(ඩයනා උදයංගනී)
ලබන නිදහස් දින සැමරුමට සමගාමීව දිවයිනේ පිහිටි සියලුම ජාතික වීරයන්ගේ ප්‍රතිමා වෙත ගෞරවය පුද කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75 වැනි ජාතික දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පිහිටි ජාතික වීරවරුන්ගේ ප්‍රතිමා වෙත උපහාර දක්වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
මහජන නියෝජිතයන් හා ප්‍රජා සංවිධාන සම්බන්ධ කර ගනිමින් මෙම කාර්යය සිදුකරන ලෙසත්, 75 වැනි නිදහස් සමරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ තොරතුරු ලේඛනයක් කඩිනමින් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති අතර, ඒ යටතේ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ , බර්ගර් යන සියලු ජාතීන්වල අප්‍රකට විරුවන් පිළිබඳ හඳුනා ගැනිමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට බඩගින්නට උත්තර නැහැ ජාති ආලෙ ඉස්සරහට දාලා ජාමෙ බෙරගන්න හදනවා වගෙයි.
ඕවට වියදම් වන මුදල ළමා කුසගිනි නිවීමට ප්‍රමුඛතාව දීලා ඒ ලමයින්ගේ බඩවල් පුරවන්න! නිකම් ගණන හදලා බලන්නකෝ මල්වඩමක් හා මල් මාළයක් මේ දිනවල කීයක් වෙනවද කියලා! සුද්ධා බාරදීල ගිය රටට අවුරුදු 75 ක් ඕගොල්ලෝ මොනවද කලේ කියලා... මතු පරපුරම ණය කාරයෝ කලා අපේ මැතිඇමති සංහරේ ... එදා ඉඳලා අපේ ගරු ඇමතිවරු දෙරණ මත ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට ඇදල දැම්මා... 'වී ඇට' V8 තත්වයට පත්කල ඒ තකතීරුවෝ නිසා තමයි කෙස් පැලෙනා මේවාගේ මොළකාරයෝ මේ වයසට මේවගේ දේවල් රටට කියන්නේ! .
ආ.. එක තමයි අර රාජපක්ශගෙ පිලිමෙ ඩඩි බිඩි ගාලා හිට්වෙ. . එ මනුස්සයත් විරයෙක් කරල මගුලක් නටන්න වගෙ.. .ජනතාවනි.. ඔබ මෙ ගොන් සමරු වලට සහභාගි වෙනවඩ නැද්ද කියල තිරණය කරන්න..
රටට සේවයක් කරපු විරුවන් ගෙන් දේසපාලුවෝ ගත්තු ආදර්සයක් තියෙනවද? ගල් පිළිමවලට ලෝකෙටම පේන්ඩ උපහාර පිදුවොත් ඔක්කොම හරි.
ඔව දැන් කරල ජාතිවාඩය අවුස්සන්ඩයි යන්නෙ..ණන්දසේන රටට කරපු අපරාදය ප්‍රතිපල තමයි අපි දැන් විදවන්නෙ
අර රට රකින්න ආපු විරුවගෙ පිලිම එහෙම හදන්න අදහසක් නැද්ද ?
ප්‍රතිමාවලට දෙන්න ඉස්සෙල්ලා අපිට දීලා හිටපංකෝ.
පිස්සු නටන්න එපා මිනිස්සුන්ට කන්න නැති මේ වෙලාවේ.
රට කාබාසිනියා කරපු 134 ට මොකක්ද කරන්නේ.?