IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Live @ 8 තුළින් ඔබට මුණගැසෙන ඉෂාරා සමරසිංහ

2016-05-05-ent-52

ඉෂාරා සමරසිංහ යනු නිවේදන ක්ෂේත්‍රය තුළ නිතර හමුවන චරිතයක්. ස්වර්ණවාහිනිය තුළ Live @ 8 තුළින් නිතර ඔබට මුණගැසෙන ඇය පිළිබඳ දැන ගැනීම සඳහා "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.

 

2016-05-05-ent-53නිවේදනයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?

දැනට නම් එහෙම තමයි. එහෙම තීරණය කරන්නත් අමාරුයිනේ.

 

කොයි කාලේදීද නිවේදනයට අවතීර්ණ වුණේ?

2‍011 වර්ෂයේදී දැයට කිරුළ තුළින්.

 

ඒ පිළිබඳව ආවර්ජනයක් කළොත්?

දැයට කිරුළ තිබුණානේ. එහිදි මම තේරුණා සිරස රූපවාහිනි ආයතනයේ නිව්ස් ෆර්ස්ට් එකට. ඊට පස්සේ ඒකේ කියන්න හම්බුණා Live @ 55. ඊට පස්සේ තමයි ස්වර්ණවාහිනි සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ.

 

ස්වර්ණවාහිනි සඳහා දායක වෙලා කොච්චර කාලයක් වෙනවාද?

දැනට අවුරුදු 4කට වැඩියි.

 

කොහොමද නිවේදනයේ ඇති අත්දැකීම?

අත්දැකීම් ගොඩක් තියෙනවා. මගේ වයසේ ඉන්න වෙනත් ළමයෙකුට වඩා සෑහෙන අත්දැකීම් ගොන්නක් මට තියෙනවා.

 

නිවේදනය ක්ෂ්ත්‍රයට පිළිබඳ අද නවකයන් බොහෝ දෙනා ඇල්මක් දක්වනවා. ඒ අයට ඔබ මොනවද කියන්න තියෙන්නේ?

ප්‍රවෘත්ති නිවේදනයේ පිළිබඳ කියන්න හැකියාවක් තමයි මට තියෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නවා ප්‍රවෘත්ති නිවේදනය කියන එක හරි ලේසියි කියලා. මොකද කොළයක් බලන් කියන්න තියෙන නිසා. ගොඩක් ආසයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. නමුත් ඒ අය දන්නේ නැහැ ඒඅයට ඒ පිළිබඳව හැකියාවක් තියෙනවාද කියලවත්. මම කියන්නේ ඒ පිළිබඳව හැකියාවක් තියෙනවානම් විතරක් නිවේදිකාවක් වෙන්න සිහින දකින්න කියලා. එහෙම නැත්නම් ඒ කාලය වෙනත් දෙයකට යොදවන එක හොඳයි කියලා හිතනවා.

 

නිවේදිකාවක සහ ප්‍රවෘත්ති නිවේදිකාවක වන එකේ වෙනසක් තියෙනවාද?

නිවේදිකාවක් වුණායින් පස්සේ වැඩසටහන් නිවේදනය කරද්දී ඕන තරම් වරදිනවා. වරද්ද වරද්ද හරි කතා කරන්න පුළුවන්. ප්‍රවෘත්ති නිවේදිකාවක වුණාම කවදාකවත්ම වරද්දන්න බැහැ. ඒ අයට ලොකු වගකීමක් තියෙනවා. එක ඉලක්කමක්, එක අකුරක්වත් වරද්දන්නෙ නැතිව ප්‍රේක්ෂකයාගේ විශ්වාසය රැඳෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනේ.

 

නිවේදිකාවක වෙන එක කුඩා කාලයේ ඉඳන්ම තිබ්බ හීනයක්ද?

නැහැ නැහැ. එහෙම හීනයක් තිබුණේ නැහැ. ගොඩක් කට්ටියට වගේ මටත් වුණේ අහඹු සිදුවීමක්.

 

ඒ අහඹු සිදුවීම දැන් හොඳ දෙයක්ද?

ඔව්, මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඒත් ජීවිතයේ ඉස්සරහට යන්න ගොඩක් දේවල් තියෙනවා.

 

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ඉෂාරා සමරසිංහගේ ෆෙස්බුක් ගිණුම

 

2016-05-05-ent-50



අදහස් (1)

Live @ 8 තුළින් ඔබට මුණගැසෙන ඉෂාරා සමරසිංහ

කසුන් මදුස0ක Sunday, 03 May 2020 02:40 PM

සිත් ඇදගන්නාසුළු නිවේදිකාවක් ඇය. සුභ පතනවා ඇයට !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site