(යොහාන් භාසුර)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2024) සඳහා පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහයවීම් ඇතුළු සියලුම ක්‍රියාකාරකම් ලබන මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භවීමට නියමිතය.