IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


5000 වැඩේ 1100න් කරගන්න වලි කති

පරණ මිලටම දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇතැයි අපේ වාර්තාකරුවෝ කියති.

ලබන ජනවාරියේ සිට රෝද හතරේ වාහන සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇත.

පරණ ගාස්තුව රුපියල් 1100කි.

එම ගාස්තුවට දුම් පරීක්ෂණය කර ගැනීම සඳහා මෙම වාහන හිමියන්ගේ අරමුණ බව කියති.

මෙතක් පැවති ගණන් අනුව යතුරු පැදියක් සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 410කි. ත්‍රීවීලරයක් සඳහා රුපියල් 505ක් ද, කාරයක් සඳහා 1100ක් ද, ද්විත්ව කාර්ය වාහන සඳහා 1190ක් ද, බස් රියක් සඳහා 1100ක් ද, ලොරියක් සඳහා 1150ක් ද අය කරයි.

DSC07652[1] DSC07657[1] DSC07664[1] DSC07673[1] DSC07685[1]



අදහස් (0)

5000 වැඩේ 1100න් කරගන්න වලි කති

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 23 November 2015 02:31 PM

ඔව් මේක අසාධාරනයි .වෙන රටවල තියෙන්නේ වාහන තත්ව පරීක්ශනේ විතරයි අවුරුදු දෙක තුනකට සැරයක්. එකේදී ඔය සේරම බලනවා දුම් සහතික වෙනම ඕනි නැ. (ර)

:       0       0

ජයනාත් Monday, 23 November 2015 04:35 PM

මේක යෝජනා කර ක්‍රියාත්මක කළාට මම නම් හිතන්නේ ලංකාව වගේ සතර දිශාවෙන්ම හුළං එන කුඩා රටකට මෙය අදාළ නැහැ කියලයි (නි)

:       0       0

නිමල් Monday, 23 November 2015 10:46 AM

මගේ කාර් එකේ එක රෝදයක් ගලවාගෙන ඇදගෙන යනවා දුම් සහතික ගන්න. එතකොට රෝද 3යි නේ. (ර)

:       0       0

උදය Monday, 23 November 2015 11:15 AM

මේකත් ඉතින් ලාෆ් එක ගොඩ දාන්න ගෙනාපු බයිලාවක් වගේ. ආණ්ඩුවේ ගාන වැඩි කර ගත්ත කියන්නේ, මේ කොම්පැනියට ගෙවන කොමිස් එකත් ටික දවසකින් වැඩි කර ගනීවි. වාහනයක් අඩු ගානට දෙනවා කියල ජන්දේ අරගෙන අලියා ගැහුවා ගැහුවා ගැහිල්ලක්, ආයේ වචනයක් කතා කොර ගන්න බැරි වෙන්න ජන්දේ දුන්නු කට්ටියට. පුංචි අපිට වාහනයක් ගන්න එ්ක කව්රු ආවත් හීනයක් වගේ. (බ)

:       0       0

සමන් Monday, 23 November 2015 11:23 AM

එතකොට දුම් පරීක්ෂණයෙන් ෆේල් වුනොත් තව පන්දාහක් ද? (බ)

:       0       0

රතන Monday, 23 November 2015 11:40 AM

ඇමැතිවරුන්ට මේක අයිති නැද්ද කමක් නැහැ එයාලා ගමන් බිමන් යනවා ඇත්තේ සීටීබී බස්වල වෙන්නැති. ජනතාවට ආදරය කරන අය එහෙම තමයි නේද ? (බ)

:       0       0

නාරා Monday, 23 November 2015 11:38 AM

රටකට ගිය කල! රටකට ඕනේ අපමණ අගයක්! (බ)

:       0       0

ප්‍රියාන් Monday, 23 November 2015 12:38 PM

මේක තනිකරම අසාදාරන ලෙස මිල ඉහල දැමීමක්. (ර)

:       0       0

අමිල Monday, 23 November 2015 12:40 PM

නොමිලේ බෙහෙත් ටික දෙන්න, නිදහස් අධ්‍යාපනේට, වයසක අයට පින් පඩි දෙන්න, මෙකී නොකී සහනාධාර දෙන්න සල්ලි ඕනිනේ. "රටකට ගිය කල" කියලා කියන්නේ නැතුව ඒ ගැනත් හිතන්න ඕනි නේද? (ර)

:       0       0

රතන Monday, 23 November 2015 12:42 PM

මැති ඇමතිවරුන්ට මේ දුක පෙනේවා. (ර)

:       0       0

පුණ්‍යසිරි Monday, 23 November 2015 12:43 PM

මේක තනිකරම අසාධාරන ලෙස මිල ඉහල දැමීමක්. (ර)

:       0       0

ඇන්ටන් Monday, 23 November 2015 12:51 PM

මේ සහතික නිකුත් කරන්නේ පුද්ගලික කොම්පැනි දෙකකින් එතකොට මේ වගේ වැඩි කිරීමකින් ලැබෙන මුදල් ලබා ගන්නේ කවුද ? (ර)

:       0       0

දිසානායක Monday, 23 November 2015 01:23 PM

දුන් දමන්නේ නැති වාහන වල බදු වැඩි කලේ, එකනේ ඒවා දුම් පරීක්ෂා කරන්නේ නැති නිසා , අනෙක් වාහන වල බදු වැඩි කලේ තාම අපේ රටේ පාරවල් හැදිලත් නැති නිසා හා මන්නාරමේ තෙල් නිධිය ගොඩ ගත්තේ නැති නිසා, පොඩ්ඩක් ඉවසන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site