
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන් 40000ක හිගයක් පවතින බව අගමැතිනී සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.
ඇය මෙසේ පැවසූවේ සමග ජන බලවේගයේ කොළඹදී දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දිවයින පුරා පළමුවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 4240 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 2827 කගේද හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 11274 කගේද දෙමළ මාධ්‍ය ගුරුවරුන් 6121 කගේද පුරප්පාඩු පවතින බව ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු හිඟය තියෙන්නේ සංක්‍රාන්තික ප්‍රජාව ගැන උගන්වන්න !
ගුරු හිඟය වෙනයි, ඒත් ඇතැම් පාසැල්වල ගුරු අතිරික්තයක් නැද්ද? ඒ අතිරික්ත වහන්න කාල සටහන් එහා මෙහා වෙන්නෙ නැද්ද? උදාහරණෙකට එක සංගීත ගුරුවරයෙකුගෙන් විෂය ආවරණය කර ගත හැකිව තියෙද්දී සංගීතය කරන ළමයි පන්ති තුනටම බෙදලා දාලා පන්ති තුනටම එක එක කාල ප්‍රාන්තර වලදී සෞන්දර්යය විෂයය කාල සටහනේ යොදලා ගුරුවරු මදියි කියලා පෙන්වලා ලොකු ඉස්කෝලවල වැඩිපුර ගුරුවරු තියාගන්නෙ නැද්ද? එතකොට ඒ අතිරික්තය හරියට නොහදා ගුරු හිඟය ගැන කතා කරලා වැඩක් වෙයිද?