රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණී හැට හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද සවස අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඉවතට ගත් රන් බිස්කට් තුනෙහි බර ග්‍රෑම් 375 කි.
ඇය අද සවස ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 135 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන සරෝජ් චන්ද්‍රසේන, අචල චන්ද්‍රසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, වී කුලසේකර, නිරෝෂා විජේතුංග, රොහාන් ප්‍රනාන්දු, ලසන්ත පෙරේරා, කේ.එච්.ජී.ජී චාමර යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් පුදුමයි.(නදී)
මගේ අත්තම්මා කලින් කිව කතාවක් මතක් වුනා..''හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැතුළු''(නදී)
ඔය විදියට වැල්ල පට්ට ගෙනියන්නත් බැරි නැහැ ටිකක් ඇහ ගහගෙන හිටියොත් හොඳයි.(නදී)
මේ මාර්ගය මොනතරම් වටිනවද කියල දැන් තේරෙනවා නේද.(නදී)
මෙතුමියට මීට වඩා පරිමාවක් ගෙනියන්න හැකියාව තියෙන්න ඕන වයසේ හැටියට. තව හොඳට පරීක්ෂා කර බලන්න.(නදී)
හොරා දන්නවා හොර බඩු ගෙනියන්නේ කොහොමද කියලා.(නදී).
අපේ අය ගිනස් පොතට දාන්න හොඳයි.(නදී)