පිළියන්දල ප්‍රදේශයේ දෙමහල් නිවසක නිවසක් පිටුපස තාවකාලික කාමරයක සිටි 82 දි නැන්දම්මාට වද හිංසා කළැයි සැකපිට 52 දි ලේලියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විලාප හඬ ඇසී අසල්වැසියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු විය.
ඇයට ගල් පහරක් වැදී ඇතැයි ද, බීමට දුන් වතර බෝතලයේ දිය සෙවෙළ බැඳී ඇතැයි ද පොලිසිය කියයි.
විශ්‍රාමික බැංකු නිලධරයකුගෙන් ද මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාටයි ලේලියටයි රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ. (ත)
හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච දරුවෝ.(නදී)
දෙමව්පියන්ගේ වැරදි. තල හිටෝලා මුන් ගන්න බැහැ වගේම ඔය වගේ ළමයින් හැදුවා නම් ඉතින් ඔවැනි ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. අනිත් දෙමව්පියන්ට හොඳ පාඩමක් මේක. (නදී)
අනේ පව්කාර ගැහැණියනේ. ඔබටත් දවසක මීට වැඩිය දුක් විදලා මැරෙන්න වෙන්නේ. අම්ම පුතාව කිරි දීල හදපු නිසා නේද අද සැප විදින්නේ.(නදී)
ඔය ලේලිට හොඳ දඬුවමක් දෙන්න. (නදී)
වපුරන දේවල් නෙලාගනී. (නදී)
මේ අම්මගේ දරුවෝ වෙන නැද්ද, මේ පුතා ජිවතුන් අතර නැද්ද, පව් අසරණ මවක්, මහලු නිවාසයකට හෝ බාර දෙන්න.., ගොඩක් පින් ලැබේවි! (නදී)
අම්මත් කරපුවා වගේම ,අම්මටත් කරපුවා ලැබේවි එයාලට.(නදී)
හදවතක් නැති ලේලියක් කවදා හරි මේයාටත් මේ දේම වෙයි(දිල්)
''බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට - මැනලා වී පතක් දුනි මල්ලකට - ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට -මැනලද පුතේ ''කිරි'' දුනේ මා නුඹට ''(දිල්)
දරුවන් හදන්න දෙමාපියන් කොපමණ දුක් විදිනවද? අවසානයට දරුවන් දෙමාපියන්ට සලකන විදියද ඔය.? අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී. ඒ ඉර හඳින් නුඹේ ලෝකය එළිය වුණි. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහට විදි. පිය සෙනහසට කවි ගී ලියවුණා මදි. (ස)
මේ මිනිස්සු මොන ලෝකෙක යන්නද මේ තරම් පව් කරන්නේ.(නදී)
පුතාලා ළඟ ඉන්න අම්මලට ඔය දේ තමයි කවදා හරි වෙන්නේ. ආපහු එයාටම ඕවා සහගහනවා.(නදී)
කොට්චර උගත්තත් පලක් නැත ... වයසක උදවියට සැලකිල්ලක් දක්කවන්නට බැරිනම්.....නැන්දම්මාගෙන් ලේලිට වැරදි වෙන්න ඇති අතීතයේ නමුත් වයසට ගිය යට හිංසා කිරීම පාපයකි .... (අ)
අසු දෙකක් කියන්නේ අත්දැකීම් සමුදායක් පව් ආයෙත් දුක් විදින්න ලැබෙන එකක් නැහැ.තුණුරුවන් සරණයි (දිල්)
ගෙවල් දොරවල් ලොකුවට හදල තියෙන ගොඩක් තැන්වල තත්වය ඕක තමා.(දිල්)
ගෙදර බුදුන් අම්මා හිරිහැර කරන්න එපා. ඔයත් අම්ම කෙනෙක් නේද? මගේ ජීවිතය නම් මගේ අම්මා (දිල්)
ගාමිණී ඔබේ අදහස වැරදියි. ගෙවල් ලොකු පොඩි නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ මනුස්සයා කියන කෙනා ලග මනුස්සකම ගෑවිලාවත් නැති එකයි. ගෙයක් ලොකු උනත් පොඩි උනත් හිත සංවේදී නැත්නම් කොහොමද තවත් කෙනෙක් ගැන හිතන්නේ. මේ ආච්චි පව්. දරුවෝ හදල ලොකු මහත් කරාට පස්සේ අන්තිමට දුක් විදිනවා.පව් ගොඩක් පව්.(නදී)
කාලකන්නි හැදුවම ඔහොම තමියි අම්මේ. පොලිස් මහත්වරුණේ ඔබට පුලුවන්නම් ඔය වයෝවෘද අම්මව වැඩිහිටි නිවාසයකට යැව්වොත් ඔබලා කර ගන්නා ලොකුම පිනක්. (නදී)
මේක ඉතින් ආදී කාලේ ඉඳල තියෙන වලියක්නේ නේද ? (අ)
අම්මා තාත්තාට දෙවිවරුන්ට වගේ සැලකිය යුතුයි අපේ මිනිස්සු පින ළඟ තිබුනත් අහක බලනවා (අ)
අම්මට සළකන්නේ නැති රටක නැන්දම්මා ට සළකයි කියා සිතිය හැකිද? (අ)
කවදා හරි 52 ලේලියටත් එයාගේ දරුවන්ගෙන් ඔහොම සැලකුම් ලැබෙයි. ඔය අම්මා තව කොච්චර කාලයක් ජීවත් වෙයිද? මේවා පෙර ආත්ම වල අකුසල් කියලා හිත හදා ගන්න ආච්චි අම්මේ. මේ ආත්මයේ පින් කරලා පින් වන්ත දරුවන් ලබන ආත්ම වලදී ලබා ගන්න ප්‍රාර්ථනා කරන්න.බොන්න දීල තියෙන වතුර දැක්කම ඉතුරු ටික හිතා ගන්න පුළුවන්. අසල්වාසීන්ට ගොඩක්ම පින් අවදානෙන් ඉදලා මැදිහත් වෙලා මේ අම්මව බේර ගත්තට. (අ)
මටනම් මේකේ මොකවත් නොතේරියි (අ)
ලස්සන හුරු බුහුටි පොලිස් කාන්තාවක්. (නදී)
මේ වයස තමයි කුඩා දරුවෙක් වගේ ආදරයෙන් බලා ගන්න ඕනේ වැඩිහිටියෝ. කවදා හරි ඒ අය වයසට ගියාම මේ වගේ විපාක එයාලගේ දරුවන්ගෙන් විදින්න ලැබෙයි. ජීවත් වෙන ටික කාලේ ඇයි සතුටෙන් ඉන්න දෙන්නේ නැත්තේ.(නදී)
'' බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට..-මැනලා දුන්න වී නැලියක් මල්ලකට..-ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට..-මැනලද පුතේ කිරි දුන්නේ මන් නුඹට..'' (ත)
ආරේ ගුණ නෑරේ කියනවනේ ලේලිත් ඒවගේ කෙනෙක්.(නදී)
අක්කේ ඔයාගේ ළමයි ඔය වයසට ගිය දවසට මෙහමයි සලකන්නේ. (නදී)
දුවනියනේ, ඔබේ මවත්, සැමියාගේ මවත් කියන්නේ එකම කෙනෙක් කියා හිතන්න. ඔබට හොද සැමියෙක් ලැබුනේ මේ අම්ම නිසා ඔබට හොද සැමියෙක් වගේම ඒ අම්මට හොද පුතෙක්, ඉතින් ඇයි මේ විදියකට සලකන්නේ. ගෙදර බුදුන් අම්මා පුතේ නුබටයි දඩුවම් දිය යුත්තේ මොකද නුබ නුබේ මව් ගැන සොයා බැලුවා නම් මේ මවට මෙලෙස නොවන්න ඉඩ තිබුනා මේ ලේලිය පිලිබදව මගේ බලවත් අප්‍රසාදය.(නදී)
මිනිස්සුන්ගේ කරුමේ තමයි (දී)
පවුකාර ළමයි (දී)
ලොකුවට ගෙවල් හදාගන පුරාජේරුවට හිටියත්, අම්මා ඉන්නේ පුංචි කාමරයක. ඒ මදිවට ගල් ගහලා මොන අපායේ යන්නද. තව ටික කාලයක් ජීවත් වෙයි. ඉන්න ටිකට දුකක් නොදී බලාගන්න බැරි මෙහෙමත් දරුවෝ? (නදී)
මේ අම්මව වැඩි හිටි නිවාසයකට බාර දෙන්න එතන මීට වැඩියෙන් හොද වෙයි.(නදී)