IMG-LOGO

UK වල කරපු වැඩකටයුත්තක්ට තමා මුලින්ම දායක වුණේ

2016-10-19-ent-80

තවමත් පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය රංගනයට, නිරූපණයට මෙන්ම නිවේදිනයට දස්කම් දක්වන්නීය. නමින් සඳු සෙනෙවිරත්න වන ඇය, කලාවට පැමිණි සම්බන්ධයෙන් මෙලෙසින් අදහස් දැක්වූවාය.

 

ඔබ ගැන කිව්වොත්?

2016-10-19-ent-81මම සඳු සෙනවිරත්න. මගේ වයස තාම 19යි.

 

තාම ඉගෙන ගන්නවාද?

තාම ඉගෙන ගන්නවා. හැබැයි ඉස්කෝලේ නම් අහන්න එපා මොකක්ද කියලා.

 

උසස් පෙළ කරන්නේ මොන අවුරුද්දෙද?

2017 දී තමයි උසස් පෙළ කරන්නේ.

 

නිරූපණට එකතු වෙන්නේ කොහොමද?

ඒක ඇත්තටම හිතා ගන්නත් බැරිව මට අහම්බෙන් ලැබුණ චාන්ස් එකක්. මොඩ්ලින්වලට නෙමෙයි මම මුලින්ම ආවේ. රඟපාන්නයි අවස්ථාවක් ලැබුණේ. ඒකත් ලොකු දෙයක් නෙමෙයි. පොඩි දේකට ඇවිල්ලා ඊට පස්සේ තමයි දිගින් දිගටම චුට්ටක් වැඩ ආවේ.

 

රඟපාන්න අවස්ථාව ලැබුණේ?

ඒක එච්චර ලොකු වැඩක් නෙමෙයි. UKවල කරපු වැඩකටයුත්තක්. ඒකට අතිරේක නළුනිළියන් ගන්න ෂූට් එකක් තිබ්බා. එහෙම වැඩක් සඳහා තමයි මුලින්ම දායක වුණේ.

 

රංගනයෙන් නිරූපණය ආවා එකට ගෙදරින් අකමැත්තක් නැද්ද?

නැහැ. අම්මා තමයි මාව මේ පැත්තට යවන්න කැමති වුණේ. ගොඩක් මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ. අම්මා තමයි පස්සෙන් ඉඳගෙන හැම එකටම එක්කන් ගිහිල්ලා, එතැනට වෙලා ඉඳලා හැම වැඩකටයුත්තක් කළේ.

 

ඔයාගේ කැමැත්තක් නැද්ද?

මගේ වැඩි ආසාවක් තිබ්බේ නිවේදිකාවක් වෙන්න.

 

කලාව පිළිබඳව අදහසක් තියෙන ඔයා පාසලෙන් පස්සෙත් කලාවට යොමුවෙනවාද?

තාම එහෙම අදහසක් නැහැ. ගොඩක් දුරට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක් අරමුණු කරගෙන තමයි මම Languages කළේ. ඒත් දැන් මේ පැත්තට ආසාවක් ඇති වෙලා තියෙන්නේ. දෙගිඩියාවෙන් වගේ තමයි ඉන්නේ මොකක්ද කරන්නේ කියලා.

 

අද තියෙන වාතාවරණය එක්ක නිරූපණය කරන්න ආසාවක් ඇති වෙනවාද?

මෙහෙමයි, මට ඒ පිළිබඳව කියන්න බැහැ. මට ඒ පිළිබඳව ලොකු දැනුමක් නැහැ. නිරූපණය කියන්නේ හොඳ දෙයක්. ගෑණු ළමයෙක් හොඳට මේ ක්ෂේත්‍රය තුළ හිටියොත් ඉදිරියට යන්න හැකියාව තියෙනවා. පිරිමි ළමුන් එහෙම ගොඩක් අවස්ථාවක් නැහැ.

 

ක්ෂේත්‍රය තුළ යම්කිසි පරිස්සම් වීමක් තියෙනවාද?

ඔව්, ඒකට තමන්ගේ කටයුතුවලට අම්මා හරි කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවානම් තමන්ට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

 

සිනමාව ගැන ආසාවක් නැද්ද?

රංගනයට පැත්තට ආසයි. ඊටත් වඩා ගොඩක් ආසා නිවේදිකාවක් වෙන්නයි. දෙකටම ආස නිසා හොඳ දෙයක් ලැබුණොත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිවේදිකාවක් වෙන්න හැදෑරීමක් කරනවාද?

පාසලේදීත් මීඩීයා විෂය පිළිබඳව ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. 2017 උසස් පෙළට මීඩියා විෂයෙනුත් ඉදිරිපත් වෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

දැන්නම් මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න කැමැතියි. නිවේදිකාවක් විදිහට හරි. ඒ පැත්තට යන්න තමයි ගොඩක් කැමති. ඒ අතර නිරූපිකාවක් විදිහටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මම ගොඩක්ම ආදරෙන් මගේ අම්මව මතක් කරන්න ඕනේ. එයාව තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. එයා තමයි මම පොඩිකාලේ ඉඳන්ම මම වැටුණත් ඉස්සරහට යන්න උදවු කරපු කෙනා. ඒ තරම් එයා මාව හරියට ධෛර්යයමත් කරලා තියෙනවා. හැමවෙලාවෙම මගේ හෙවණැල්ල වගේ ළඟින්ම හිටියේ එයා තමයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ලහිරු දිල්රංග සිල්වා (0774483783 / 0758178728)

 

2016-10-19-ent-79



අදහස් (0)

UK වල කරපු වැඩකටයුත්තක්ට තමා මුලින්ම දායක වුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site