IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


38ක් එළොව ගිහින් මොළොව එති

රත්නපුරයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගත් බසයක් සියඹලාන්ඩුව හැඩ ඔබ පාලම මතදී අනතුරකට ලක්ව ඔයට නොපෙරළී බේරුණේ අනූනවයෙනි. බසයේ 38 දෙනෙක් ගමන් ගත්හ. එහි ඉදිරිපස රෝදය එකවරම කෑඩී යෑමත් සමග බසට පාලමේ ඇන්දේ හැපී නතර විය.

296 297 298 299 300



අදහස් (0)

38ක් එළොව ගිහින් මොළොව එති

ඉසුරන්දි Sunday, 07 September 2014 08:31 AM

නඩේ වාසනාව තමයි (දිල්)

:       0       0

සඳුනි Saturday, 06 September 2014 12:46 PM

ඔව් අතුල, මේකටත් ආණ්ඩුවටම බනින්න කියමු. (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 06 September 2014 12:48 PM

( සුගුනවතිගේ නමේ හැටියට නෙමෙයි භාෂාව. බජාර් එකේ කකුලක් වගේ පේන්නෙ.) බස් එක දිරපු එකක්. ජීවිත බේරුණ එක ගැනයි මම සතුටු වෙන්නේ. (නදී)

:       0       0

ඇසළ Saturday, 06 September 2014 12:49 PM

මලකඩ කල තියන විදියට බස් එකේ චැසිය පරණ යකඩ වලට වත් විකුනන්න බැහැ. ආයිත් කොහොම හරි වැල්ඩින් කරලා පාරට දායි. මේවගේ වාහන වල යන අයට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

ශාන්ති Saturday, 06 September 2014 12:49 PM

අම්මෝ ඔය විදිහට බේරුණු එක නම් නඩේ කට්ටියගේ වාසනාවම තමයි. සියලුම දෙනාට දෙවි පිහිටයි (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 06 September 2014 12:54 PM

දහමේ හැසිරෙන්නෝ , දහමින් රකිති. එහෙත් දිරපු වාහන ධාවනයෙන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කල යුතුය. බස් ගැමුණු මේ ගැන මොකද කියන්නේ? (නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 06 September 2014 12:56 PM

සුගුනවති ගිනි අවි සහ ගිනි කෙලි එකේ චරිතයක් වගේ . හරි ලස්සනේ බැහැ (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 06 September 2014 01:19 PM

මගී ප්‍රවාහනය සදහා යොදවන කුලී රථ වාර්ෂිකව තත්ත්ව පරීක්ෂනයක් කර වාර්තාව ඉදිරි පත් කල පසුවයි අවසර පත ලැබෙන්නේ. මෙම වාහනයේ එම පරීක්ෂනය කල අය පොට්ටයෙක් නැතිනම් අතයට ගහන කෙනෙක්. සාපරාදී මනුස්ස ගාතනයකට අනුබල දීම නීතියෙන් දඩුවම් ලැබෙන වරදක්. අපේ පොලිසිය නියම විදිහට රාජකාරිය කලොත් තත්ත්ව පරීක්ෂන වාර්තාව දුන්න එකාව කුදලා ගත හැකියි. (නදී)

:       0       0

ජනක Saturday, 06 September 2014 01:32 PM

මට පේන හැටියට සුගුනවති කියන්නේ සුගුනපාල කෙනෙක්. (නදී)

:       0       0

අතුල කටාර් Saturday, 06 September 2014 01:38 PM

සදුනි වැස්සත් නියගයත් දෙකටම රජයට සමහර අය දොස් කියන්වා (නදී)

:       0       0

මාලි Saturday, 06 September 2014 01:49 PM

අතුල කටාර් 2014-09-06 12:14:47 ඕකත් මේ රජයේ වැරැද්ද --- ඔව් රජයේ වැරැද්ද තමයි මේවට යෝග්‍යතා සහතික දීලා තියෙන්නෙ පගාවට වෙන්න ඇති (නදී)

:       0       0

කුරුවිට Saturday, 06 September 2014 01:50 PM

සුමන සමන් දෙවිඳුගේ පිහිටයි (නදී)

:       0       0

ගාමිණී- සිරිවර්දන Saturday, 06 September 2014 01:51 PM

ඉන්දියන් වාහන ගිනි ගන්නවා ,කඩා හැලෙනවා,බඩු ලාබ උනත් ලාබ බඩුවේ හිලක් තියෙනවාලු. ප්‍රභූන්ට සුපිරි වාහන ගත්තට කමක් නැහැ මගීන් නොමරන , ජපන් බස් තොගයක් බද්දෙන් නිදහස් කොට ලබාදීමට කඩිනමින් පියවරක් ගන්නේ නම් වටිනවා. අමතර කොටස් මෙරට නිෂ්පාදනය කිරීමටද ඒ ඇත්තෝ කැමති වෙයි (නදී)

:       0       0

සිඩ්නි විජේසිංහ Monday, 08 September 2014 06:11 AM

මොලේ ඇග පුරාම තියෙන අපේ පන්ඩිතයන්ට තවමත් මගීන් ප්‍රවාහනය කරන බස්රතවල ප්‍රමිතිය ගැන හොයන්න උවමනාවක් නැහැ (නදී)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 01:59 PM

ශාන්ත ලාල් අයියේ මාවද ලස්සනයි කිව්වේ? ජනක මාමේ, ඉතින් මක්කයි වෙන්නේ වතී හරි පාල හරි සුගුනේ තියෙනවන් ඒකනේ වටින්නේ (නදී)

:       0       0

මාලි Saturday, 06 September 2014 01:59 PM

ටෙනිසන් මේක දේශපාලුවෙකුගෙ බස් එකක් වුනොත් ඔයා කියන දේවල් කරල පොලිස්කාරයින්ට රස්සාවත් දාල ගෙදර යන්න වෙයි (නදී)

:       0       0

දිලාන් Saturday, 06 September 2014 02:03 PM

මටත් මතකයි මේ පාලම උඩ මීට කලිනුත් බස් එකක් අනු නවයෙන් බේරුනා (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 06 September 2014 02:20 PM

අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව හිතන කෙනෙක් රජයට දොස් කියනවා.මොකද මේක මහජන සේවයක්. (නි)

:       0       0

ටෝනි Saturday, 06 September 2014 02:20 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 06 September 2014 03:12 PM

දුප්පතෙක්ගේ බස් එකකක් .... මොනවා කරන්නද ඒ මනුස්සයා රෝද අස්සේ මලකඩ කාපුවා කොහොම හොයන්නද ? ඔය බස් එකට බනින අයටත් බස් එකක් තිබුනා නම් ඔය දාලා තියෙන අදහස් වෙනස් වෙන්නත් තිබුනා .(අ)

:       0       0

පද්මිනි Saturday, 06 September 2014 04:27 PM

සුගුනවති දිනක් මට නැන්දේ කියල දාල තිබුන. මගේ ප්‍රතිචාරයකට. මම දැනගත්ත දෙකක් දාල ඉන්න වෙලාවක ලියන්න ඇති කියල. (අ)

:       0       0

කුමාරි Saturday, 06 September 2014 04:29 PM

අම්මෝ! ඇඟ හිරිවැටෙනවා දකිනකොටත් (නි)

:       0       0

සුරංග Saturday, 06 September 2014 04:35 PM

මේ වගේ බස් පාරේ දුවන්න දෙනවද? අම්මෝ ඇති ඔයින් බේරුනා! නැත්නම් ජිවිත කීයක්ද? (නි)

:       0       0

අරුණ කරුණාරත්න Sunday, 07 September 2014 02:40 PM

ප්‍රමිතිය මුදලට ලබාදීමේ ප්‍රතිඵල. (අ)

:       0       0

සාරසී Saturday, 06 September 2014 05:27 PM

දිරපු බස් එකක් වන්දනාවේ, විනෝද ගමන් යන්න කලින් කව්රු හරි බස් එකේ යටට එබිලා බලන්නම වෙනවා. කොහොම වුණත් කවුරුත් අනතුරක් නැතුව බේරුන එක ගැන සතුටුයි. (නි)

:       0       0

සුරංග Tuesday, 09 September 2014 11:53 AM

300% බදු ගහද්දි බස් හිමිකරුවන් අලුත් බස් කොහොම ගන්නද? (නි)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 07:05 PM

අනේ පද්මිණි නගෝ, මම එහෙම නරකට ජීවත්වෙන කෙනෙක් නොවෙයි (නි)

:       0       0

හැරිසන් Saturday, 06 September 2014 07:07 PM

ඔවුන් වාසනාවන්තයි (නි)

:       0       0

ශාන්ත Saturday, 06 September 2014 07:30 PM

වාහන වල රෝද පරීක්ෂා කර බලා නෙමෙයිද දුරගමන් යන්නේ? (නි)

:       0       0

උපුල් Saturday, 06 September 2014 07:27 PM

සමහරුන්ට හැමදේකටම පළි ආණ්ඩුව (නි)

:       0       0

රූපවතී Saturday, 06 September 2014 08:47 PM

මේ යුරෝපා රටවල සෑම වසර දෙකකටම වතාවක් අපේ වාහන වල ප්‍රමිතිය එන්ජිම පරීක්ෂා කර බලනවා.ඒ පරීක්ෂණයෙන් දෙන සහතිකය අපි අරගෙන යන්න ඕනෑ වාහනයේ ඉදිරි "රෝඩ් ටැක්ස්" ඉන්ෂුවරන්ස්" එක ලබා ගැනීමේදී (නි)

:       0       0

සෑම් Saturday, 06 September 2014 09:08 PM

ටෙනිසන්, ඔබ කියන දේ ඇත්ත. (නි)

:       0       0

චරිත Saturday, 06 September 2014 10:02 PM

සුගුනවති ගැන නෙවෙයි මට නම් අර මධුභාෂිනී ගැන නම් විස්වාශ නැහැ. එයා මෙතන එයා ගේ දේශපාලකයන්ට සපෝට් කරන්නේ කවුද නැත්තේ කවුද කියල ඔත්තු බලනවා වගේ මට දැනෙන්නේ. ස්වාධීන අදහස් ලියන කෙනෙකුගෙත් දේශපාලන ඉත්තෙකුත් අතර වෙනස අපි ට හොඳට තේරෙනවා. (නදි)

:       0       0

ධනුක Saturday, 06 September 2014 10:05 PM

කැඩිච්ච බස් එකේ ගිහින් අනු නමයෙන් බේරුනේ ගියේ යහපත් ගමනක් නිසා. තවත් දෙයක්. මම නම් දැන් මේ වගේ සාමාන්‍ය පුවතකට ප්‍රතිචාර දානවා මිසක් දේශපාලනය ගෑවුණු පුවත් වලට අදහස් ලියන්නේ නැහැ. මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා හරවත් අදහස් ලියනවා වෙනුවට චන්ද ප්‍රචාරක කටයුතු වල යෙදෙන. (නදී)

:       0       0

සමන්ත Saturday, 06 September 2014 10:11 PM

දැන් අර කුසුම් අනුෂ්කා නිලූ වගේ ස්වාධීන අදහස් ලියන කාන්තාවන් ලියන්නේ නැහැ. ඒ වෙනුවට මධුභාශිනිල වගේ දේශපාලන ඉත්තෝ මෙතන දේශපාලන වේදිකාවක් කරගෙන. (නදී)

:       0       0

සිජී Saturday, 06 September 2014 11:15 PM

කාලයේ වැදගත් කමක් නැහැ. කරන්ඩ වැඩක් නැහැ. වාහනයක් කැඩුනත් ඔහේ පැය ගණන් බලන් ඉන්නවා. හැප්පුනාට බලන් ඉන්නවා. බුල්ඩෝසර් එකක් දාලා බිම කැපුවත් බලන් ඉන්නවා කවුදා මෙහෙම රටක් දියුනු වෙයිද. (නදී)

:       0       0

චම්පා Sunday, 07 September 2014 12:08 AM

කිසිම ජීවිත හානියක් නොවී ඔය විදිහට බේරුණු එක මොනතරම් වාසනාවක්ද? ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිට සහ ආරක්ෂාව පතනවා. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 07 September 2014 12:59 AM

මේ වගේ වෙලාවට ආණ්ඩුවට බණින එක නොවෙයි කරන්න ඕනෑ. (නි)

:       0       0

කුෂී Sunday, 07 September 2014 01:05 AM

මම මෙච්චර කලක් හිතාගෙන හිටියේ සුගුනවති ආන්ටි කෙනෙක් කියලානේ? (නි)

:       0       0

භානුක Sunday, 07 September 2014 01:35 AM

ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

අපොන්සු Sunday, 07 September 2014 02:46 AM

මේඩ් ඉන් චයිනාද? මේඩ් ඉන් ඉන්දියාද? (නි)

:       0       0

සංගදාස Sunday, 07 September 2014 03:01 AM

සුගුනවති/බන්දුල පෙරේරා යනු,දෙන්නම එක්කෙනෙක්ද? (නි)

:       0       0

පතිරාජ Sunday, 07 September 2014 03:27 AM

මම හිතන විදියට මෙරටට ගෙන්වන අලුත් බස් එකකවත් ප්‍රමිතියක් තියනවද? එන්ජින් එකත් ඇතුළේ නිකන් තියාගෙන දුවනවා වගේ. සේරම සද්දේ ඇතුළේ. (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 07 September 2014 03:46 AM

වන්දනා නඩය වාසනාවන්තයි (නි)

:       0       0

නන්දිපාල Sunday, 07 September 2014 05:20 AM

ඉන්දියන් කසිකබල් වාහන ගෙනල්ලා ලංකාවේ පුරවනවා. මේ ඒවායේ ප්‍රතිඵල තමයි. (නි)

:       0       0

චින්තා Sunday, 07 September 2014 06:57 AM

බස් රථය කලින් පරීක්ෂා කරන්නේ නැතුව ඇති (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 06 September 2014 11:37 AM

ප්‍රමිතියේ තරම, උඩින් ඔපේ යටින් හපේ , මගින් ප්‍රවාහනයට නියම ප්‍රමිතියට නැති බස් දැම්මම ඔහොම තමා. ගොඩක් බස් පිටින් ලස්සනට තිබුනට යට දිරලා. ඒවා බලන්නේ කව්ද? ඇති ඔයින් ගියා. නඩේට දිගායු වේවා! (නදී)

:       0       0

ප්‍රභාෂ් කුලරත්න Saturday, 06 September 2014 11:39 AM

මේ පාලම වන්දනා කරුවන්ට අපල ගෙන දෙනවා වගේ. මින් මාස කීපයකට කලිනුත් බස් එකක් 99න් බේරුනා. (නදී)

:       0       0

චින්තක Saturday, 06 September 2014 11:42 AM

හම්මේ ලොකු දෙයක්. බස් එක තියෙන විදිය දැක්කම මට නිකන් පපුව නැවතුනා වගේ. සියල්ලන්ටම තුනුරුවන්ගේ සරණයි. (නදී)

:       0       0

කව්සි Saturday, 06 September 2014 11:52 AM

බුදු අම්මෝ, දෙවියනේ රටේ සැමටම බුදුසරනයි (නදී)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 11:54 AM

පට්ට දිරපු බස් එකක්නේ හලෝ මේක. මේ වත් පාරේ දුවන්න දෙනවද? ගම්වල ආච්චිලා සීයලා තාමත් පරණ විදියටම වන්දනාවේ යනෝ. බලන්නත් ආසයි අම්මපා. බලන්න අර තුන්වෙනි පින්තුරේ මැද ඉන්න ආච්චිගේ ලස්සන. ඔබලා සෑම දෙනාටම බුදු හිමියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා (නදී)

:       0       0

අතුල කටාර් Saturday, 06 September 2014 12:14 PM

ඕකත් මේ රජයේ වැරැද්ද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 61 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 419 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 100 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 632 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 298 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 238 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1349 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site