IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


SAARC Film Festival

වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොදම නිළිය ලෙස ශ්‍රීලංකාවේ බොරදිය පොකුණ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ කෞශල්‍යා ප්‍රනාන්දුද, වසරේ හොදම නළුවා ලෙස ඇෆ්ගනිස්ථානයේ AN APPLE FROM PARADISEහි රංගනයෙන් දායක වූ රාජ්බ් ග්රුස්සායිනොව්ද සම්මාන හිමිකරගනිමින් 2015 සාර්ක් චිත්‍රපට උලෙළ පෙරේදා(06දා) නිමාවට පත්විය.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලිවේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා සහ සාර්ක් රටවල මෙරට තනාපතිවරුන් ඇතුළු පිරිසක් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවූහ.

සතියකට ආසන්න කාලයක් පුරා කොළඹ චිත්‍රපට සංස්ථාවෙහි තරංගනී චිත්‍රපට ශාලාවේදී සාර්ක් චිත්‍රපට උලෙළට අදාළ චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර, ඒ අතරින් තෝරාගත් චිත්‍රපට සඳහා සම්මාන ලබාදීම මෙහිදී සිදුකෙරිණි.

හොඳම චිත්‍රපටය සඳහා වන රිදී සම්මානය භූතානයේ ක්යෙන්ට්ස් අධ්‍යක්ෂණය කළ NORBU චිත්‍රපටයද, හොඳම චිත්‍රපටය සඳහා වන ලෝකඩ සම්මානය ඉන්දියාවේ මිට් ජනී සහ පාරට්ක් ගුප්තා අධ්‍යක්ෂණය කළ GOONGA චිත්‍රපටයද හිමිකරගත්තේය.

හොඳම කෙටි චිත්‍රපටය ලෙස චමිල ප්‍රියංකර අධ්‍යක්ෂණය කළ "ඇපල්" චිත්‍රපටය සම්මාන හිමිකරගත් අතර, හොඳම චිත්‍රපටසංස්කරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හෝගානා පොකුණ චිත්‍රපටය සංස්කරණය කළ තිස්ස සුරේන්ද්‍ර සම්මාන හිමිකරගත්තේය.

 

චාමර සම්පත් /ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-06-08-ent-01
2016-06-08-ent-02
2016-06-08-ent-03
2016-06-08-ent-04
2016-06-08-ent-05
2016-06-08-ent-06
2016-06-08-ent-07
2016-06-08-ent-08
2016-06-08-ent-09
2016-06-08-ent-10
2016-06-08-ent-11
2016-06-08-ent-12
2016-06-08-ent-13
2016-06-08-ent-14
2016-06-08-ent-15
2016-06-08-ent-16
2016-06-08-ent-17
2016-06-08-ent-18

 



අදහස් (0)

SAARC Film Festival

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site