‘ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටින හිටපු ජනාධිපතිට අපි අභියෝග කරනවා පුළුවන්නම් උදේම පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරලා හවස් වෙනකං පාර්ලිමේන්තුවේ ඉඳලා ඡන්දය පාචිච්චි කරලා යන්න කියලා. තමන්ගේ නිරුවත වහගන්න විශ්වාසභංග ගෙනඒමේ තේරුමක් නැහැ. බය නැතුව ඇවිල්ලා මේවාට මුහුණ දෙන්න කියලා අපි කියනවා.’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට යහපාලන ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ ,අපේ විශ්වාසය බංගවෙලා ඉවරයි ,මේ ආණ්ඩුවේ ඇමතිලා .මහින්දට බනිනවා මිස රටට කරපු සෙතක් නැහැ,. ඔය කයිවාරු ගහන ඇමති තුමෝ.. ඔබතුමා ලංකාවේ පාසල්වල පුස්තකාලවලට පොත් කියක් දුන්නද? දුෂ්කර පාසල්වල ,ගුරුවරුන්ගේ හිගය ගැන හෙව්වද, නැනේ (බ)
කතාව ඇත්ත මහින්ද. රට බාරදෙනකොට හැම ආයතනයක්ම හිස්. ගොඩක් ෆයිල්. අතුරුදහන් මහා බැංකුව. නමට. මුදල්. වෙනුවට බිල්පත් (බ)
ඔය බය නැති කම නිසා වෙන්න ඇති ඊයෙ මයික් ටික "ඉබේම" ක්‍රියා විරහිත වුණේ (බ)
යහපාලකයින් තේරුම් ගෙන ඇති සත්‍යය නම් බොරුවෙන්ම ජනයා රවටා බලයට ආවා මෙන්ම බොරුවෙන්ම හැමදා ජනතාව රවටමින් සැප විඳිය හැකි බවයි - මේක තමයි ඇත්ත. ජනතාවට සංවර්ධනය හෝ, මංමාවත් හෝ, වරායවල් ගුවන්තොටවල් හෝ, ලස්සන නගර හෝ, විදුලි බලාගාර ආදියෙන් වැඩක් නැත - අපේ වැනි රටක ඒවා හදා තේරුමකුත් නැත.(බ)
නිකන් නරිවාදන් නොදොඩා තමන්ගේ අමාත්‍ය මණ්ඩලේ දිහා බලන්න. බලන්න මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වුන කීදෙනෙක් අද ඇමතිලා වෙලා ඉන්නවද කියල පිනට, බලන්න එයාල වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියල රටේ මිනිස්සුන්ගේ සල්ලි. (බ)
පිරුණු කලේ දිය නොසැලේ (බ)
හැම බැරුවාවක්ම වහගන්න කියන්න තියෙන්නේ මහින්ද මහින්ද මහින්ද මහින්ද! මහින්දත් ඔහොම චන්ද්‍රිකා චන්ද්‍රිකා නැත්නම් රනිල්ර නිල් කියා කියා හිටියනම් අද රට කොහොමට තියේවිද? නිකමට හිතල බලන්න. නිකමට රට 2006ට කලින් තිබුන විදිය හිතල බලන්න. රට 2015 තිබුන විදියත් 2020 වෙනකොට තියන විදියත් අතර මොන වෙනසක් තියේවිද කියා හිත බලන්න (බ)
මොනවා උනත් මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. (ර)
කතාව සැර වැඩිද මන්දා? (නි)
ඒ මිනිසුන්ගේ ජනතා විශ්වාසය කඩවෙලා නෑ ඡන්දෙනුත් පැරදිලා,පාර්ලිමේන්තු ආසනයක්වත් නැතුව ජනතා විශ්වාසය කැඩුණු පිරිසක් පස්ස දොරින් පාර්ලිමේන්තුවට අරන් ඉන්නේ ඔබලාමනේ. (බ)
හොරා කරපු දේවල් වලින් එක දශමෙක දේවල් මුන් කරලා තියනවද? එනවා මෙතන මහින්දට බනින්න. මහින්දගෙ එක කෙස් ගහක් තරම් වත් වටින් නැහැ. (බ)
අනේ මහත්තයෝ මොනවද මේ ලොකු කතා? (නි)
මහින්දගේ නිරුවත කෙසේවෙතත් සමහර අනෙක් දේශපාලකයන්ගේ නිරුවත මුළු රටටම පෙනිලා ඉවරයි (නි)
මීයෙක්, සිංහයෙකුට අභියෝග කළාද? (බ)
මහින්දගේ මයිල් ගහක් තරම් වටිනා කෙනෙක් ද මේ (බ)
නොදන්නාකමට කියන දේවල් ගණන් ගන්න එපා (නි)
මෙහෙම අය කියන ඒවාට උත්තර දෙන්නවත් අපිට හෝ මහින්ද මහත්මයාට උවමනාවක් නැහැ. කටමැත දොඩවන්න එපා (නි)
රත්නසිරි, මහින්දගේ රෝම කූපයත් අපිට වටිනවා. (නි)
අනේ අපි මොකටද මේවට උත්තර දීලා? (නි)
මහින්දට අභියෝග කරන්න පුලුවන් කාටද? (නි)
අලුත් ආණ්ඩුව කරන කියන දේවල් අපි හොඳට දන්නවා. ඇමති මණ්ඩලය 30 කිව්වා. අද 92 ට ගිහින්. බඩු මිල අඩුකරනවා කිව්වා. තිබුණටත් වැඩිය වැඩිවෙලා. පොහොර නැතුව ගොවියෝ ගොවිකම අතහැරලා. ගහන්න ඕනෑ බදු ඔක්කොම ගහලා. හැම වෙලාවේම මහින්ද මහින්ද... දැන් ඕවා අහල එපාවෙලා. ජනතාව දන්නවා ඇත්ත (නි)
මහින්ද....මහින්ද.... මහින්ද... හැමදේටම මහින්ද (නි)
ඔබතුමාට ඉගෙනගන්න තව හුඟක් දේවල් තියෙනවා (නි)
බලය නැති ඔබතුමාලා ඉස්සරහ අපි ඉන්නකොට අපි ඇඳුම් අැඳලා ඉන්නවා කියලා පේනවනේ. නමුත් බලය කියන කණ්ණාඩිය දාගත්තහම අපිව පෙනෙන්නේ ඇඳුම් නැති වනචාරින් වගේ. බලයට එන හැම දේශපාලකයෙක්ම අපි ඇඳගෙන ඉන්නවට උඩින් අන්දන්න හදනවා. ඇඳගත්ත අය ටික කාලෙකින් ගළවනවා. කාලයක් යද්දී ආයේ අමතක වෙනවා. (නි)
මහින්දගෙන් තොර ලෝකයක් සිතාගන්නට බැහැ. යහපාලනේ තේමා ගීතය ඕක තමයි. (නි)
අනේ ඉතින් ඔයාලා මොනවද මිනිසුන්ට කළේ? (නි)
මහින්ද....මහින්ද...මහින්ද... බාලගිරි දෝෂයද මන්දා මේ ආණ්ඩුවට.... (නි)
අනේ අපේ රටට කාගේ පිහිටක්ද? (නි)
දැන් මහින්ද අභියෝගය බාරගනීද? (නි)
මහින්ද කියන්නේ ශක්තිමත් යුග පුරුෂයෙක් මහත්තයෝ (නි)
මහින්ද හොරා කාපු කාලෙත් රටේ ජනතාව හොඳින් හිටියා බඩකට පිරෙන්න කාලා, ජැන්ඩියට ඇඳලා, ත්‍රීවීල් එකක, කාර් එකක ගිහිල්ලා... බොරු නම් කුලියාපිටියෙ මිනිසුන්ගෙන් අහලා බලන්න. (නි)
මේ අපේ ලංකාවේ අධ්‍යපන අැමතිද? (නි)
මහින්ද කියන්නේ මේ රටේ තිබුන ලොකුම අභියෝගයත් ජයගත් කෙනෙක් (නි)
මහින්දගේ වරදක් අපි දැක්කේ නැහැ. එයා හැමදාම අපේ 'අප්පච්චි'. (නි)
මහින්ද නෙමෙයි කොයි කෙනත් ජනතා ඡන්දෙට යටයි කියන එක රටේ ජනතාව ජනවාරි 8 පෙන්නුවා (නි)
කතා කරනකොට ඉහ නිකට බලලා කතාකරන්න කියලා අපේ කතාවක් තියෙනවා නේද? කතාව ඇත්ත වුණාට මහින්ද වගේ ජ්‍යෙෂ්ඨයෙක්ම ඕක කිව්වා නම් හොඳයි (නි)
ඔහු වෙනුවෙන් පෙනීසිටින්න අය තවත් ඉන්නවනේ (නි)
හැමදාම මහින්දට බැනලා තමන්ට පවතින්න බැහැ කියලා තේරෙන්නේ නැති හැටි (නි)
හැමදාම ඉතින් මෙයාලට මහින්දට තමයි (නි)
මහින්දට අභියෝග කරන්න? (නි)
මෙයා කියන්නේ ඇත්ත තමයි. මහින්ද පන්සල් ගානේ මුදල් ඇමතිට බනින්න ඕනෑ නැහැ. තමන් කියන දේ හරි නම් බය නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක දවසක් හරි කතාකරලා, විරුද්ධව ඡන්දෙ දෙන්න කියන එක මම නම් හිතන්නේ වැරදි දෙයක් නෙමෙයි. (නි)
මහින්දට අභියෝග කිරීමට සිටින්නේ කවුද? (නි)
මෙයාලා හීනෙන් දකින්නෙත් මහින්ද. හැමදාම මහින්දට බැනලා මේ ආණ්ඩුවේ වැරදි වහගන්න හැමදාම බැහැ. ඔහොම යමුකො (නි)
ඔබතුමලාගේ නිරුවත මුළු රටටම පේනවා. ඡන්දය කල්දාලා යන්තම් පොඩි අමුඩ ලේන්සුවකින් වහගෙන ඉන්නේ. අනේ හැබෑටම පක්ෂයකට ගිය කලක්. (නි)
පක්ෂ පාට පැත්තකට තියලා බැලුවොත් මට නම් ගැටළුවක් මහින්ද මහත්තයා මොකද මේ එළියේ කතා දාලා, පාර්ලිමේතුවේ විශේෂ විවාද මඟහරින්නේ? ඡන්ද පවත්වනකොට මඟහරින්නේ. දැන් මේ කියන දෝෂාභියෝගයට මහින්ද මහතා, විමල්, නාමල් අත්සන් නොකර බොරුවට එළියේ කතා පවත්වන්නේ මොකද? හැමදාම වගේ මේ විවාදෙටත් නැත්තේ මොකෝ? (නි)
තමන් පැමිණි තැන මතක නැතුව දැන් කෑගහනවා (නි)
මේ කවුද මහින්දට අභියෝග කරන්නේ? කරලා තියෙන දේවල් බලන්න මුලින්ම. අවුරුදු 1 1/2ට මොකද කළේ? (නි)
මහින්දගේ නිරුවත කෙසේවෙතත් ඔයාලගෙ නිරුවත නම් දැන් හොඳට පේනවා (නි)
කාටවත් අභියෝග කරන්න එපා. තමන්ට දුන් වැඩේ හරියට කරන්න. ඔබගේ ඡන්ද නැවත ගන්න වැඩ කරන්න. ලකුණු දාගන්න කයිවාරු ගහන්න එපා. (නි)
අනේ අපිට නම් ලැජ්ජයි මේවා ඇහෙනකොට (නි)
යහපාලනය ඉදිරියට ගෙනයාමට මහින්ද ලොකු අභියෝගයක් තමයි (නි)
කයිවාරු විතරයි. හැමදාමත් ඕකමයි දැන් අවුරුදු දෙකක් වෙලත්. ඕගොල්ලෝ මොනවද කරන්නේ? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
බලමු මහින්ද දක්වන ප්‍රතිචාරය (නි)
මහින්ද ගැන කියව කියව ඉදල වැඩක් නෑ ජනතාව මේ ආණ්ඩුව පත් කරලා ඉවර යි. දැන් ප්‍රයෝගිකව පෙන්වන්න කරලා සහ කරන්න යන වැඩ කොටස, ඉදිරි සැලසුම් මොනාද , ජනතවගේ බදු බර අඩු කරන්නේ කොහොමද , මේවා කතා කරන්න . මහින්ද යි එයාගේ ගෝලයෝ ටික යි රට ඉල්ලන්නේ අපිට ආදරේට නෙවි කියල මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි (බ)