ජූනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කලකට පසු චාමර කපුගෙදර, තිළිණ කන්ඩම්බි, ෆර්විස් මහරුෆ්, දිල්හාර ලොකුහෙට්ටිගේ, ඩිල්රුවන් පෙරේරා සහ මාලිංග බණ්ඩාර කැඳවා තිබේ.
චාමර කපුගෙදර (2012 අගෝ 4), තිළිණ කණ්ඩම්බි (2011 ජූලි 13), ෆර්විස් මහරුෆ් (2012 මාර්තු 20), දිල්හාර ලොකුහෙට්ටිගේ (2005 නොවැම්බර් 12), ඩිල්රුවන් පෙරේරා (2008 පෙබරවාරි 29) සහ මාලිංග බණ්ඩාර (2010 ජනවාරි 8) අවසන් වරට එක්දින තරග වලදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළහ.
ඇගිල්ලක ආබාධයක් හේතුවෙන් නිමාවුණ බංගලාදෙශ පිලට එරෙහිව පැවැති තරගාවලියට එක් නොවූ මහේල ජයවර්ධන නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත්වී ඇති අතර විවේක ගන්වා තිබූ තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ නුවන් කුලසේකරද නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.
ශුරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශී‍්‍ර ලංකා සංචිතය
තිලකරත්න ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය, චාමර කපුගෙදර, තිළිණ කන්ඩම්බි, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ශමින්ද එරංග, සුරංග ලක්මාල්, ෆර්විස් මහරුෆ්, චානක වෙළගෙදර, ඉශාර ජයරත්න, දිල්හාර ලොකුහෙට්ටිගේ, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, මාලිංග බණ්ඩාර, සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
30 දෙනාගේ සංචිතයට පැරණි මුහුණු 6 ක් එක්වෙයි
රංග Sunday, 07 April 2013 10:22 AM
සුරංග ලක්මාල්ට යලි අවස්ථාවක් දුන්නට ස්තුකියි.(නදී)
සමන් Sunday, 07 April 2013 10:47 AM
කෝ අර වැරෙන් පන්දුවට පරදෙන්න පුලුවන් කෙනා නැද්ද? (නි)
තත්සරණී Saturday, 06 April 2013 07:24 PM
අපේ වීරයන්ට ජය. අපේ වීරයන් කොහොමත් වීරයන්ගේ කුසලානය දිනනවාමයි. සංගා ඔබ ඇතුළු හැමෝටම ජය.(නදී)
තත්සරණී Saturday, 06 April 2013 07:33 PM
සිංහයෝ කොහොමත් කොතන ගියත් වැඩ පෙන්නනවා. (නදී)
හරින්-මෝල්දිව්ස් Tuesday, 09 April 2013 07:52 AM
අපෝ මේ පාරත් කාගයි වගේ.(නදී)
පුබුදු Saturday, 06 April 2013 09:21 PM
ගෝ ලංකා ගෝ! (නි)