
(නිමල් පෙරමුණ)
පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය.
උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (17) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවැසූවේය. මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩතමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල්ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ. ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිතිවෙන ඒව. හැබැයි නීතියාණුකූලයි ඒනිසා අපිමේ හැම දේම වෙනස් කලයුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව මේ බොහෝඅය මාධ්‍ය හැදුණුපතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය ඒ අය අපෙන් තොරතුරු ලබාගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනව ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.

COMMENTS
76000 ඉන්ජෙක්ෂන් එක 370 ට දෙනවා නම් කෙහෙලිය වගේ ඇල්වතුර තමයි විදින්න වෙන්නේ...
කවුරු හරි සිලින්ඩර් බයියෙක් මාලිමාව මොනවාද කරේ කියලා ඇහුවොත් ඔලුව අතගාලා මේක පෙන්නන්න..
මෙයාගේ දැනුමේ තරම තමයි.. 76000 යි කියන පෙත්ත දැන් භාවිතයේ නැහැ. හේතුව ඊට වඩා ප්‍රබල මිල අධික නව බෙහෙතක් දැන් සොයාගෙන තිබෙන නිසයි. ලෙඩක් හැදෙන්න පෙර ඒ ගැන දැනගන්න ක්‍රමයක් නැති බව මෝඩ උන්නැහැට තේරෙන්න ටිකක් කල්යාවි. නැතිනම් කල් ඉකුත් වන බෙහෙත් ගැන මෝඩ කතා කියන්නේ නැහැ.
මල් මිටක් දිය යුතු වැඩක්. හැබැයි මම නොදැන කියපු කතාවක් කියලා පස්සේ කියන්න නම් එපා හොඳේ...
කෙහෙළිය වගේ දූෂිතයෝ කෙරුවේ ලෙඩ්ඩුන්වත් ගසා කාලා, බාල බෙහෙත් දීලා ඇස් අන්ධ කරපු එක.. ජනාධිපති අරමුදලෙන් හිටපු දේශපාලුවෝ ගසාකාපු හැටි ලෝකෙම දන්නවා. බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි, දූෂිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නොකෙරුවා නම්, ජනතාවට ඕනෑ හැටියේ සහන දෙන්න තිබුණා.
කොමිස් කාක්කෝ ටික අල්ලලා ඇතුළට දැම්මා නම් වැඩේ හරි...
ලංකාවේ දේශපාලන පක්ෂත් සංවිධානාත්මක අපරාධ කල්ලි තමයි
බොරු කියන්න එපා ඇමති තුමා. ඔය කියන බෙහෙත 350ට ගන්න තියන තැන කියන්න මට.
මොකක්ද ඒ බෙහෙත?
මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගන්න තව කෙනෙක් ඉන්නවනන් ලියන්නකො ඇත්තටම තත්වය. මටනන් ලියන්න හිතෙන්නෙ නෑ මේ බොරුවලට උත්තර.
Sanath, මූට නං ඌරු මූත්‍රා දාලා තමයි ගහලා ඇත්තේ. බං ගොයියා,
නුගත් ජෙප්පෝ මොනවා කිව්වත් බුදු බන වගේ විශ්වාස කරනවා.
මේ කතාවේ හංගපු තැන් බොහෝයි. කෝ ඒ බෙහෙතේ නම? මොකද්ද ඒ කොම්පැණිය? අඩු ගානේ ඒ වැදගත් විස්තර දෙකවත් නොකියා මෙහෙම කියන්න කාට බැරිද?
ඔය කියන 378/= කථාවයි කළින් අය කියන 78000/= කථාවයි දෙකම විශ්වාස කරන අය ලංකාවේ ඉන්නවා. ඒ හින්දා නයි අරින්නේ බලාගෙන...