IMG-LOGO

40 පෙම්වතා රිමාන්ඩ්

21 හැවිරිදි පෙම්වතිය ගැබිනියක කර රුපියල් ලක්ෂ 16ක් වටිනා රන් අබරණ වංචා කළැයි 40 හැවිරිදි දෙදරු පියෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ක්‍රිෂාන් රන්මල් පීරිස් එම පුද්ගලයාය.

දැරියගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 12 හැවිරිදි වියේ සිට තමා ඔහුට පෙම් කළ බවයි.

ඔහු විසින් රන් පවුම් 54ක්  වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.

විවාහ වී නවසීලන්තයේ පදිංචියට යන බව කියමින් මුදල් වංචා කළ බවත්, ඔහු තමා ගැබිනියක කළ බවත් ඇය කියා ඇත.



අදහස් (0)

40 පෙම්වතා රිමාන්ඩ්

චන්ද්‍රානි කලුපිටිගේ Thursday, 11 September 2014 05:32 PM

මේ දැරියගේ දෙමව්පියෝ නැද්ද? අවුරුදු 12 ඉදන් මේ මිනිහට පෙම් කරන කල් බලන් හිටියේ. මේ තරම් රැවටෙන්න මොලයක් නැද්ද? (නදී)

:       0       0

චමින්ද Thursday, 11 September 2014 07:18 PM

රන් පවුම් 54 ක්? විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

උපාලි Friday, 12 September 2014 12:23 AM

අදහසක් ලියන්න තරම් මේකේ පසුබිම ගැන වැටහීමක් නැහැ. කොටින්ම මේ ළමයට අම්මෙක් අප්පෙක් වැඩිහිටියෙක් ඉඳල නැද්ද? නැත්නම් ඒ අයගේ කැමැත්තෙන්ද මේක වුනේ? (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 12 September 2014 12:48 AM

වයස 12 ඉදන් 21 වෙනකන් පෙම්කලා. 21දි ගැබිනියක් උනා. මේ ළමයට මොලයක් තිබුනේ නැද්ද මේ මිනිහ ගැන හොයල බලන්න. "ගැහැණු මෝඩයි. පිරිමි කපටියි " කියන්නේ එ්කට වෙන්න ඇති. (නදී)

:       0       0

චින්තක Friday, 12 September 2014 02:30 AM

ආලය අන්ධයි අනේ. කෙනෙක්ගේ හුරතලය ඉදිරියේ ඔහුට පිස්සු වැටුනම අනිත් සියල්ල, හොඳ නරක, වයස , දෙමාපියන් සියල්ල අමතක වෙනවා. විශේෂයෙන් මේ වයසේ 12-16 ගැහැණු ළමයෙක් එහෙම වෙනවා වැඩියි. 18 -19 පැන්නම ඔන්න තේරෙනවා. එතකන් ප්‍රවේශම් කරන්න ඕනෑ. (නි)

:       0       0

පාරා Friday, 12 September 2014 04:14 AM

මෙහෙම කෙල්ලෙක් මන් දැක්කා ඉස්සර වයසක් මනුස්සයෙක් එක්ක බස් වල ආදරය කර කර යනවා. (නදී)

:       0       0

නවිනි Thursday, 11 September 2014 12:04 PM

මේ තරුණිය අවුරුදු 12 ඉඳල අවුරුදු 24 වැඩ නේ කරලා තියෙන්නේ. ගෙදර වැඩිහිටියන් ඉඳලා නැද්ද ? පිරිමියා විවාහක බව දන්නේ නැතුව මෙහෙම වුනා කියල මම නම් පිළිගන්නේ නැහැ. අද කාලයේ පවුල් කඩලා පවුල් හදා ගන්න එක සමාජයේ අලුත්ම විලාසිතාව වෙලා. (නදී)

:       0       0

සමීර සාලින්ද Friday, 12 September 2014 05:04 AM

ඔබට කාගේ රැකවරනයක්ද (නදී)

:       0       0

ලලිත් Thursday, 11 September 2014 12:16 PM

අවුරුදු 12 ඉඳලා බඳින්න සූදානම් වෙලා වයස 12 දී විවාහකයෙක් එක්ක සම්බන්ධ වෙන්න මේ කාන්තාවගේ මානසික තත්වය කොහොම තියෙන්න ඇද්ද ? (නි)

:       0       0

ජෙහාන් Thursday, 11 September 2014 12:19 PM

මට හිතෙනේ මේ තරුණියට පදිංචි වෙන්න හොඳටම ගැළපෙන්නේ නවසීලන්තය නෙමෙයි ස්වාසිලන්තය. (නි)

:       0       0

ජයනි Thursday, 11 September 2014 12:27 PM

මේ අපේ රටේ ඉදිරියට මව් පදවිය භාරගන්න ඉන්න අයනේ! මෙයාගේ ආරෙටම දරුවාත් ගියොත් වයස 35 දී මෙයාට ආච්චි කෙනෙක් වෙන්නත් පුළුවන් වේවි. (නි)

:       0       0

රුවනි Thursday, 11 September 2014 12:33 PM

මේ ගෙදරට ආව ගිය ආගන්තුකයා විශ්වාස කළා වැඩියි නේද ? අනේ මන්දා! මට නම් මගේ දරුවන් සම්බන්ධයෙන් පිට අයව විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

ධම්ම Thursday, 11 September 2014 12:47 PM

ඇයි මේ ළමයාගේ වැඩිහිටියන් නැද්ද? කවුරු තරහා වුණත් මට කියන්න තියෙන්නේ තවත් මෝඩ කෙල්ලෙක් කියලා විතරයි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 11 September 2014 01:06 PM

වැඩිහිටියන්ගේ අණසක , උපදෙස් නොපිළිගෙන කටයුතු කරන දූවරුන්ට මේවා හොඳ පාඩම්. අන්තිමේදී දුකින් තැවෙන්නේ දෙමාපියෝ ! (නි)

:       0       0

විජේ Thursday, 11 September 2014 04:18 PM

අනේ ඉතින් අවුරුදු 21 කෙල්ලගේ ඇස් පේන්නේ නැතුවද අවුරුදු 40 කෙනකුට ප්‍රේම කළේ. (නදී)

:       0       0

සුමනාවතී Thursday, 11 September 2014 04:23 PM

කෝ මේ මයිනෝ තාම මේ නිව්ස් එක දැකල නැහැ වගෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 404 3

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 304 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 456 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 724 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1626 1

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 357 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1414 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1614 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 421 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site