සියඹලාපේ ගලහිටියාවේ අංක 83/4 පී දරණ නිවසේ පදිංචි ඩබ්ලිව් එම් සුලලිත මහතාගේ හා එල් සමන්ති පීරිස් මහත්මියගේ පුත් ඩබ්ලිව් . එම්. අසිත ගිම්හාන් (10) දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර ඉක්මන් ශල්‍යකර්මයක් මගින් අක්මාවක් බද්ද කිරීම වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
අසනීප තත්ත්වය නිසා මාසය හයක පමණ සිට දරුවාගේ පාසල් ගමනද නැවතී තිබේ.
දරුවාට අවශ්‍ය අක්මා කොටසක් ලබා දෙන්නේ දරුවාගේ මව වන අතර දරුවාටත්, මවටත් ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට නියමිතය.
දරුවාගේ සැත්කමට පමණක් රුපියල් දස ලක්ෂයක් වැය වන බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඒ සඳහා වැය වන මුදල් සොයා ගැනීමට අපහසු බැවින් ඊට ආධාර පතයි.
දුරකථන - 072 47 66 550 / 077 16 55 259
මහජන බැංකුවේ මල්වාන ශාඛාවේ ගිණුම - 191-2-003-9-4205240
ගිණුම ඇත්තේ මවගේ නමිනි. (එල් සමන්ති පීරිස්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස ලක්ෂයකට වඩා ලංකාදීප පාඨකයන් ඉන්න රටක මෙම සත්කාරය කරන්නට වෙන කිසිවෙකුත් අවශ්‍යවන්නේ නැත. මමද මෙම පොඩ්ඩව බේරගන්නා සත්කාර වැඩපිළිවෙලට දායකවෙමි. අපි සියළු දෙනාම ඉක්මන්වෙමු. අපට අවශ්‍යවන්නේ මේ පුතාගේ මුහුණේ සිනහව දකින්නත් ඉන්පසුව ඔහු පාසැලට යෑම දකින්නත්ය. (අ)
මේ වගේ දේට අදහස් ලියන්නවත් කෙනෙක් නැහැ .., හරි පුදුමයි...!! පොඩි පුතුට ඉක්මනට සනීප වේවි , පින්වත් සැමගේ නොමසුරු අදාරය ලබා දී මේ මල් කැකුළ යලි පුබුදු කරමු.., සෑම සිත් මේ පිනට යොමු වේවා....!!! (අ)
පව් අපි උදව් කරමු.(නදී)
හැකි අයුරින් මේ දරුවට පිහිට වෙමු.(නදී)
මේ රටේ කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන දේශපාලඥයෙකුට බැරිද මේ දරුවට පිහිටවෙන්න.(නදී)
පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා.(නදී)
ජනාධිපති අරමුදල තිබෙන්නේ මැති ඇමති වරුන්ට පමණද?මම දැක්කා පුවත් පතක ඔවුන්ගේ රෝහල් ගාස්තු මිලියන් ගණන් ගෙවලා තිබුණු ආකාරය ...ඔවුන් රටේ සාරය උරාගෙන බොනවා මදිවට උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් සිංගප්පුරුවට යවලා මිලියන් ගණන් ජනාධිපති අරමුදලේ තිබෙන අපේ සල්ලි ලබා දෙනවා.(නදී)
මෙම දැන්වීම තව කෙනෙකුගේ ආදාවම් මාර්ගයක් කරගන්න ඉඩ දෙන්න එපා.(නදී)
ඔන්න පිනක් කරගන්නවානම් වෙලාව (දී)
මට තියෙන ගැටලුව නොමිලේ සියලුම සෞක්‍ය පහසුකම් රජය ලබාදෙනවයි කියන රටක මේ වගේ සැත්කමකට දසලක්ෂයක් වියදම් වෙන්නේ කොහොමද කියන එකයි.(නදී)
කරුණාකර සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා ගිණුම් අංකය සදහන් කලොත් අපටත් යම් පමණකින් සහයෝගයක් දිය හැක. (නදී)