‘ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටින හිටපු ජනාධිපතිට අපි අභියෝග කරනවා පුළුවන්නම් උදේම පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරලා හවස් වෙනකං පාර්ලිමේන්තුවේ ඉඳලා ඡන්දය පාචිච්චි කරලා යන්න කියලා. තමන්ගේ නිරුවත වහගන්න විශ්වාසභංග ගෙනඒමේ තේරුමක් නැහැ. බය නැතුව ඇවිල්ලා මේවාට මුහුණ දෙන්න කියලා අපි කියනවා.’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති හමුවකදී පැවසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.