නාවුල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයන් 68 දෙනකුට අද තැපැල් ඡන්දය අහිමි විය.

 ඔවුන්ගේ ඉල්ලුම්පත්‍ර ප්‍රමාදවීම හා නිසි පරිදි ඉල්ලුම් කර නොතිබීම ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මැතිවරණ කොමසාරිස්ට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

මෙම පිරිස ඡන්දය දීමට ගොස් හැරී ගියහ.