අපි දැනන්නෙ ඇත්තද? මේ කතා කරන්නෙ ඒ ගැන.
තමුංගේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් මිනිස්සු නොකරන්නේ මොනවාද? කරන්නෙ මොනවාද? හඟවන්නේ මොනවාද? වසන් කරන්නේ මොනවාද? මේ ඒ සම්බන්ධයෙන් ඔබට කතිකාවතක් ඇති කරගන්නට හොඳ ඉඩක් ලබාදෙන නිර්මාණයක්.
තමුංගෙ විශ්වවිද්‍යාල ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදියට මේ ද ෆයිනල් ප්‍රොෙජක්ට් නිර්මාණය කළ ඔහු මෙහි අධ්‍යක්ෂක ප්‍රෞඩ බුවනෙක.
අපි ඇත්ත කියල විශ්වාස කරන දේ ඇත්ත නෙමෙයි. ඒක එදත් එහෙමයි. අදත් අහමයි. බලය තියාගන්න මිනිස්සු වෙන බොරුවක් ස්ථාපිත කරන එකයි වෙන්නෙ. ඒ කාලෙ වෙච්ච කැම්පස් සිද්ධි සහ සුදු වෑන් සිද්ධි එක්ක මේක හැදුවෙ ඒකයි. ඒ මේ සම්බන්ධයෙන් මෙහි අධ්‍යක්ෂක ප්‍රෞඩ බුවනෙකගේ අදහසයි.
මෙහි රංගනය කසුන් දිසානායක, ශාම් ප්‍රනාන්දු, ඉසුරු ලොකුආරච්චි, අතුළ ජයසිංහ, විජිත බණ්ඩාර, ප්‍රභාත් මහේන්ද්‍ර, උපේඛා අමපානි ගලමංගොඩ, අචල ප්‍රියංකර, තරින්ද ජයනෙත්ති ඇතුළු පිරිසකගෙන් සිදුවෙයි.
තිර රචනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - ප්‍රෞඩ බුවනෙක
කැමරාකරණය - ප්‍රසාද් අලුත්වත්ත
නිෂ්පාදනය - රංසක උත්තුංග ගලමංගොඩ
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'THE FINAL PROJECT' by Prauda Buwaneka