පරණ මිලටම දුම් පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා බොහෝ පළාත්වල දුම් පරීක්ෂණ ස්ථානවල වාහන පෝලිම් ගැසී ඇතැයි අපේ වාර්තාකරුවෝ කියති.
ලබන ජනවාරියේ සිට රෝද හතරේ වාහන සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කර ඇත.
පරණ ගාස්තුව රුපියල් 1100කි.
එම ගාස්තුවට දුම් පරීක්ෂණය කර ගැනීම සඳහා මෙම වාහන හිමියන්ගේ අරමුණ බව කියති.
මෙතක් පැවති ගණන් අනුව යතුරු පැදියක් සඳහා දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 410කි. ත්‍රීවීලරයක් සඳහා රුපියල් 505ක් ද, කාරයක් සඳහා 1100ක් ද, ද්විත්ව කාර්ය වාහන සඳහා 1190ක් ද, බස් රියක් සඳහා 1100ක් ද, ලොරියක් සඳහා 1150ක් ද අය කරයි.

![DSC07652[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076521.jpg)
![DSC07657[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076571.jpg)
![DSC07664[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076641.jpg)
![DSC07673[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076731.jpg)
![DSC07685[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC076851.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේක අසාධාරනයි .වෙන රටවල තියෙන්නේ වාහන තත්ව පරීක්ශනේ විතරයි අවුරුදු දෙක තුනකට සැරයක්. එකේදී ඔය සේරම බලනවා දුම් සහතික වෙනම ඕනි නැ. (ර)
මේක යෝජනා කර ක්‍රියාත්මක කළාට මම නම් හිතන්නේ ලංකාව වගේ සතර දිශාවෙන්ම හුළං එන කුඩා රටකට මෙය අදාළ නැහැ කියලයි (නි)
මගේ කාර් එකේ එක රෝදයක් ගලවාගෙන ඇදගෙන යනවා දුම් සහතික ගන්න. එතකොට රෝද 3යි නේ. (ර)
මේකත් ඉතින් ලාෆ් එක ගොඩ දාන්න ගෙනාපු බයිලාවක් වගේ. ආණ්ඩුවේ ගාන වැඩි කර ගත්ත කියන්නේ, මේ කොම්පැනියට ගෙවන කොමිස් එකත් ටික දවසකින් වැඩි කර ගනීවි. වාහනයක් අඩු ගානට දෙනවා කියල ජන්දේ අරගෙන අලියා ගැහුවා ගැහුවා ගැහිල්ලක්, ආයේ වචනයක් කතා කොර ගන්න බැරි වෙන්න ජන්දේ දුන්නු කට්ටියට. පුංචි අපිට වාහනයක් ගන්න එ්ක කව්රු ආවත් හීනයක් වගේ. (බ)
එතකොට දුම් පරීක්ෂණයෙන් ෆේල් වුනොත් තව පන්දාහක් ද? (බ)
ඇමැතිවරුන්ට මේක අයිති නැද්ද කමක් නැහැ එයාලා ගමන් බිමන් යනවා ඇත්තේ සීටීබී බස්වල වෙන්නැති. ජනතාවට ආදරය කරන අය එහෙම තමයි නේද ? (බ)
රටකට ගිය කල! රටකට ඕනේ අපමණ අගයක්! (බ)
මේක තනිකරම අසාදාරන ලෙස මිල ඉහල දැමීමක්. (ර)
නොමිලේ බෙහෙත් ටික දෙන්න, නිදහස් අධ්‍යාපනේට, වයසක අයට පින් පඩි දෙන්න, මෙකී නොකී සහනාධාර දෙන්න සල්ලි ඕනිනේ. "රටකට ගිය කල" කියලා කියන්නේ නැතුව ඒ ගැනත් හිතන්න ඕනි නේද? (ර)
මැති ඇමතිවරුන්ට මේ දුක පෙනේවා. (ර)
මේක තනිකරම අසාධාරන ලෙස මිල ඉහල දැමීමක්. (ර)
මේ සහතික නිකුත් කරන්නේ පුද්ගලික කොම්පැනි දෙකකින් එතකොට මේ වගේ වැඩි කිරීමකින් ලැබෙන මුදල් ලබා ගන්නේ කවුද ? (ර)
දුන් දමන්නේ නැති වාහන වල බදු වැඩි කලේ, එකනේ ඒවා දුම් පරීක්ෂා කරන්නේ නැති නිසා , අනෙක් වාහන වල බදු වැඩි කලේ තාම අපේ රටේ පාරවල් හැදිලත් නැති නිසා හා මන්නාරමේ තෙල් නිධිය ගොඩ ගත්තේ නැති නිසා, පොඩ්ඩක් ඉවසන්න. (අ)