මහින්ද රාජපක්ෂ ජනපති හමුවීමට ඉඩ ලැබෙන තුරු නොබසිමියි කියමින් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකරුවෙකු බව කියන පුද්ගලයෙකු(47) අනුරාධපුර ජනපති මන්ධිරයේ මාර ගසකට නැග සිටී.
උතුරු මැද පළාත් සභාවේ රියදුරෙකු ලෙස සේවය කළ මොහු විනය පරීක්ෂනයකින් පසුව 2007 වසරේ සේවයෙන් ඉවත් කළ බවත් තමාට සිදු වූ අසාධාරණය ජනපතිට සැලකිරීමට අවස්ථාවක් නොලැඹුන බවත් ඔහු කියා ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති අද අනුරාධපුර නිල නිවසට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුගක් අය කැමැති මේක ඇමෙරිකාව වෙනවා දකින්නෙ. මන්සිල් නෙදර්ලන්තයේ ඉඳන් අපට ගල් ගහන්න ලැහැස්තිවෙන්න එපා. ' මිනිසුන්ගේ විශ්වාසයක් තියනවා ජනාදීපති ට කිවවනම් හරියි කියලා. ඒක නිසා තමා ගස් නගින්නේ.(නදී)
මේ ගස් නැගිම පිටුපස වෙන කොටසක් ඉන්නවා . අර විශ්වවිදල වල වාගේ පාරට බස්සල ගස් නග්ගල මාද්‍ය මාර්ගයෙන් යමක් බලාපොරුතු වන (අ)
ලලිත් ඇත්ත කියන්න ජනපති හමු වෙන්න ගස් නගින්නම ඕනද? කලින් හිටි ජනපතිනිය ගස් නැගලවත් හමුවෙන්න පුලුවන්ද? (නදී)
ඔහුගේ උත්සාහය ජනාධිපතිවරයා හමුවී අයවැයෙන් ඔහුට බලපාන යම් සහනයක් ලබාගන්නද ? නැතිනම් මාධ්‍ය ප්‍රචාරයක් ලබාගන්නද? මොකද මාධ්‍ය ප්‍රචාරය සඳහා අසේ අය බහුලව භාවිතා කරන්නේ මොකක් හෝ ගසක්, ලයිට් කණුවක් එහෙමත් නැතිනම් පාසල් හෝ ගොඩනැගිල්ලක වහලයක් ආදියවේ.(ස)
මාගේ අවංක ස්තුතිය ලංකාදීප කර්තෘ මණ්ඩලයට. (නි)
මොහුට කව්රුත් දොස් කීම වැරදියි. කරන්න වෙන දෙයක් නැහැ. පාලකයින්ගේ ඇස් ඇරෙන්ඩ ගස් නගින්නඩයි, වහල වල් වලට නගින්නයි තමයි දැන් ඉතුරුවී ඇත්තේ? (නදී)
මමත් හිතන්නේ ඒ මනුස්සයට මොකක් හරි අසාදරනයක් වෙලා ඇති සමහර විට ජනාදිපති තුමා සහනයක් සලසා දේවි. (නදී)
ලංකාවේ යුක්තිය නීතිය ක්‍රියාත්මක වෙන හැටි දැක්කම මේ වගේ ක්‍රියා නොකර බැහැ.ජීව්තය පරදුවට තියල තමයි අන්තිමට සාධාරණය ඉෂ්ඨ කර ගන්න මේ වගේ වැඩ නොකර බැහැ. (ස)
ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න ඔය පළාත් සභාවේ ඔහුට ඉහල නිලධාරියෙක් ඇත්තෙම නැද්ද? ජනාධිපතිවරයාත් ඕක විසදන්න එයාලටම බාර දුන්නොත් මොකද කරන්නේ? (නදී)
රැකියාවක් අහිමි වුනු ළමයි ඉන්න තාත්ත කෙනෙක්ට කිසිම කෙනෙක් ගේ පිහිටක් නැති වුනාම ගත්තු තීරණයක් මේක.ජීවිතේ නැති කර ගන්නේ නැතුව කොහොම හරි පිහිටක් ගන්න වෙන්න ඇති ගහ උඩට නගින්න ඇත්තේ.ජනාධිපති තුමනි සවන් දුන මැනව මොහුට.(අ)
අතාරින්ඩ එපා....... ඔහොමම යන්. (අ)
ඔය කට්ටිය හමුවෙන්න ගස්වලට නගින්න ඕන නෑ. ඉස්සරහට පාරක් අයිනේ හිටියත් හමුවෙන්න පුළුවන් කාලයක් එනවා. බලය සදාකාලික නැ. අපේ රටේ තමයි ඔය ඉහල ඇත්තෝ රජවරු දෙවිවරු වගේ හැසිරෙන්නේ .අර උරුගුවේ ජනාදිපති එහෙම ගෙවන සරල ජීවිතය ගැන ඇහුවම පුදුම හිතෙනවා .එහෙදි නම් මිනිහෙක් ගහකට නැග්ගොත් ජනාදිපති ඒ මනුස්සයගේ ගෙදර හොයාගෙන එයි එදාම . (නදී)
මේ ආණ්ඩුව රට පාලනය කරන්නේ නිකන් නාට්ටයක වගේ. තනිකටම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ට රවට්ට තමයි දැන් රට ගෙනියන්න හදන්නේ (අ)
අද ලංකාවේ මේ වගේ දෙයක් නොකර තමන්ට උන අසාදාරනයකට සහනයක් ලබා ගන්න බැහැ.මේ තත්වයට ජනතාව ඇදල දැම්මෙත් මේ ඉන්න පාලකයෝම තම. (අ)
සත්‍යා කියන දේ හරි. (නදී)
කවුද මේ ජනපති හමු වෙන්න ගස් නගින මෝඩයා ඕන නම් හමු වෙන්න පුලුවන්නෙ.(අ)
මෙතුමා හමුවෙන් ඇයි ගස් නගින්නේ (අ)
චන්දන ගමගේ ඔයා ජනාධිපතිගේ කව්ද? (නදී)
මේකට තමා කියන්නේ ගස් ස්ටයිල් එක කියලා. ඔයාලටත් මොනවා හරි ඕන නම් අදම නගින්න ලඟම තියන ගහට.(නදී)
අපිට තියන ප්‍රශ්න වල හැටියට හැමෝටම ජීවත් වෙන්නේ ගස් උඩම තමා මේ ක්‍රමේ අපිත් කලොත්, වඳුරෝ වගේ (නදී)
තාමත් අපේ කට්ටියට ගස් නගින්න පුලුවන්ද (අ)
සොරා ගත්තු කේජු කෑල්ලක් කටේ තියන් - කපුටෙක් ගොස් කැලේ ගහක ලැග්ග සන්තොසින්. (නදී)
ගසේ උඩට වෙලා ඉන්න කියනවා තමන්ට ඇතිවෙන්න,කුසගින්න ,දිය පිපාසය දැනුන විට ගසෙන් බැහැල යාවි.ඇමෙරිකාවේ ජනාධිපති මැදුරේ ගසකට නගිනවා තියා ඒ අසල ගසෙන් වැටිලා තියෙන කොලයක් ගන්න පහත් පහත් වුනොත් එකම ඇති පරලොව යන්න. (අ)
මේ යන ක්‍රමයට රටේම ඉන්න අයට ගස් නගින්න තමා සිද්ධ වෙන්නේ. (නි)
මේ වගේ ඉන්න ආරක්ෂක නිලධාරින් මොනවද කරන්නේ කියලා බලන්න ඕනා. අවසර නැතුව ඇතුල් වෙලා ගස්වලට නගින්න පුලුවන්ද? ගස් වලට ග්‍රීස් ගාලා තිබ්බා නම් හරි.(නදී)
රාමා, පටු විදියට හිතන්න එපා. මය මනුස්සයට මොකක් හරි අසාදාරනයක් වෙලා ඇති. ළමයි ඉන්න තාත්ත කෙනෙක් වෙන්න ඇති. රස්සාව නැති උනාම පවුලට කන්නේ දෙන්නේ ඔයාද? (නදී)
එයා දන්නවා ජනාධිපතිතුමාට කිව්වොත් සුගතියක් වෙයි කියලා. (නි)
ඡනපති හමුවෙන්න තියන ලේසිම මග තමයි ඕක. හැබැයි ඡනාධිපති තුමා නොබල ඉන්න එකක් නැහැ. (නදී)
මාත් එක්ක දාහකගේ විතර රැකියා නැති වුනා. අපි ගැන බලන්න කව්රුත් නැහැ. මම වැඩකළේ කටුනායක කොරියා-සිලෝන් එකේ.(නදී)
මන්සිල් නෙදර්ලන්තය,ඇමෙරිකාවේ තමන්ට අසාධාරණයක් වුණහම ගස් නගින්න ඕනෑ නැහැ. ඒකට වෙනම ක්‍රම තිබෙනවා. ඒවා ක්‍රියාත්මකයි. නෙදර්ලන්තයේ එහෙම නැත්නම් පොඩ්ඩක් කියන්න. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැන නැවත සළකා බලයි. (නි)
මම නම් දන්නේ නෑ
මෙවැනි ක්‍රියා පසුපස සමහරවිට බංකොලොත් දේශපාළුවන් සිටින්නට පුළුවන්. මෙය ඉල්ලීමකට වඩා මාධ්‍ය ප්‍රසිද්ධියක් බලපොරොත්තුවීමක් ලෙසයි මා දකින්නේ. මෙවැනි ක්‍රියා දැන් සුලභයි. (නි)
සමහරවිට මෙය නගපු ගහට ජනාදිපති මන්දිරය පේනවා එති . ඔකේ ඉඳන් ටෙලෙෆොන් කරනම් ඉවරයි ප්‍රස්නේ (අ)
එහෙනම් ඉතින් අමිලත් නගිමු ගහකට නේද ? (අ)
ඔහුට ගස් නැගීමේ හා ගස් උඩ ජීවත් වීමේ හැකියාව ඇති නිසා ප්‍රදීපාගාරයක හෝ විදුලි සංදේශ කුළුණු අලුත් වැඩියා කිරීමේ රැකියාවක් ජනාධිපති තුමාගේ අනුග්‍රහයෙන් ලැබේවා !!(අ)
මොහු සමග කතා කරන්නට යන්න ජනාදිපති තුමාට ගස් නගින්න පුලුවන්ද?(අ)
මුන්සිල් නම් ඇතිවෙනකල් නෙදර්ලන්තේ ගස් නැගල තියෙන හැඩයි චන්ද්‍ර (අ)
රාමා ඔබ සම්පුර්ර්ණ නොමග ගිහින්. සාමා ඔබ හරි. රාමා මාරා සාමා මාමා. (නදී)
මොනා කරන්නද හැම දෙයම හරි යනවනම් හොදයි (අ)
මොනා කරන්නද හැම දෙයම හරි යනවනම් හොදයි (අ)
මහත්තයෝ,ගස් නැග්ගට කමක් නැහැ. මේ දවස්වල හරියට ගොරවනවා විදුලි කොටනවා. ගස්උඩ ඉන්න අය වගේම බිම ඉන්න අයත් පරිස්සම් වුණොත් හොදයි. (නි)
අතුල - රාමා - සාමා - චානක - අමිල - මම පුංචි ප්‍රශ්නයක් අසන්නම්. හරියට 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් වගේ එකක්. මේ ප්‍රවෘත්තියේ සඳහන් වන පරිදි ගසට නැග්ගේ කව්ද? කාටද පුළුවන් උත්තරය දෙන්න. (නදී)
සම, ජනපති හමුවෙන එක වැරදී නැහැ එකට ක්‍රමයක් තියෙනවා, ඔහොම ගියොත් ටව කීදෙනෙක් ගස් නැගීද ? ජනාධපති අවම මොනවා හරි විදියකට ජීවිත හානියක් උනොත් ඒවාට වග කියන්නේ ඔයද? පිටරට වල ගිහින් මේවට ලිව්වට අපේ රටේ අරකෂාව ගෙන අපි බලන්න ඕන , (අ)
මට ප්‍රශ්නය ඒ මනුස්සයා ගහට නැග්ග එක නොවේ. (නි)
මේ ප්‍රවෘතියේ පණිවිඩ දෙකක් තියනවා එකක් රටේ පුරවැසියෙකුට යම් අසදරන්යක් වුනාම ඒවා ගැන සොයා බලන්න තියන යාන්ත්‍රණයට සම්බන්ද නිලදාරීන්ගේ නොහැකියාව දෙවැන්න ලෝන්කවේ මිනිස්සු තවදුරටත් විස්වාස කරනවා ජනධිපති තුමාට කියාගන්න ලැබුනොත් තමන්ගේ ප්‍රශ්නය විසදගන්න පුළුවන් කියන එක.(අ)
මට මතක නෑ
අසාධාරණයට එරෙහිව ගස් උඩට නගින්න ගියොත් එහෙම, අර අහවල්ලු ටිකදෙනා හැරුණු විට අපි ඔක්කොටම ඉන්න වෙන්නේ ගස් උඩ තමයි මහත්මයෝ. (අ)
අ දැන් ලංකාව ඔක්කම ගස් නගියි (අ)
මිනිස්සුන් සිය දහස් ගණනින් අසාදාරණයට ලක්වන්නේ බොහෝ විට නිලදාරීවාදය නිසා. ඉතින් හැමෝම ඔහොම ගස් නගින්න ගියොත් මොකද තත්වය? (නදී)
මා ඊයේ ලියු දෙය පල නොවූ හේතුව අපේ ලංකාවේ කාලීන ප්‍රජාතන්ත්‍ර වාදයේ හා මාධ්‍ය නිදහසේ සැබෑ යතාර්ථය බව වත් කියන්න මට නිදහස දෙන්න. එය මැති ඇමතිවරු පාවිචි කරන අන්දමේ වල්බුරු නිදහසක් නොවන වබත් කරුණාවෙන් සලකන්න. ප්‍රමාද වී හෝ සත්‍යය එලි දකීවි.(අ)
ජයේ,අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් (නි)
මෙතැන ප්‍රශ්නය ජනාධිපති තුමා ඔහුට තිබෙන රාජකාරි නිමකර . එන තෙක් දින කිහිපයක් හෝ සති කිහිපයක් ඉන්නට වීමයි . ඔහු කල ක්‍රියාවේ වරදක් කියන්නට නැත . එහෙත් කලින් දිනයක් ඉල්ලා ගසට නෙග්ග නම් ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වනවා . දෙන තිබෙන කරුණු අනුව විහුළුවක් වනවා (අ)
ඇමරිකාවෙත් ඔහොම ජනාදිපති හමුවන්නට ගස් නගිනවද ? නොදන්නා නිසා දැනුම්වත් වීමට අසන්නේ . නෙදර්ලන්තයේ නම් ගස් නැග්ගට අගමැතිවත් මන්ත්‍රීවත් එන්නේ නැහැ.(නදී)