IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Pigeon Island National Park

20151221-02-TRAVAL-02

20151221-02-TRAVAL-10

 

20151221-02-TRAVAL-05ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ සංචාරයේ යෙ දෙන කවරෙකු වුවද බෝට්ටු සවාරියක යෙදීමට මෙන්ම මුහුදේ කිමිද මසුන් නැරඹීමටද අමතක නොකරනු ඇත. විශේෂයෙන් ඔබ නිලාවැලි මුහුදු තීරයට පිවිසේ නම් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස පරෙවි දුපත හැඳින්විය හැකිය.

නැගෙනහිර මුහුදු තීරයේ ත‍්‍රිකුණාමලය නිලාවැලි වෙරළේ සිට නාවික සැතපුම් 132 ක් දුරින් පිහිටි පරෙවි දුපත මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නිතැතින් ලැබෙ න ස්ථානයක් බවට පත්වී ඇත.

රජ සමයේ මේ දුපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ බැවින් මෙය පරෙවි දුපත  නමින් අතීතයේ සිටම හැඳින්වූ බව සඳහන් වේ. කොරල්පර ආශ‍්‍රිත ජෛව විවිධත්වය සහ පරෙවියන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස පරෙවි දුපත  සලකන හෙයින් 1970 දී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්ක ර ඇත.

මෙහි පවත්නා ජෛව විවිධත්වයත්, සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරවි දුපත  2003 ජූනි 24 වැනි දින එම ආඥා පනත යටතේම ජාතික උද්‍යානයක්  බවට ප‍්‍රකාශයට පත්ක ර ඇත.

පරෙවි දුපත  ජාතික උද්‍යානයයේ වපසරිය හෙක්ට යාර 431.43 කි. කොරල් විශේෂ 100 ක් පමණද, කොරල් පර ආශ‍්‍රිත මසුන් විශේෂ 300 කට ආසන්න ප‍්‍රමාණයක්ද මෙ හිදී දක්නට ලැබේ. නිලාවැලි මුහුදු තීරයේ සිට පරෙවි දුපත  දක්වා බෝට්ටුවක නැගී සංචාරය කළ යුතු අතර, ඒ සඳහා නිලාවැලි මුහුදු තීරයේ බෝට්ටු හිමියන් ඔබට පහසුකම් සපයනු ඇත. පරෙ වි දුපත  පිවිසීමට සඳහා එක් අයෙ කුට රුපියල් 200ක මුදලක් වැයකර අවසර පතක් ලබාගත යුතුය.  පරවි දුපතේ වන සංරක්ෂණ නිලධාරීන් නිතර පරීක්ෂාවන් සිදුකරන බැවින් එම අවසර පත‍්‍රය සුරක්ෂිතව ළඟ තබාගැනීම යෝග්‍ය වෙයි.

 පරවි දුපතට ගොස් නැවත පැමිණීම සඳහා ඔබ බෝට්ටුවක් ලබාගත යුතු අතර, ඒ සඳහා රුපියල් 2000ක මුදලක් ගෙ විය යුතුය. එම එක් බෝට්ටුවක හත් දෙනෙ කුට ගමන් කළ හැකිවේ. ඔබට මුහුදු පතුල නැරඹීමට අවශ්‍ය නම් නිලාවැලි වෙරළ තීරයෙන් බෝට්ටුවට නැගීමට ප‍්‍රථම රු. 150 ක් වැනි මුදලක්
ගෙවා ගොග්ල්ස් ජෝඩුවක් මිලදී ගත යුතුය. නමුත් ඔබ වෘත්තීය මට්ටමේ කිමිදුම් උපකරණ භාවිත කර මුහුදු පතුල නිරීක්ෂණය කිරීමට අදහස් කරයි නම්,
එම උපකරණ කුලී පදනමට මිලදී ගැනීමට  පරෙවි දුපතතේ සිටින නිලධාරීන් පහසුකම් සපයනු ඇත.

20151221-02-TRAVAL-01බෝට්ටුවකින් පරෙවි දුපත  කරා ගමන් කරන ඔබට දුපත්  කිහිපයක් දිස්වනු ඇත. මෙ යින් විශාලම දුපත පරෙවි දුපත ලෙසද, එහි ඇති කුඩා දුපත  කාක දුපත 
ලෙසද හැඳින්වේ . විනාඩි කිහිපයක බෝට්ටු  ගමනින් පසු සුදු පැහැති වැලි සහිත කොරල් පර බහුල පරෙවි දුපතට පිවිසෙන අතර, ඔබ  කොපමණ වේලාවක්
දුපතේ ගතකරන්නේ ද යන්න බෝට්ටු හිමියාට පැවසීම අනිවාර්ය වේ. එසේම එම වේලාව මතක තබාගෙ න නැවත බෝට්ටුව වෙත පැමිණීමටද සිහි
තබාගත යුතුය.

ඔබ ඉතා දක්ෂ කිමිදුම්ක රුවෙ කු නම් බෝට්ටුවෙන් බසින ප‍්‍රදේශයේ මසුන් නැරඹීම සඳහා හැකියාව උදාවන අතර, එසේ නොමැති නම් අනෙක් පස ගල් පරයකින් වට තටාකයක් ලෙස සෑදී තිබෙන කොටසෙහි කිමිදිය හැකිය. ඔබගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් එහි සිටින අතර, සැමවිට ඔවුන්ගේ
උපදෙස් පිළිපැදීමට ඔබ වගබලාගත යුතුය.

 

Location : Eastern Province, Sri Lanka 
Nearest city : Trincomalee
Area : 471.4 hectares (1.820 sq mi)
Established : 2003
Governing body : Department of Wildlife Conservation

 

20151221-02-TRAVAL-09

 

 

20151221-02-TRAVAL-03-NEW

20151221-02-TRAVAL-04

20151221-02-TRAVAL-06

20151221-02-TRAVAL-07

20151221-02-TRAVAL-08

20151221-02-TRAVAL-11



අදහස් (0)

Pigeon Island National Park

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site