‘බෝම්බයක් නැත්තන් අකුණක් ගහනවා වගේ මහ වගේ හඩක් ඇහුණා.ඒ සමඟම මම ආසනයේ උඩුබෙළි අතට වුටුණා.’යැයි පොල්ගහවෙළ ලංකාදීප මාධ්‍යවේදී ජේ ඒ විජේසිංහ කියයි.
ඔහු දැයට කිරුළේ දුම්රියෙන් පොල්ගහවෙල සිට වව්නියාවේ යම්න් සිටියේය .‘
අද උදේ දුම්රිය පරක්කු වුණා යාල් දේවීයේ යන්නයි මා ආවේ .එය වේයන්ගොඩදී කැඩිලා. උදේ අටට පොල්ගහවෙල ට එන්න ඕනෑ දුම්රිය ආවේ 8.20 ට.ඒ ආවේ දැයට කිරුළයි.
පොතුහැර හරියේදී අප සිටි දුම්රිය දෙපැත්තට පැද්දුණා.ඒ දුම්රිය වෙනදා යන්නෙත් හරි වේගයෙන් .මාත් හිතුවා ඉක්මනට වව්නියා යන්න පුළුවන් වෙයි කියලා.උඩුබෙළි අතට වුටුණු මාගේ දණ හිස පොඩ්ඩක් සීරුණා. වෙන අමාරුවක් නෑ.මා මෙන් තවත් අය වැටී සිටියාතමම නැගිට්ටා.වට පිට බැලුවා.අපි ආ දුම්රිය තවත් දුම්රියක හැප්පිලා.බිම වැටුණු පුංචි ළමයින් කිහිප දෙනකු නැගිට වීමට උදව් කළා.මට වුණේ කුමක්දැයි හිතා ගන්නත් බැරි වුණා.පියවි තත්ත්වය එන්න ටික වේලාවක් ගත වුණා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඉන්දියාවෙන් බඩු ගන්නේ? ඉන්දියාවේ කෝච්චි හොඳ ඉන්දියාවට. (නි)
අවධානයෙන් තොරව දුම්රිය ධාවනයේ අනිසි විපාකයකි. (ස)
ජයන්ත, මේක දුම්රිය ධාවනයේ වැරද්දක් නෙවේ. පාලක මැදිරියේ වැරද්දක්. (ස)
මේ විපතට ලක්වූ සියලු දෙනාටම ඉක්මන් සුව. (ස)
දැන් ඉතින් වැරැද්ද කරපු කෙනෙක් නැති වෙවී ... අන්තිමට කෝච්චියේ ගිය අය වැරදි වේවී.. සියලු දෙනාටම ඉක්මන් සුව.. (දී)
ඇති ඔයින් බේරුනා ජීවිත හානි වෙන්නේ නැතුව සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබෙවා..... (දී)
අනේ මන්දා අපේ රටට මේ මොනවද වෙන්නෙ කියල. හැමදාම අනතුරු. විපතට පත් සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. (ස)
යුද්ධයක්, සුනාමියක්, ගං වතුරක්, නාය යෑමක්, බෝම්බයක්, හදිසි අනතුරක් වැනි කුමක් හෝ දෙයකින් ජීවිත විශාල ගණනක් අහිමි වීම ලංකාවේ කලක සිට දකින්න ලැබෙන දෙයක්. හදිසි අනතුරුවලින් මේ මාසයේ ජීවිත කීයක් විනාශ වුණාද? වාසනාවට මේ අනතුරෙන් ජීවිත අහිමි නොවුණෙ. (ස)
කොහොමද මෙහෙම උනේ ? "උඩුබෙළි අතට වුටුණු මාගේ දණ හිස පොඩ්ඩක් සීරුණා. " (දී)
කොච්චි ගැන අමුතු කතා අහන්න ලැබුනා පහුගිය කාලේ රියදුරන් නැතුව කොච්චි ගියා (දී)
අයියෝ ප්‍රියා, උඩුබැලි අතට මනුස්සයාගේ දනිහ කොහේ හරි වදින්න ඇති අනේ... ඔයාට ඕකවත් තේරෙන් නැද්ද? සැමට ඉක්මන් සුව ! (ස)