IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


90 අච්චි බර ඉසිලීමේ තරගෙට

(විමුක්ති එස් රුද්‍රිගු)

තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරඟයක් පසුගිය 21 වැනිදා පැවැත්වුණු අතර එහිදී වයස අවුරුදු 90 ක පාර්කින්සන් රෝගයෙන් පෙළෙන ආච්චි අම්මා කෙනෙකු කිලෝ ග්‍රෑම් 35 ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එලෙස කිලෝ ග්‍රෑම් 35 එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි ය. පාර්කින්සන් රෝගයෙන් පෙළෙන චින් මෙයි බර ඉසිලීමේ ක්‍රීඩාවට 2023 වසරේ පිවිස ඇත. තමා පර්කින්සන් රෝගය පෙළෙන බව දැනගත් විට බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවීම සඳහා සිය මිණිපිරිය තමාව දිරිමත් කළ බව චින් මෙයි පැවැසුවාය. චින් මෙයි එලෙස කිලෝ ග්‍රෑම් 35 ක් ඔසවද්දී නරඹන්නන් අතර සිටි පරම්පරා තුනක් ඇයට ඔල්වරසන් දී තිබිණි.

මෙම බර ඉසිලීමේ තරඟය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු වයස අවුරුදු 70 හෝ ඊට වැඩිවීම එහි විශේෂත්වය විය. එම තරඟය වට තුනකින් සමන්විත වී ඇති අතර එහිදී චින් මෙයි උපරිම කිලෝ ග්‍රෑම් 45 ක් බරක් ඔසවා ඇත. මෙම තරඟයේ අනෙක් විශේෂත්වය නම් චින් මෙයි මෙම තරඟයට සහභාගී වූ වයස්ගතම ක්‍රීඩිකාව නොවීමය.

අවුරුදු 92 පුද්ගලයකුද මෙම බර ඉසිලීමේ තරඟයට සහභාගී වී ඇත.

 



අදහස් (2)

90 අච්චි බර ඉසිලීමේ තරගෙට

රුවන් Wednesday, 25 December 2024 06:42 AM

හිත ඇත්නම් පත කුඩාද?

:       0       0

පොඩිඑකා Wednesday, 25 December 2024 01:35 PM

ඕක මොකක්ද, අපේ ආච්චිට 94යි, සීයා කිලෝ 65යි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site