අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය සුදුසු ස්ථානයක වහා පිහිටුවන්නැයි ද, ඉංජිනේරු උපාධිය බාල්දු නොකරන්නැයි ද ඉල්ලමින් අග්නිදිග ඉංජිනේරු සිසුහු අද කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)
අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය සුදුසු ස්ථානයක වහා පිහිටුවන්නැයි ද, ඉංජිනේරු උපාධිය බාල්දු නොකරන්නැයි ද ඉල්ලමින් අග්නිදිග ඉංජිනේරු සිසුහු අද කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපේ ඩිස්නිලන්ත්යටම යන්න ඕනෙද අපේ ළිඳ ළඟ උපසාකතුමා ඩිස්නිලන්තයට ගිය ෆොටෝ දාන්න? (බ)
මේගොල්ලන්ට විතරයි රටේ ප්‍රශ්න තියෙන්නේ. අනිත් මිනිස්සු ඉපදිලා ඉන්නේ මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න. බදු ගෙවන ජනතාවත් මෙහෙම පාරට බැහැලා පිස්සු නැටුවොත් මොකද මේ රටට වෙන්නේ ? (ර)
ගිහාන් මහත්තයෝ, බදු ගෙවන ජනතාවත් මෙහෙම පාරට බැහැලා පිස්සු නැටුවොත් රජයට ඕනෑ ඕනෑ විදිහට නටන්න බැරිවෙනවා (නි)
යහපාලනය නිසා ඔක්කොම දැන් සද්ද දානවා. (නි)
මේ සිසු ප්‍රශ්න කවදා විසඳේවිද? (නි)
ගොඩගේ මහත්තයෝ නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද .ළමයින්ගේ ඉල්ලීම සාධාරණයි (බ)
මෙතන ගොඩක් දෙනෙක් විවිධ අදහස් දක්වලා තියනවා. ඒ වගේම කියල තියනවා පාරට බැස්ස එක වැරදි කියලත්. ඒ අය දන් නෑ අද ඔය විදිහට පාරට බහින්ට වුනෙ ඇයි කියලා. මෙතන ඉන්න ගොඩක් අය අඩු පහසුකම් තියන දිස්ත්‍රික්ක වල ලමයි. අවම පහසුකමක් වත් නැති පාසල් වලින් ඉගෙන්ගෙන. එහෙම කරලත් ඉංජිනේරුවෙක් වෙන්ට කියල කැම්පස් අාවම තමන්ගෙ උපාධිය වත් නොලැබෙන තත්වෙක්ට පත් වුනාම එයාලට කොයි වගේ කලකිරීමටක් ඇති වෙන්වද. (බ)
මේක සුලුවට තකන්න හොද නෑ.මේ ඉංජිනේරු සිසුන්ව.රටේ අනාගතේ. ප්‍රයිවට් කැම්පස් වලට අද හුගක් පහසුකම් තියනව.ඒත් රජයේ කැම්පස් වලට තමා දක්ෂයො යන්නෙ.එයාලට හොඳ විසදුමක් දෙන්න ඕන.මෙවට දේශපාලනේ ගාවගෙන බෑ.විශේෂයෙන් ඉංජිනේරු පරිසරේ තියෙන්නෙ නාගරික පසුබිමක.මාධ්‍ය මේ වගෙ වැදගත් ප්‍රශ්න වලට දැඩිව මැදිහත් විය යුතුයි (බ)
අනේ පව් (බ)
කිසිම කෙනෙකුගෙ උපාධියක් හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් බාල්දු කරන්න තව කෙනෙකුට බෑ. මේ විදිහට පාරෙ කෑගහල එක එකා ගෙ අතකොළු වෙන්න එපා. (බ)
සිසුන්ගේ මෙමෙ ගැටලුව ඉතා සාධාරණ බව පෙනීයනවා. කිසිදු ආචාර්යවරයෙකු එම ප්‍රදේශයට ගොස් සිටීමට කැමති නැහැ කොපමණ මුදලක් ලබා දුන්නත්. මෙයට හොඳම විසඳුම මෙම සිසුන් දැනට ස්ථාවරව පවතින ඉංජිනේරු පීඨ තුනට අන්යුක්ත කර උපාධිය සාර්ථකව නිමකිරීමට අවස්ථාව සළසාදීමයි. (නි)
සිසුන්ගේ ප්‍රශ්නය කුමක්ද කියලා සොයා බැලිය යුතු වේ. (ර)
තම තමන්ගෙ පටු ආකල්ප මුදුන්පත් කරගන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. රත්නායක හරියටම හරි. එතන හැබැයි තවත් ගැටලුවක් තිබෙනවා. දැනට අග්නිදිග ඇතුලුව ඉංජිනේරු පීඨ සඳහා තෝරාගන්න පිරිසෙන් අග්නිදිග ඉංජිනේරු පීඨයේ ධාරිතාව අඩුකොට මීළඟ වසරේ සිට තෝරාගැනීමට බලධාරීන් පෙළඹිය හැකියි. එය කප්පාදුවක් ලෙස කීම අසාධාරණ නොවේ. (නි)
පොලිසියෙන් ඉල්ලගෙන කෑවට මොකද පස්සේ ගානක් කපාගන්න පුළුවන්නේ. (ර)