IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


43 වැනි ටී. බී. ජයා කුසලාන බොක්සිං ශූරතාව සමව බෙදෙයි

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 43 වැනි ටී. බී. ජයා කුසලාන සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේදී පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල සම ශූරතාව ලැබීය. මෙම විදුහල් දෙකම ලකුණු 26 බැගින් සම ලකුණු ලබා ගැනීම ඊට හේතුව විය. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල (ලකුණු 19) තෙවැනි ස්ථානය ලැබීය. කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියට දිවයිනේ පාසල් 43 කින් ක‍්‍රීඩකයෝ 205 දෙනෙක් සහභාගිවුහ. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පී. දෙල්පචිත‍්‍ර ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස කෙන්ගල්ල මහා විද්‍යාලයේ එම්. පේසාල් ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: ● කි.ග‍්‍රෑ. 33-35 බර පංතිය පී.පුෂ්පකුමාර (මහනුවර විද්‍යාර්ථ) විසින් එම්.පේසල (කෙන්ගල්ල මහා විද්‍යාලය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 35-37 බර පංතිය ජී.ඩිල්ෂාන් (නුගේගොඩ ශා.ජෝන්) විසින් ජී.අසංක (කෙන්ගල්ල මහා විද්‍යාලය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 37-39 බර පංතිය එම්.ද.සිල්වා (පානදුර ශ්‍රී සුමංගල) විසින් එල්. රත්නායක (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 39-41 බර පංතිය එම්.පී.මධුෂංක (පානදුර ශ්‍රී සුමංගල) විසින් අයි.බණ්ඩාරවත්ත (ගම්පහ බණ්ඩාරනායක) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 41-43 බර පංතිය සී.ලක්පසිඳු (පේරාදෙණිය ම.වි.) විසින් එස්.නසාර් (කේරී) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 43-45 බර පංතිය එස්.ජී.ඩිල්ෂාන් (කන්තලේ වෙන්දාසපුරම්) විසින් ජී.පී.ලියනගමගේ (ඉංගිරිය ගාමිණී ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 44-46 බර පංතිය එස්.රූපසේකර (පේරාදෙණිය ම.වි.) විසින් එච්. සේල්ෆ (කටුගස්තොට ශ්‍රී රාහුල) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 46-48 බර පංතිය පී.සමරනායක (ඇලහැර ක.වි.) විසින් එම්.කරුණාසිංහ (පේරාදෙණිය ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 48-50 බර පංතිය එන්. විජේරත්න (විද්‍යාරතන) විසින් ඞී.සී.සිල්වා (පන්නල ජා.පා.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 50-52 බර පංතිය එස්.සඳමාල් (විද්‍යාරතන) විසින් එන්. වික‍්‍රමසිංහ (මහනුවර ශා.සිල්වෙස්තර) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52-54 බර පංතිය ඒ.පතිරණආරච්චි (නුගේගොඩ ශා.ජෝන්) විසින් සී.කවිඳු (වේයන්ගොඩ බණ්ඩාරනායක) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 46-49 බර පංතිය පී.දෙල්පචිත‍්‍ර (පානදුර ශ්‍රී සුමංගල) විසින් සී.එම්.මධුරංග (කන්තලේ ගන්තලාව ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 49-52 බර පංතිය පී.පුෂ්පකුමාර (පේරාදෙණිය ම.වි.) විසින් සී.පණ්ඩිතරත්න (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52-56 බර පංතිය එච්.හේමසිරි (වේයන්ගොඩ ශා.මේරි) විසින් ආර්.රත්නායක (රත්නපුර සීවලී) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 56-60 බර පංතිය එස්.නාපාගොඩ (වේයන්ගොඩ බණ්ඩාරනායක) විසින් ඩබ්.සිල්වා (පානදුර ශ්‍රී සුමංගල) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60-64 බර පංතිය ඞී.කුමාර (මහනුවර සිල්වෙස්තර) විසින් කේ.ප‍්‍රනාන්දු (වෙන්නප්පුව ජෝශප් වාස්) පරාජය කරන ලදී. ජායාරූපය: පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ක‍්‍රීඩකයෝ සම ශූරතාව ලබාගැනීමෙන් පසුව........



අදහස් (0)

43 වැනි ටී. බී. ජයා කුසලාන බොක්සිං ශූරතාව සමව බෙදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site