IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි - වීඩියෝ

 

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.

මහියංගනයේ සිට විනෝද ගමනක් යමින් සිටි සංචාරකයින් පිරිසක් පාලම මැද සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එම පාලම හදීසියේ කඩා වැටී තිබුණි.

කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මුහුදට වැටී පාලමේ යකඩ වැටේ එල්ලී තම ජීවිත බේරා ගන්නා ලෙසට කෑ මොර දෙන අයුරු දැක ගත හැකි විය.

ඒ සමගම අවට සිටි අය දුව ගෙනවිත් ඔවුන බේරා ගැනීමට සමත් වූහ.

අනතුරින් දස දෙනෙකු පමණ සුලු තුවාල ලැබ ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.

කෙසේ වෙතත් ඔවුන් බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන පාවහන් හා අත් බෑග් මුහුදට වැටී ගසා ගෙන ගියේය.

ඒ වන විට පරවිදූව උපෝසථාගාරයට ගොස් සිටි විදේශීය ජාතිකයින් ඇතුළු සංචාරකයින්ට පාලම කඩා වැටීම නිසා නැවත ගොඩබිමට ඒමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දූපත තුල කොටු වී සිටි අතර පොලීසිය, යුධ හමුදාව, නාවික හමුදාව හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ ඔවුන් ගොඩබිමට රැගෙන එම සදහා මෙහෙයුමක් ආරම්භ කලේය.

ඒ අනුව දූපත තුල කොටු වී සිටි හැට දෙනෙකු පමණ අත් අල්ලා ගෙන ගොඩට රැගෙ ඒමට කටයුතු කෙරිණි.

මුහුදට වැටී සිටි අවුරුදු තුනක් වයසැති දරුවකු බේරා ගැනීමට මාතර වෙරල තීරයේ වඩේ වෙලදාමේ නිරත තරුණයෙකු වු පී.ඩී රොෂාන් මහතා සමත් විය.

මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි, මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියේය.



අදහස් (4)

60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි - වීඩියෝ

අප්පුහාමි Friday, 04 March 2022 08:01 PM

පැරණි කවියක් තිබුණා මෙහෙම... පේරාදෙණියේ එකසිත් ඇති මහත්තුරු පාලම හදන්නට ගත්තේ උණ පතුරු.. ඒත් මදිව තව ගත්තේ ගිනිකූරු.. පාළම තිබේ වඩුවා ගෙදර යනතුරු කියලා මේකත් එහෙම හැදූ එකක්ද බලන්න...!!!

:       7       76

jayath Friday, 04 March 2022 10:51 PM

මම පන්සල්, පල්ලි, කෝවිල් යන කෙනෙක්වත්, වන්දනාවේ යෙදෙන කෙනෙක්වත් නෙමෙයි. නමුත් මගේ දරුවෙකුට මෙතන බලන්න ආසාවක් ඇති වුණු හින්දා මම කාලෙකට කලින් සංචාරකයෙක් විදියට ඔතැනට ගියා... එදත් ඔය හැමතැනම දිරලා තිබුණු සමහර තැන්වල යකඩ වෙනුවට ලෑලි දමලා තිබුණු මේ අනතුරු දායක තත්වය ගැන කිව්වම කිව්වේ ඕක හදන්න සල්ලි නැහැ කියලා..!!! අපූරු කතාව වාසනාවට මෙතන තියෙන්නේ නොගැඹුරු මුහුදක්.. ඕක බලන්න ගිය මිනිස්සුන්ගේ වාසනාවක් නැත්නම් අර 70 ගණන්වල මාතරදීම වුණු "ආසයි බයයි" බෝට්ටුව නිල්වලා ගඟට බිලිවුණා වගේ එකක් වෙනවා...!

:       3       45

HaadayaSunday, 06 March 2022 12:07 PM

ඇයි නිපුන රණවක මහත්තයා ඕක හැදුවා කියලා ඡන්දෙ කාලෙදි කිව්වේ? ඔයා ගියේ වෙන පාලමකට වෙන්න ඇති..

:       3       6

Bunny Preena Saturday, 05 March 2022 12:16 PM

ආරක්ෂාව පිළිබඳව වගකිව යුත්තන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අවදානය බොහොම පහළ මට්ටමක තියෙන්නේ. කිසිම සැලකිල්ලක් නැහැ. ජීවිත හානි කිසිවක් සිදු නොවීම සතුටට කරුණක්...

:       2       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site