සාමන්‍ය ඇඳුමෙන් සැරසී යතුරුපැදියකින් යමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු යාපනය චුන්නාකම් නගර මධ්‍යයේදී කපා කොටා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.
අංක තහඩු නැති යතුරු පැදි තුනකින් ආ බව කියන පිරිසකගේ පහර කෑමට ලක්වූ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ නවරත්න නම් පොලිස් සැරයන්වරයෙකු සහ හේරත් නම් පොලිස් කොස්තාපල් වරයෙකු බවත්, ඔවුන් දෙදෙනා බුද්ධි රාජකාරියේ නිරත දෙදෙනකු බවත් පොලිසිය පවසයි.
සාමන්‍ය ඇඳුමෙන් ගිය බව කියන දෙදෙනා පොලිසියේ බව දන්නා අඳුනන පිරිසක්ම මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකෙරේ.
අංක තහඩු නැති යතුරු පැදි වලින් යාපනයේ සාමන්‍ය ජනයා නොයන බව චුන්නාකම් ප්‍රදේශවාසීහු කියති.
අවට සීසීටීවී දර්ශන සොයාගෙන ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
යාපනයයේ මිය ගිය සරසවි සිසුවකු වන සුලක්ෂන්ගේ නිවසට කිලෝමීරයක පමණ දුරින් මෙම පහරදීම සිදුවී ඇති අතර සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි.
චුන්නාගම් සිද්ධිය හැරුණු කොට යාපනයේ කිසිදු කළබලකාරී තත්ත්වයක් නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ වලින් හෙළිවේවි පොලිස්යේ දෙන්න තනියෙම කපාගෙන කියල, මන්නාරමේ සෙබළු තුන්දෙනා තමන්ටම ගහගෙන වගේම - දැන් සහජිවනේ සහ යහපාලනෙනේ. (බ)
මේවා හරියට ‘පොලිස් මැජික්‘ වගෙයි අපිට නම් (නි)
නිකන් සුදු හුණු ගාලා පැලේ වැවෙනතුරු අපිට මේ දේවල් නොකියා ඉන්න. යහපාලනයට ජය වේවා! (නි)
බුද්ධි සාමාජිකයින් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
මේ ආණ්ඩුව කරන්නේ එන්ජිඕ කාරයන්ට ඕන කරන දේ විතරනේ (බ)
ගොඩක් අයගේ මොලේ දිග පළල, කියන ලියන වචනවලින් මැනගන්න පුළුවන්. අද මේ දේ සිදුවුනේ දකුණේ සිංහල ගමකනම් උඩ තියෙන ගොඩක් අදහස් වෙනස් ආකාරයකට තියෙයි.(බ)
හොද හොද සෙල්ලම් තව ඉස්සරහට. (බ)
මේක තමයි යහාපලනය කියාලා කරගත්ත වෙනස ,දැන් ඉතින් කැලේ හැංගිලා හිටපු කොටි පැටව්දාලා ගමට ඇවිත්, අයෙත් වැඩ ආරම්භ කරලා වගෙයි පෙන්නේ. අපි මේවා ගැන කතා කළාම ජාතිවාදියෝ කියලයි දෝෂාරෝපණය නගන්නේ, කළගුණ නොදන්නා සිංහලයින්නම් කොටියාම කාපුවාවේ (බ)
මතකනේ මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදුන්නට පස්සේ ඒ උදවිය ඔක්කොටම වුණ වැඩේ. ආ! සිංහලයින්ට ඒවා මතක නැහැනේ. මතක නැති අය මතක් කරගන්න. දැන් අායෙත් බුද්ධි අංශ වලට ඒ සෙල්ලම වගේ. කොහොමටත් හිරේ දාලා, මානසිකව වට්ටලා අඩපණ කරලා තියෙන බුද්ධි අංශවලට ඔච්චරයි අඩු දැන්. (නි)
ශ්රී ලංකාවේ මිනිසුන්ට ලොකු වැරදීමක් වුණා, ජනවාරියේ දවසක මීට වසරකට කලින් (නි)
ඔබට සතුටුයිද දැන්...(බ)
මෙම සිදුවීමට ලංකාවේ ජනාධිපති වරයා අපක්ෂපාතී පරීක්ෂණය කරන්න කියලා පොලිසියෙන් ඉල්ලුවේ නැහැ නේද? යහපාලනයක වෙනස.(බ)
1960 ගණන් වල මුල්කාලෙත් මේ වගේ සුළු සුළු සිද්ධි තමයි අැතිවුනේ. එදා හිටපු පාලකයෝ නියපොත්තෙන් කඩන්න තිබුණ දේ මල්ටි බැරල් ගහන තත්වෙට එනකම් පණ්ඩිත කතා කියකිය හිටියා. (බ)
ලංකාවේ සමහර නුගත් මිනිස්සු බලන් ඉන්නේ ආයේ කොටි නැගිටිනකම්. එගොලන්ට මාර "ත්‍රිල් " එකක් ලැබෙන්නේ මේවගේ සිදුවීමක් වෙනවා දකිද්දී. මුහුණු පොතේ බැලුවත්, එල්.ටී.ටී.ඊ එකේ එවුන් උන්ගේ ඊළාම් කොඩිය දානවට වඩා අපේ නුගත් අය ඒ කොඩිය දදා උන්ගේ කොඩියට ප්‍රචාරණය දෙනවා. (බ)
ජනාධිපතිතුමනි, මේ කාරණයටවත් ඉක්මන් පරීක්ෂණයක් කරමු නේද? (නි)
ඉස්සර කාලේ තිබුනේ "සුදු වෑන්" සංස්කෘතිය! අද කාලේ ඇවිල්ලා තියෙනවා "අංක නැති යතුරුපැදි" සංස්කෘතියක්! ඉස්සරහට තව මොනවා ඒවිද දන්නේ නැහැ. (නි)
අනිත් අය දාලා තියන ඒවා වගේ නොවෙයි, රොමේෂ් මහත්තයා දාලා තියන එක තේරෙනවා මදි මට නම් (නි)
තව තවත් ඉදිරියට තව තවත් බිහිසුණු සිදුවීම් අසන්න ලැබුනත් අපි පුදුම නොවෙමු (නි)
රොමේශ්,කවුද නූගත්? ඔයා උගත්ද? අනෙක් අය නූගත් වුණත් මොළේ තිබේ. ඔබට කොහොමදෙ? (නි)
රොමේෂ්, ඔබ වැනි අය තමා යහපාලනය ගෙන අාවේ. කමක් නැහැ. ඔහොම යමු. වැඩි කාලයක් යන්න පෙර අායෙත් ඇඳන් යට රිංගන්න, බස් වල කෝච්චි වල යද්දී බයේ යන්න ලැබෙයි (නි)
අගය කළයුතු සංහිඳියාව දැන් අපිට පාරා වළල්ලක් වෙලා නේද? ඉවසීමේ සීමාවක් ඇති බව කවුරුත් සිහියේ තබාගත යුතුයි. අපි කාගේත් අයිතිවාසිකම් රැකීම අගය කරන අතර කිසිවෙකුට විශේෂත්වයක් නැති බවත් දැන්වීමට කාලය පැමිණ ඇත. (නි)
වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැත (නි)
එන පොට හොඳ නැහැ වගෙයි (නි)
දැන් තමන්ගේ රැකියාව රැකගන්න ජීවිතය පරදුවට තබන්න තමා වෙලා තියෙන්නේ. මොකද අංක තහඩු නැති යතුරුපැදි වලින් යන්නේ අහිංසක මිනිස්සුනේ. බැරිවෙලාවත් ඔය වෙලාවට වෙඩි තියලා ඔවුන් මැරුණොත් හැමෝම කියයි ‘අනේ හොඳ ළමයි, ප්‍රදේශයේ අයට වැඳගෙන උන්න අය‘ කියලා. (නි)
සිංහලයට තමන්ගේ මේ පුංචි රට රැකගන්න බැරි හැටි? ප්‍රධානම හේතුව තමයි, සිංහලයාගේ එකමුතුකමක් නැතිකම. දැනවත් ගියේ රෝයල්, ගම දකුණේ කිය කියා නරිවාදම් ගහ ගහා ඉන්නේ නැතුව අපි සැවොම එක්වෙලා අපේ උරුමය බේරාගනිමු (නි)
රොමේෂ්, ලංකාවේ කිසි කෙනෙක් කැමති නැහැ කොටි කරපු විනාශ නැවත රටේ ඇතිවෙනවට. මේ වගේ පොඩි පොඩි දේවල් එදා ගණන් නොගෙන හිටපු නිසා තමා එච්චර දුරට ගියේ. සමහරු කැමති ඇති කොටි කොඩි ලංකාවේ ලෙළදෙනවට. (නි)
මේ මොනවා වුණත් අපිට කමක් නැහැ. අපිට ඕනෑ යහපාලනය. නැද්ද මං කියන්නේ? අනේ මගේ කට! (නි)
ඉතාම සැකකටයුතු දෙයක්. ඔවුන් විහින්ම දෙන්නට දෙන්නා කපා කොටා ගන්න ඇති (නි)
රොමේෂ්, අපි පාතාලය ගැන කතාකරන්නේ පාතාලය නැගිට්ටවන්න නොවෙයි. අල්ලස් ගැන කතා කරන්නේ අල්ලස් වලට අනුබල දෙන්න නොවෙයි. ඒවගේම එල්.ටී.ටී.ඊ එක ගැන කතාකරන්නේ එල්.ටී.ටී.ඊ එක උස්සලා තියන්න නොවෙයි. (නි)
දැන් මොනවද කරන්න කියන්නේ කෝසල? (නි)
රොමේෂ් , ඔයාලා වගේ හිතන අයට භීෂණය නැවත නැගිටිනවා කියන එක හිතන්න තරම් මොළයක් නොමැතිවීම තමයි රටේ කරුමය. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව හරිදේ ගැන කියන්න පුරුදු වෙන්න. (නි)
රොමේෂ්, ඔබ කිවූ වර්ගයේ මිනිසුන් කොපමණ මේ රටේ ඉන්නවද කියලා අපිට පෙනෙනවා. ඉතින් රට හදන්නේ කොහොමද? (නි)
අසික, බමුණු, සේන වැනි අයට ස්තුතියි. (නි)
ඊළඟ මැතිවරණෙන් ආණ්ඩුවට පෙන්නන්න ඕනෑ අපේ අකමැත්ත එයාලට. මේ කරන දේවල් හොඳ දේවල් නෙමෙයි. අපේ සුළු ජාතියේ අයිතිවාසිකම් වලට කතා කරන්න කවුරුවත් නැහැ (නි)
දකුණේ කොච්චර මරාගත්තත් අපේ අයට පෙනෙන්නේ යාපනේ වෙන දේවලමනේ. (නි)
කෝසල, අහලා තිබෙනවද ගහන්න ගහන්න වඳින එකා මෝඩයා කියලා (නි)
කොහොමද යහපාලනයේ ප්‍රතිඵල? දැන් කට්ටියට සතුටු ඇති නේද? (නි)
නියම සහජීවනයක්නේ! (නි)
රොමේෂ්, අපේ රටේ මිනිස්සුන් වැඩි දෙනෙක්ට ලෙඩක් තියෙනවා අපේ දස අතින්ම සතුරන් සිටින බවට පෙනෙන.මොනව කරන්නද ඉතින් (හේ)
කවුරු මේ දේ කරන්න ඇත්ද?(හේ)
මොනවත් කියන්න හොද නෑ.. සන්හිදියාවට බාධාවක් නිසා (බ)
"අංක තහඩු නැති යතුරුපැදි වලින් යාපනයේ සාමාන්‍ය ජනයා නොයන බව“ පවසන්නේ, ඒ කියන්නේ යාපනයේ තියෙන්නේ වෙනම නීතියක්ද? නීතිය නමන අය මේවා ගැන හොයා නොබැලුවොත් ඉදිරියේදී ලොකු ගැටළුවක් වෙන්න පුළුවන් (නි)
පොලිසියට මෙය පාලනය නොහැකි බව පෙනියනවා. ත්‍රස්තවාදය නැවත ලියලමින් පවතින බවට ඕනෑ තරම් ඉඟි දැන් පහළවී හමාරයි. (ම)
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනතුරු අපි බලාසිටිමු (නි)
මම නම් කියන්නේ හමුදා කඳවුරු යාපනයේ ස්ථාපිත කළයුතු බවයි (නි)
අපේ අය පහරදුන්නා නම් බලන්න තිබුණා අද වෙන දේ.. (නි)
දැනට ඉතුරුවෙලා තියන කඳවුරු කිහිපයත් නුදුරු අනාගතේදීම ගළවා ඉවත් කරලා ඉවරවුණාම බලාගන්න පුළුවන් නියම ප්‍රතිඵල. දැනටමත් පරිවාර කඳවුරු අයින් කරලා හින්දා තියෙන කඳවුරු කිහිපයත් තියෙන්නේ බොහොම අනාරක්ෂිත තත්වයක. ඉතින් ඒවා තිබුනා කියලත් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. හැබැයි සංහිදියාව දෝරේ ගලන්න පටන්ගන්න දවස වැඩි ඈතක නොවෙන බව නම් බොහොම පැහැදිලිව පේනවා. (නි)
දැන් නිලධාරීන් යන්න්‍ෙ තුවක්කු ගබඩාවේ තියා ඉබ්බන් දමායි. තමන්ගේ ආරක්ෂාව තමන් සළසාගත්තා නම් හොඳයි කියායි හිතෙන්නේ (නි)
එන පොට හොඳ නැහැ කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
සහජීවනය උතුරාගිය මොහොතක් ලෙස මෙවන් සිද්ධි දකින අයත් මේ රටේම ඉන්නවා (නි)
83 ට කලින් තිබුනේත් මෙම තත්වය. පසුගිය රජයෙන් ඇතිකළ සාමය නව රජයෙන් අනිත් පැත්තට හරවන්න වගේ හදන්නේ. (නි)
හිතාගන්න පුලුවන් වෙලා තියෙන දේ. දේශපාලන වාසි ගන්න තාමත් පරණ හොල්මන් ඉන්නවා වගේ (නි)
මෙවැනි අපරාධකරුවන්ට වෙඩි තැබීමට දෙවරක් සිතිය යුතු නැත (බ)
ඔන්න එහෙනම් ආයෙත් කොටියා දඩයම පටන් ගත්තා එහෙනම්. (බ)