
(ජේ.ඉඳුරුවගේ )
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023/2024 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරන පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ කොන්දේසි කිහිපයක් පනවා තිබේ.
ඒ අනුව මෙම වර්ෂයේ සිට මෙම විභාගයට පුද්ගලික අයදුම්කරුවන් ලෙස ඉදිරිපත් වීමට අයදුම් කරන්නන් ඒ සඳහා ජාතික හැඳුනුම්පත ලබා තිබීම අනිවාර්ය කර තිබේ.
තවද ජාතික හැඳුනුම්පත නොමැති වයස අවුරුදු 15 ට අඩු අයදුම්කරුවන් මෙම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන්නේනම් ඔවුන් විභාගයට ඉල්ලුම් කිරීම සඳහා අනිවාර්යයෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය.
රජයේ පාසලක හෝ රජය අනුමත පුද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිටින සිසුන්ට පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීම හෝ විභාගයට පෙනී සිටීම සපුරා තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ හෝ එම නියමය නොතකා විභාගයට පෙනී සිට ඒ බව අනාවරණය වුවහොත් එවැනි අයදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කර ඉදිරි විභාගවලට පෙනී සිටීමද ඔවුනට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම පුද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ඉල්ලුම් කළ හැක්කේ රජයේ පාසලක හෝ රජය අනුමත පුද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය ) ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම විභාගයට ඔන්ලයින් ක්‍රමයට පමණක් අද සිට පෙබරවාරි 15 මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම් පත් කැඳවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
O/L පෞද්ගලික අයදුම්කරුවන්ට කොන්දේසි