රටවල් 63ක සුරූපිනියන් එකම කිරුළක් වෙනුවෙන් තරගවැදි Miss Intercontinental ජාත්‍යන්තර රූපරාජිනී තරගාවලිය පසුගියදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී නිමාව දුටුවේ, පෝට්‍රරිකෝ රූ රැජින වූ පෝලිමර් රොසරිඩ් හට ජයග්‍රහණය උරුමකර දෙමිනි.
උතුරු ඇමෙරිකානු රාජ්‍යයක් නියෝජනය කළ 20 හැවිරිදි ඇය Miss Photogenic අනු කිරුළටද උරුමකම් කීවාය.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වූ මෙම අන්තර්ජාතික ඉසව්වේ දෙවන ස්ථානය ශ්‍රී ලාංකික රූරැජින වූ ට්‍රේසි ඈන් ද සිල්වා හිමිකර ගත්තාය. තෙවැනි ස්ථානය සානාවේ වෙරා සැෆෝ හිමිකර ගත්තාය.
ඩියුලැක්ස් හා සිනමන් හෝටල් සමූහය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ මෙම ඉසව්ව සඳහා "අද" පුවත්පත ඇතුළු විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වීය.
නදීශානි පතිරණ / දිෂ්න ධර්මරත්න
































































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd