ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් සාජා ගුවන්තොටින් පිටවීමට උත්සාහ කළැයි කියන 35 හැවිරිදි ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බව සාජා පොලිසිය කියයි.
එස් කේ ඩී යන අකුරුවලින් හැදින්වෙන එම කාන්තාව පී.ඩබ්ලිව්.ඩබ්ලිව් නමින් හැදින්වෙන මිනිසකුගේ සහායෙන් ඩිරාම් 10000කට (රුපියල් 360000) ව්‍යාජ ගමන් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ ගුවන් තොටට යෑමට පැය කීපයකට කලිනි.
ඇයට ගමන් බලපත්‍රය ලබා දුන් බව ඇගේ පුත්‍රයා පිළිගෙන ඇත.
ඔහු කියා ඇත්තේ වෙනත් මිනිසකුගෙන් එය ගත් බවයි. ඔහු සොයා ගැනීමට සාජා පොලිසිය සැරසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ ගමන් බල පතකින් ගමන් කරන්නට මොනවා හෝ වැරදී දෙයක් කරලා ඇති. නැත්නම් තමන්ගේ වලංගු ගමන් බල පත්‍රය කාට හෝ විකුණා තියෙන්නේ ඕනේ . මෙහෙම හොර ගැහැණුන් නිසා ලංකාවේ නමට අපකීර්තියක් ඇති වෙන්නේ. උපරිම දඬුවමක් ලැබිය යුතුය.(නදී)
හලාල් රටේ හොර වැඩ බැහැ. මේ අල්ලාහ් දෙවියන් ඉන්න රට (දී)