
(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති "මෙත් සිරි සෙවණ" වාට්ටු සංකීර්ණයේ අද (11) දහවල් ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් පාලනය කර නිවා දැමීමට අනුරාධපුර මහා නගර සභාවේ සහ යුද හමුදාවේ ගිනි නිවීම ඒකකයේ සාමාජිකයන් , රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය, මහජනතාව, එක්ව කටයුතු කළහ.
මහල් හතරකින් සමන් විත 'මෙත්සිරි සෙවණ' වාට්ටු සංකීර්ණයේ ඉහළ මාලයේ වහලයේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් එම වාට්ටු සංකීර්ණයේ ප්‍රතිකාර ලැබූ කිසිදු රෝගියෙකුට හානියක් සිදු නොවූ අතර රෝහල් කාර්ය මණ්ඩලය එක්ව ස්වසන ආබාධතාවයෙන් පෙලෙන රෝගීන් යුහුසුළුව ගිලන් රථ මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට මෙහිදී කටයුතු කළහ.
ගිනිගැනීම ආරම්භ වන අවස්ථාවේදී එම වාට්ටුවේ රෝගීන් අට දෙනකු පමණක් සිටි බවද රෝහල් ප්‍රකාශකයකු මෙහිදී පැවසීය.
වාට්ටු සංකීර්ණයේ ඉහල මාලයේ වහල සහ සිවිලිමේ කොටසක් මෙලෙස ගිනි ගැනීමට ලක් වූ අතර, මෙම ගිනි ගැනීම, එම වාට්ටුවේ වහලයේ සවිකර තිබූ සෝලා පද්දතියෙන් හට ගන්නට ඇති බවට විශ්වාස කරන බව රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා මෙහිදී පැවසීය.



2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ'පුර මෙත්සිරි සෙවන වාට්ටු සංකීර්ණයේ ගින්නක්