IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ADB නියෝජිත - අනුර කුමාර අතර හමුවක්

(ආරියරත්න රණබාහු)

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆූමී කැඩෝනෝ (Takafumi Kadono) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  හමුවියා .

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් මෙම හමුවේදී සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳවද කරුණු දැක්වූහ.

මේ අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ද එක්ව සිටියේය.



අදහස් (4)

ADB නියෝජිත - අනුර කුමාර අතර හමුවක්

මැක්ස් Monday, 12 August 2024 09:51 PM

බී බී සී ගිහින් සිංහල බොදුනුවන්ගෙන් ඇරියස් අල්ලන්න උත්සාහ කළ බිමල් රත්නායකගේ සුවච, කීකරු විලාසයත්, අකුදී සහෝදරයාගේ බයාදු සිනාවත් විසින් කියා පාන්නේ මෙවැනි ජාත්‍යන්තර ආයතනවලට එරෙහිව ජවිපෙ නායකයින් එදිනවල කෑගැසුවේ බොරුවට බවයි...!

:       0       0

Nishan Tuesday, 13 August 2024 05:23 AM

අයි.එම්.එෆ්. ගිය කිසි රටක් ගොඩ ගියේ නෑ කිව්ව හාදයා නේද මේ? දැන් අනිත් අය නොගිය තැන් වලටත් යනවා.

:       0       0

Roshantha Tuesday, 13 August 2024 10:47 AM

මෙතෙක් අවුරුදු 75ක් රටේ මිනිසුන් ගොනාට ඇන්දමින් සියලු සම්පත් විකුනමින් සොරා කමින් රටේ කොඳු නාරටිය බිද දැමූ අද්‍යපනය ආර්ථිකය සමජය විනාස කල හොර නඩය ට ඳඬුවම් දෙමු .. සොරාගත් සියල්ල යලි ජන සතු කරමු .. කෘශිකාර්මික සහ අපනයන ආර්ථිකයක් ගොඩ නගමු .. AKD

:       51       10

Rata Perata Tuesday, 13 August 2024 11:44 AM

දැන්වත් දීනකම් අත්හරිමු. හරි දේ කරන, දූෂණයෙන් තොර හරි පුද්ගලයා තෝරා ගනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site