
(සුජිත් හේවාජුලිගේ)
වාහන සඳහා අංක තහඩු මුද්‍රණය මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක් ගොඩගැසී වාර්තාවේ.
එම වාහන බොහොමයක් නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවාය.
මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.
අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනවලට මොකටද අංක තහඩු...? මිනිසුන්ට මොකටද පාස්පෝර්ට්. මේ සේරම අවශ්‍ය නෑ. අපි ජය පැන් බොමු. රට ගොඩේ ගොඩ.
එච්චර අලුත් වාහන තොගයක් ගෙන්නලාද?
ඔය මඟුල් පළාත්සභා අකුරු මොකට ගැහුවාද ඔය තහඩුවේ. මළ වද මදිවට වද... ගොන්කම තමයි....!
වාහනේ චැසි අංකයට අනුව අංක කොටන්න.. එතකොට හරිම ලේසියි.
රටේ අවශ්‍ය පමණට වැඩිය රජයේ සේවකයෝ 3 ගුණයක් ඉඳලත් ඔවුන්ට බැහැ. පෝලිමක් නැතුව පාස්පෝර්ට් එකක් දෙන්න, පාස්පෝර්ට් එකට, හැඳුනුම්පතට, රියැදුරු බලපත්‍රයට, අවම වශයෙන් පැය 5-12 දක්වා පෝලිම් වල ඉන්න ඕනේ, අංක තහඩු නැති නිසා පෝලිමේ ඉන්න අවශ්‍ය නැහැ. මේ නිලධාරීන් බඳවාගෙන තිබෙන්නේ, මේ ක්‍රමවේද හදලා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව, අලුත් ආණ්ඩුවේ අදහස අපි මේවා හැදුවෙත් නැහැ. වෙනස් කලෙත් නැහැ. වෙනස් කරන්න අදහසකුත් නැහැ, ඒක නිසා අපිට බනින්න එපා. අපිත් ඔබලා සමග පරණ ආණ්ඩුවලට බැන බැණ, මාලිමාවට සම්බන්ධ වුර්තිය සමිති කාරයින්ට ඕනේ විදිහට රජයේ කාර්යාල පාලනය කරන්න ඉඩ දීලා ඇස් කන් පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා...