IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


Malima Weligambay Villas

2016-03-03-ent-38

 

2016-03-03-ent-36

 

2016-03-03-ent-40දකුණු දිග මුහුදු තීරයේ අතිශයින්ම අයස්කාන්ත ඉමක ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අපූර්ව සංචාරක හෝටලයක් වේ. නාවික හමුදාවේ කළමනාකාරීත්වයෙන් ක්‍රියාත්මක "මාලිමා" සංචාරක හෝටල් ජාලයට අයත් මෙය නමින් "වැලිගම්බේ විලාස්ය."

සාමාන්‍ය‘යෙන් සංචාරක හෝටලයකට භාවිත නොවන බිමක එනම් තුඩුවක් වැනි මුහුද දෙසට නෙරාගිය කුඩා කඳු ගැටයක් හෙවත් උස් බිමක වැලිගම්බේ විලාස් පිහිටා තිබේ. ඒ නිසාම හෝටලයේ එක් පසෙකින් දකුණු දිග මුහුදත්, අනෙක් පසින් වැලිගම කලපුවක් පිහිටීම නිසා එහි එන සංචාරකයන්ට මුහුදේ පාවෙන ස්වභාවයක අත්දැකීමක් විඳගත හැකිය.

වරලත් වාස්තු විද්‍යාඥ සේනක ෆොන්සේකා විසින් නිර්මාණය කරන ලද මෙම හෝටලයේ සංචාරක ආකර්ෂණයට වඩාත් යොමුවන්නේ මුහුදු තීරයේ අසිරිය මෙහි එන අමුත්තන්ට නොමඳව ආස්වාදනය කිරීමට ඉඩහසර විවර කරදීම නිසාවෙනි. මුහුදු තීරයේ තැනෙන හෝටලයකට කරදිය සුළං හා අව් රශ්මිය තදින් දැනෙන නිසා මෙහි කාමර නිර්මාණය කිරීමේදී ගහකොළවලින් ආවරණය වූ කුඩා වන ලැහැබක තැනුණු කාමර ලෙසින් ඒවා ගස්වැල්වලින් වටකර තිබේ. ඒනිසා කාමරවල සිටියදී මුහුදු තීරයේ අත්දකින අව් රශ්මිය අවම වී දැනේ.

කාමර 14 කින් සමන්විත වැලිගම්බේ විලාස්හි කාමර 12 ක් පමණ සංචාරකයන්ටත්, ඉතිරි කාමර නාවික හමුදා සේවකයන්ටත් වෙන්ව තිබේ. නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාමර B/B Double කාණ්ඩය යටතේ Standard (Rs. 20,000/=), Luxury (Rs. 25,000/=), Super Luxury (Rs. 27,500/=) ලෙසින් එක්දිනක් වෙනුවෙන් වෙන් කරගත හැකිය. Luxury සහ Super Luxury කාමරවල Plunge Pool සහ Jacuzzi යන විශේෂාංග එක්කර තිබීම පෞද්ගලිකත්වය අපේක්ෂා කරන සංචාරකයන්ට වඩාත් වටියි.

මිරිස්ස වෙරළ තීරය අදටත් නොඉඳුල්ව තිබීම නිසා මුහුදු වෙරළේ අසිරිය විඳගැනීමටත්, කරදිය ස්නානය කිරීමටත් අපේක්ෂා කරන්නන්ට වැලිගම්බේ විලාස් පිහිටි කලාපයේ මුහුදු වෙරළ කදිම ස්ථානයකි. එමෙන්ම නොවැම්බර් - පෙබරවාරි සංචාරක කාර්තුවේ මිරිස්ස වෙත යන්නෙකු නම් හෝටලයේ සිට පෙනෙන මානයේ තල්මසුන් පිහිනා යන දසුනක් නැරඹීමටද වාසනාව උදාවනු ඇත.

යහළු මිත්‍රාදීන් සමග විනෝදවීමට සේම මධුසමය වෙනුවෙන් යන යුවළකටද මෙය අරුමැසි ගුණ මවන ස්ථානයක් වනු ඇත. වඩාත් සිහිකැඳවා ගත යුතු වන්නේ ඔබ මෙහි ගෙවන කාලය තුළ හෝටල් පරිශ්‍ර‘යේ ඇති අසිරිය හැකි උපරිමයෙන් ආස්වාදනය කිරීමටයි.

 

Text / Photography Malaka Weligodapola

Tel: +94 041 225 4750

Web: www.weligambayvillas.lk  


2016-03-03-ent-37
2016-03-03-ent-39
2016-03-03-ent-41
2016-03-03-ent-42

 



අදහස් (0)

Malima Weligambay Villas

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site