අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත.
දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන පුද්ගලයෙකුට වෙඩි තැබීමට සොයා යැමේ දී ඔහු ඉදිරියට හමු වී ඇත. එහිදී එම පුද්ගලයා යතුරු පැදිය පෙරලා දෙදෙනාට පහර දී තමාට වෙඩි තැබීමට ගෙන ආ ගිනි අවියෙන්ම ඔවුන්ට වෙඩි තබා ඇත.
පුද්ගලයන් දෙදෙනා ජීවිතෂයට පත්ව ඇත. සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. ගිනි අවිය පොලීසිය බාරයේ ඇති අතර සැකකරු සොයා පොලිසි මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ චණ්ඩියෙක් වගෙයි (නි)
මෙය විත්තිකරු විසින් ගෙතුව කතාවක් විය හැකි. ඔහු විසින්ම තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කර නීතියෙන් ගැලවීමට යෙදුව උපායක් විය හැකි. නඩු විභාගයේදී පවසාවි "ආත්මාරක්ෂාවට තුවක්කුව උදුරාගෙන වෙඩි තැබූ බව. (බ)
හරියට හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ. (නි)
මොහු නම් සැබෑම දක්ෂයෙක් වගෙයි (නි)
ලංකාවත් දැන් මෙක්සිකෝව වගේ (බ)
මදැයි දෙන්නෙක් එක්ක ගිහින් කරගත්ත දේ? (නි)
හරියටම පරණ චිත්‍රපට ජවනිකාවක් වගේනේ. (නි)
නියම කොල්ලෙක්නේ බලාගෙන යනකොට (නි)
ටී56 වැනි ගිනි අවි සාමාන්‍ය ජනතාව අතට පත්වෙන ආකාරය පිළිබඳ සොයාබැලිය යුතුය (නි)
මේ වගේ රම්බෝ වැඩ දාන්නේ, හමුදාවෙන් පැනගිය කෙනෙක්වද්ද මෙයා? (නි)
පදක්කමක් දීමට තරම් දක්ෂ මෙම සැකකරු ක්ෂණික විහිදුම් බලකායට බඳවා ගැනීමට තරම් සුදුසු පුද්ගලයෙකි (නි)
පැනගියාට පසුව බාරවේවි. මාස තුන හතරකින් ඇප ලැබී නිදහස් වේවි. ලංකාවේ දැනට ක්‍රියාත්මක නීතිය ඕකනේ.හැමදාම මිනිස්සු මරාගන්නවා. යහපාලන රජයෙනුත් නීතිය ස්ථාපිත කර නැහැ. (නි)
හැමදාම අහන්න ලැබිලා දැන් මේවා සුපුරුදු ප්‍රවෘත්ති වෙලා (නි)
කුමාර, මේ මනුස්සයා මේ නඩුවෙනුත් නිදහස් වේවි. හේතුව ඒ මනුස්සයා වෙඩිතිබ්බේ ආත්ම ආරක්ෂාවට. කවුරුන් හෝ මේ සිද්ධිය දැක ශාක්ෂි තියනවා නම් මේ මනුස්සයාට පැනලා යන්න කිසිම හේතුවක් නැහැ . බාරවෙන එක තමයි හොඳම වැඩේ (නි)
මරණයට ඇති බිය සහ ආත්මාරක්ෂාව, පළිගැනීමේ චේතනාව සහ පළිගැනීම... නමුත් ඔහු නිර්භීත අති දක්ෂයෙක් (නි)
දැන් හැමකෙනා අතේම ගිනි අවිනේ. ලංකාවට මොකද මේ වෙන්නේ? (නි)
මේ මනුස්සයාට සම්මානයක් පුදන්න ඕනෑ කළ වැඩේට. වෙන කෙනෙකුට නම් දෙන්නෙක් තුවක්කුවක් අරගෙන මරන්න එනකොට මොනවා වෙයිද? (නි)