2016-10-31-ent-30

ඇමරිකානු ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු වන "ලෙස්ලි ඔඩම් ජූනියර්", රංගන ශිල්පිනී "ක්වීන් ලතීෆා" සහ නර්තන නිර්මාණ ශිල්පිනී "කැමිලි බ්‍රවුන්" පසුගියදා (24දා) නිව්යෝර්ක්හි පැවති වාර්ෂික "Princess Grace (ප්‍රින්සස් ග්‍රේස්)" සම්මාන උලෙළේදී ගෞරව සම්මානයට පාත්‍ර විය. ඔඩම් ජූනියර්, "හැමිල්ටන්" නම් මියුසිකල් නිර්මාණයෙහි රංගනය හේතුවෙන් මෙම වර්ෂයේ "ටෝනි සම්මානය"ද ලැබූවෙකි. මෙහිදී රංගන නිර්මාණ ශිල්පිනී බ්‍රවුන් සහ ඔඩම් "ප්‍රින්සස් ග්‍රේස් ප්‍රතිමා" සම්මානයෙන් පිදුම් ලැබ ඇති අතර, රංගන ශිල්පිනී ලතීෆා මෙහිදී "Prince Rainier III " සම්මානයට හිමිකම් කීය. කලා ක්ෂේත්‍රය උදෙසා ඔවුන්ගෙන් වන මහැඟි දායකත්වය හේතුවෙන් මෙම සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

 

2016-10-31-ent-32
2016-10-31-ent-31
2016-10-31-ent-29