කටක් අරින්න පුළුවන්කම තිබුනද? යහපාලනයට දීර්ඝායු ලැබේවා! (නි)
දැන් මේ රටේ උද්ගෝෂණ නොකළ එකම කොට්ටාශය මේ බදුගෙවන අපි ! මේක හරියන්නේ නැහැ . අපෙත් මව්පිය පාර්ශවය එකතු කරගෙන බහිමු පාරට ! (ස)
මේ විදියට නම් කමක් නැහැ. තමන්ට අසාධාරණයක් වෙනවා නම්, ඒකට විසඳුමක් හොයාගන්න ඕනෑ. හැබැයි පාරවල් අවහිර කරලා තමන් වගේම තවත් කොටසක් අසරණ කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. (නි)
ගිහාන්, මේ ළමයිනුත් දෙමව්පියොත් බදු ගෙවනවා, ඔයා විතරක් නෙමෙයි. මෙයාලගේ ඉල්ලීම සාධාරණයිනේ. ඉගෙනගන්න පහසුකම් නැත්නම් දේශකයෝ නැත්නම් කොහොමද මේ ළමයි ඉගෙනගන්නේ? ඒක මේ ළමයින්ගේ වැරැද්දක් නෙමෙයි නේද? (නි)
කසුන්, මේවා වැඩිහිටි හැසිරීම්ද? ළමයින්ගේ ප්‍රශ්න ආ ගමන් හැම දෙමාපියෙක්ම මෙහෙම හැසිරෙන්න පටන්ගත්තොත් මොකද වෙන්නේ? මේ හැසිරීම් අපිට නම් අනුමත කරන්න බැහැ. (නි)
මේ සිසුන් විතරක් නෙමෙයි දෙමව්පියනුත් හැසිරෙන්නේ රටම තමන්ගේ බුදලයක් විදියට. වෙනත් දියුණු රටවල මෙහෙම දේවල් තිබෙනවාද? (නි)
මේ ළමයින් රැකියාවක් කරන දවසටත් අම්මලාට කෑම එකයි, වතුර බෝතලෙයි අරගෙන ගිහින් කාර්යාලය ඉදිරිපිට වාඩිවෙලා ඉන්න වේවි. එතනත් ප්‍රශ්නයක් තිබුනොත් උද්ඝෝෂණ කරන්න පහසුයිනෙ. (නි)
හරියට බබාලා ටික පෙරපාසලට ඇතුළත් කළ පළමු දවසේ වගේ. මෙහෙමද වගකිවයුතු වැඩිහිටියන් ඊළඟට මව්පියන් වෙන්න ඉන්න උදවියට ආදර්ශයක් දෙන්නේ? (නි)
කොහොම ගියත් මොනවා කරත් මේ පහර වදින්නේ අපේ ළමයින්ට නේ එතන ඉගෙන ගන්න බැරිනම් ඒ ළමයින්ට කැමති තැන දෙන්ඩ ඕන එකතමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ (කෞ)
මේවා නම් සාධාරණ කරුණු. (නි)
මේ වැඩිපුර දීමනා කතාව පිටුපස නම් වෙන අය ඉන්න බව පැහැදිලියි.මෙයාලා බළල් අතක් වෙලා. අනික පුස්තකාල වලට පොත් ඇණවුම් කරන්නේ ඒ අදාළ සරසවිය. ඒක එහෙදිම විසඳගන්න ඕනෑ දෙයක්.උපකරණත් එහෙමමයි. කවුරුවත් බලෙන් මෙයලා මේ සරසවියට දාලා නැහැනේ. ඉල්ලලානේ ගිහිල්ලා තියෙන්නේ. (නි)
ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මොවුන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන ඒවා නිකරුනේ නාස්ති කරනවා කියලා. කට්ටිය එහෙම කියන්නේ එයාලා ගෙවන බදු රටේ දේවල් ගොඩනඟන්න යොදවන නිසානේ. නැතුව ඔය කියවන කවුරුත් මේ සරසවියේ එක නංගියෙකුට මල්ලියෙකුට පෑනක් ගන්න කියලා එක රුපියලක් දීලා තියනවද? එයාල ලියන්න ගන්න කොලේ ඉඳලා හැම රුපියලක්ම වියදම් කරනේ එයාලගේ අසරණ දෙමාපියෝ. (නි)
දහදුක් විඳලා දරුවෝ හදලා උගන්නලත් හරියට උපාධිය නැත්තම් දෙමව්පියෝ මොනවා කරන්නද? ඔබ හිතනවද වෙන වැඩක් නැතුව එයාලා ඇවිල්ලා ඔතන ඉන්නවා කියලා? ඔය ළමයි දෙමාපියෝ කියන්න ඕනෑ හැම විදිහටම කියලා බැරිම තැන ඇවිල්ලා ඇත්තේ. මෙයාලට උගන්වන්න ගෙවපු බදු වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවා. කවුද අන්තිමට රැවටුනේ? (නි)