IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


Boyfriend තමයි මගේ ආරක්ෂකයා

2016-05-05-ent-43

ඉරුෂා හිරුණි යනු නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් පෑ තරුවකි. ඇයගේ ඡායාරූප බොහොමයක් ෆේස්බුක් තුළින් ජනප්‍රියත්වට පත්ව ඇත. ඇගේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ ඇය පිළිබඳව කතාබහ කිරීමට "සාරවිට"මෙලෙසින් ගොඩවැදුණාය.

 

2016-05-05-ent-39මේ දවස්වල වැඩකටයුතු?

වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. මියුසික් වීඩියෝවක් සඳහා ආරාධනා ලැබුණා. නමුත් තවම දායක වුණේ නැහැ. ඉස්සරහට Photo Shoot එකක් කරන්න ඉන්නවා.

 

නිරූපණයද වෘත්තීය?

දැනට නිරූපණ කටයුතුවල තමයි නියැළෙන්නේ. එහිදී ගොඩක් Photo Shoot සඳහා තමයි දායක වෙන්නේ.

 

යම්කිසි හැදෑරීමක් කරලාද ක්ෂේත්‍රයට ආවේ?

මගේ හැකියාවෙන්ම තමයි ක්ෂේත්‍රයට ආවේ. මගේ විනෝදාංශයක් විදිහට තමයි මේ පිළිබඳව හදාරන්නේ.

 

රංගනයට අදහසක් නැද්ද?

රංගනය සඳහා ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් කිසිවක් සඳහා දායක වුණේ නැහැ. තෝරාගෙන තමයි කරන්නේ. හොඳ දෙයක් ආවොත් බාරගන්නවා.

 

නිරූපණය කියන දේ ලේසිද?

ලේසි නැහැ අමාරුයි. ගොඩක් අය මේ දිහා බලන්නෙ වැරදි පැත්තෙන්. කරන කෙනා අනුව තමයි තීරණය වෙන්නේ.

 

නිරූපණයෙන් ඉදිරියට යන්න කැපකිරීමක් කරන්න ඕනද?

ගොඩක් කැපකිරීම් කරන්න ඕනේ. තමුන්ගේ කාලය නිදහස මේ දේවල් මෙහිදී නොදැනුවත්වම කැපකිරීමට සිදුවෙනවා.

 

කැපකිරීම් කරලා ඉදිරියට යන්න හැකියාවක් තියෙනවාද?

නිවැරදි විදිහට කැපකිරීම් ක‍ළොත් ඕනෑම අයෙකුට ඉස්සරහට යන්න පුළුවන්.

 

නිරූපණයේ තුළ ගෙවීම් සාධාරණද?

ගොඩක් ඉතිං හම්බ වෙන මුදල වියදම් කරන්න මදි. හැරෙන්නවත් මදි. සමහර වැඩ තියෙනවා. වෙළෙඳ දැන්වීම් සඳහා තමයි ගොඩක් හම්බ වෙන්නේ. මොකද ඒ සඳහා ගිවිසුම් තියෙනවනේ.

 

කවුද ක්ෂේත්‍රයට එන්න උදව් කරපු අය?

අම්මායි, තාත්තයි. පවුලේ කට්ටිය ගොඩක් උදව් කළා. මගේ Boyfriend තමයි ගොඩක් තැන්වලට යන්නේ. එයා මගේ හැම Shoot එකටම එනවා. එයා තමයි මගේ ආරක්ෂකයා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ඉරුෂාගේ ෆෙස්බුක් ගිණුම

 

2016-05-05-ent-37
2016-05-05-ent-38
2016-05-05-ent-40
2016-05-05-ent-41
2016-05-05-ent-42
2016-05-05-ent-44
2016-05-05-ent-45
 



අදහස් (0)

Boyfriend තමයි මගේ ආරක්ෂකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site