"හවුස්ෆුල්" චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය විය. සජිද් - ෆර්හාඩ් දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 80ක වියදමකින් තැනූවකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිබේ. ආක්ෂේ කුමාර්, ජැක්ලින් ෆර්නැන්ඩස්, නර්ගිස් පක්රි, අභිෂේක් බච්චන්, රිතෙක් දේශ්මුක්, ලීසා හේඩින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, බෝමන් ඉරානි, ජොනී ලීවර්, චන්කේ පාණ්ඩේ, ජැකි ෂෙරොෆ් ඩිම්පල් කපාඩියා පිරිස සෙසු චරිත සඳහා එක්වෙති. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුළත් කර ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් මීකා සිං ඇතුළු පිරිසක් එක්ව සිටියි. මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබු මෙහි සියලු වැඩ කටයුතු මේ වසර මුලදී නිමාවී තිබුණි. සිනමා විචාරකයින් පවසන්නේ, මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.