රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණී හැට හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද සවස අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඉවතට ගත් රන් බිස්කට් තුනෙහි බර ග්‍රෑම් 375 කි.
ඇය අද සවස ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 135 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන සරෝජ් චන්ද්‍රසේන, අචල චන්ද්‍රසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, වී කුලසේකර, නිරෝෂා විජේතුංග, රොහාන් ප්‍රනාන්දු, ලසන්ත පෙරේරා, කේ.එච්.ජී.ජී චාමර යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
60 ත් පැනලා 18 ලක්ෂයකුත් එළියට පනී
හේවාවිතරණ Monday, 03 March 2014 01:01 AM
අහන්නත් පුදුමයි.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Monday, 03 March 2014 01:02 AM
මගේ අත්තම්මා කලින් කිව කතාවක් මතක් වුනා..''හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැතුළු''(නදී)
සමන්ත Monday, 03 March 2014 06:25 AM
ඔය විදියට වැල්ල පට්ට ගෙනියන්නත් බැරි නැහැ ටිකක් ඇහ ගහගෙන හිටියොත් හොඳයි.(නදී)
නිමල් පෙරේරා Monday, 03 March 2014 08:55 AM
මේ මාර්ගය මොනතරම් වටිනවද කියල දැන් තේරෙනවා නේද.(නදී)
ධම්ම Monday, 03 March 2014 09:42 AM
මෙතුමියට මීට වඩා පරිමාවක් ගෙනියන්න හැකියාව තියෙන්න ඕන වයසේ හැටියට. තව හොඳට පරීක්ෂා කර බලන්න.(නදී)
රෙජි Monday, 03 March 2014 09:55 AM
හොරා දන්නවා හොර බඩු ගෙනියන්නේ කොහොමද කියලා.(නදී).
අමිළ කටුනායක Monday, 03 March 2014 10:27 PM
අපේ අය ගිනස් පොතට දාන්න හොඳයි.(නදී)