ආණ්ඩු කිහිපයකින් ම අතපසු කැරුණු රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදා හැරීම මහින්ද රාජපක්ෂ ජනපති අතින් මහඔය කුරුඳුවින්නේදී අද පස්වරුවේ සිදුවිය. ඉතාමත්ම නොදියුණු පෙදෙසක් වූ මුංදෙනි මිටියාවතේ කුරුඳුවින්න අවට ගම්වල වැඩි දෙනා හේන් ගොවියෝ වූහ.
මාසයකට රුපියල් 1000 ක් උපයාගත නොහැකි තරමට ඔවුහු පත්ව සිටියහ. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීමත් සමග ගොවි පවුල් දෙදහසකට සෘජුව ද තවත් පවුල් 23,000 වක්‍රව ද ප්‍රතිලාභ ලැබෙන මෙම ජලාශය යටතේ අක්කර 3500 ක් කුඹුරු ද අක්කර 1200 ක ගොඩ ඉඩම් ද වගා කිරීමට නියමිතය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකැරුණු මෙහි වියදම රුපියල් කෝටි 397 ක් විය. රඹකැන් ඔය හරස්කැර අඩි 3600 ක් දිග අඩි 81 උසට නිර්මාණය කළ ජලාශයේ ධාරිතාව අක්කර අඩි 45500 කි.
සද්ධාතිස්ස රජ සමයේ මේ ප්‍රදේශ සශ්‍රීකව පැවති බව ඉතිහාසය කියයි.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු භද්‍රා කමලදාස මහත්මිය මේ යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ මෙහෙයෙව්වාය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කාර් රේස් තියන්න සල්ලි විසිකරනවට වඩා මේවා තමයි කරන්න ඕන දේවල්. චන්දි ඔයා හිතන විදිය හොඳයි එත්, ගමක මිනිස්සුන්ට මෙහෙම උත්සවයක්වත් දකින්න දෙන්න ඕනා. රටට ජය පතමි. (නදී)
මගේ ප්‍රාර්ථනයත් ඒකමයි සදරුවන්.මට නැතත් මගේ රටේ ඉන්න අපේ අයට හොද අනාගතයක් තියෙන්ට ඕනෑ. (දී)
උතුරේ ජනතාවටත් සතුටු වෙන පුළුවන් විදියේ මොනවාහරි කරනවා නම් ඒ මිනිස්සු කවදාවත් ජයලලිතලාගේ පැත්ත ගන්නෙ නැතිබව මට විශ්වාසයි. ඒක නිසා ඒ මිනිසුන් ගැනත් අපි හොයා බැලිය යුතුයි (නි)
ෆොටෝ දකින විට සතුටේ බැරුවා. රටේ නීතිය දුෂණය දකිනකොට නම් කේන්ති යනවා.(නදී)
තව නොබෝ කලකින් කෘෂි කර්මාන්තය තමයි හොඳම ආදායම් මාර්ගය වෙන්නේ. මිනිස්සු පරිසරය විනාස කරගෙන යන විදිහට ඉදිරියේදී කන්න දෙයක් නැති වෙනවා. දැන් මම අපි ඒකට ලැස්ති වෙන එකනම් හොඳයි ජනපති තුමනි. හැබැයි ඊට කලින් ඔය ඔබ තුමා වටේ ඉන්න කැලා පාලුවොයි අපරාධ කාරයොයි ටිකට දඬුවම් කරලා ඉන්න. නැතිනම් අසුබ අනාගතයක් තමයි අපි හැමටම දකින්න වෙන්නේ.(නදී)
දුසිම් ගනන් ඇමති මණ්ඩල හිටියත් එයාලා කරන බොහොමයක් දේවල් අසාර්ථකයි. රටේ මුදල් කාබාසිනියා කරනවා විතරයි වෙන්නේ. අපිට හැගෙන ආකාරයට නම් රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබතුමා පමණයි. චිරන් ජයතු! (නි)
මී රටේ මිනිස්සු හොයන්නේ ඇමතිවරු ,ලොකු ලොක්කෝ කියක් කොමිස් ගැහුවද, කැසිනෝ කියක් පටන් ගතද කියල විතරයි, මී හොඳ වැඩ ගැන වැඩි සද්දයක් නෑ ,මින්හෙක්ව මැරුවොත් ,ගස් බැන්දොත්, තමයි බොහෝ අයගේ ප්‍රතිචාර. අයි මේ වගේ සවර්දන වැඩ ගැන කතා නොකරන්නේ. (දී)
රඹ කැන් ඔයෙන් රන් දිය කැන් (දී)
මට සන්තෝසයි (දී)
ජනපති තුමනි, මේ සංවර්දනය උතුරු පළාතටත් ගෙනියන්ඩ. ගුවන් තොටුපොළ හදන්ඩ තුබුණේ උතුරු නැගෙනහිරයි. උතුර ආර්ථික වශයෙන් දියුණු කලොත් මේ ප්‍රශ්නය විසදිය හැකියි.(නදී)
මේ ගමන්ම ප්‍රදේශයට අවශ්‍ය විදුලිය සපයා දීම සඳහා කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරයක් ද ඉදිකලා නම් තමා වටින්නේ. (දී)
මෙහි වියදම රුපියල් කෝටි 397 ක්.... කෝටි 397 ක් කියන්නේ ස්වල්ප ගාණක්ද? (දී)
නොරොච්චෝලේ විදුලි බලාබාරය හදලා මහජන අයිතියට පත් කරනකොට කිව්වේ දැන් ඉතින් ඉන්දියාවට වුනත් විදුලිය දෙන්න පුළුවන් කියලනේ.හදපු දවසේ ඉදලා දැන් කී වාරයක් කැඩුනද? මේ ව්‍යාපෘතිය ගැන නම් එහෙම දේවල් අහන්න ලැබෙන්න එපා කියලා පතනවා (දී)
මනෝජ් - සාජා.රටේ ඉන්න අපේ අයට හොද අනාගතයක් හදලයි තියෙන්නේ. ගිහින්ම බලා ගන්නකො.(අ)
බන්දුල-කටාර්, හීනෙන්වත් බය වෙලාද නැගිට්ටේ? (දී)
රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබතුමා පමණයි. චිරන් ජයතු ජනපතිතුමනි.රටේ අනාගතයට කරලා තියෙන සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. (දී)
සුබ අනාගතයක් රජ තුමනි (අ)
දැන් අපි යන්නේ අදි වේගේ. ගුවන්තොටුපොළ 2 යි. සමහරු බොරුවට බනිනවා. පළාත් ඡන්දෙදි 80% ආණ්ඩුවට ෂුවර්.(නදී)
මේවා කරනවා වගේම රටේ වල් වැදිලා තියෙන නිතිය ගැනත් සොයලා බලන්න ජනපති තුමනි. අපිත් දැන්නම් ඔබ තුමාගේ රජය ගෙන කලකිරිලා ඉන්නේ.(නදී)
ගොඩක් සතූටූයි! අති ගරු ජනාධිපති තූමනි, අප ඔබ සමගයි.(නදී)
රට බේරාගත් එකත් හොඳයි. රට සංවර්ධනය කරන එකත් හොඳයි. හැබැයි ඉන්දියාව ඉදිරියේ දන ගහලා 13 දීලා රට ඉන්දියාවට පාවාදෙන එකනම් හොඳ නෑ.(නදී)
දුසිම් ගනන් ඇමති මණ්ඩල හිටියත් එයාලා කරන බොහොමයක් දේවල් අසාර්ථකයි. රටේ මුදල් කාබාසිනියා කරනවා විතරයි වෙන්නේ. අපිට හැගෙන ආකාරයට නම් රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කළානම් ඒ ඔබ තුමා පමණයි. චිරන් ජයතු ජනපති තුමනි.(නදී)
අපි පිට රට මැරුණත් කමක් නෑ මව්බිමට ජයෙන් ජය !(නදී)
සියලුම දේවල් හොදයි ,බොරු සෝබන පුහු ආටෝප නැතිව මේවා කෙරෙනවා නමි තවත් හොදයි.(නදී)
සංස්කරණයට තුති.(නදී)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම සැලසුම් කර ඉදි කලාට පසුව මෙය මහවැලි අධිකාරියට පැවරීමට වැරදි තීරණයක් ගන්නා ලදී. දැනටමත් නඩත්තු කර ගැනීමට නොහැකිව සුදු අලියෙක්ව තිබෙන මහවැලි අධිකාරියෙහි රෙගුලාසි ලිහිල් බැවින් අක්‍රමිකතාවයන් කිරීමේ පහසුව නිසා මෙසේ සිදුවී ඇති සැකයක් ඇත.(නදී)