(යොහාන් භාසුර)

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් පහර දීම හේතුවෙන් මියගිය බවට එල්ල වන චෝදනාව හේතුවෙන් මෙම විමර්ෂණය ආරම්භ කරන බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.