මායිම් ගම්මාන, ක්ලේමෝ බෝම්බ, සටන් විරාම, දුෂ්කර ගම්මාන ආදී වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කළ අයුරින් ‘තරුණ අසහනය‘ යන වචනය ද ශබ්ද කෝෂයෙන් ඉවත් කරමින් සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවසීය.
රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 2700ක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින් ජනපති එසේ කීවේය.
එදා උතුරේ මෙන්ම දකුණේත් කැරලිවලට මෙම තරුණ අසහනය හේතු වූ බව පැවසූ ජනපති තරුණ අසහනයට මූලික හේතුව වූ විරැකියාව තුරන් කිරීමත් සමග එම වචනය ශබ්ද කෝශයෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු දෙනා තරග විභාගයකින් පාස් වී රැකියා ලබා ගත් අය. නැතුව අහසින් වැටුණා වගේ ජොබ් අරගෙන නෙවෙයි. වැරදි වැටහීම් ඇති කරන්න එපා.(නදී)
අතිතයේ අපි දැකපු මැයි දින පෙලපාලි නැතිනමි බොහො පිකටින් පැවැත්වුයේ රැකියා දියවි යන මාතෘකාව යටතේ. නමුත් වර්ථමායේ එසේ සිදුවන්නේ නැහැ. රැකියා වියුක්තියින් නැහැ. රජය විසින් රැකියා අවස්ථා උත්පාදනය කර ඇත. නමුත් රජයේ සේවකයාගෙන් අපේක්ෂිත රාජ්‍ය සේවය සිදුවෙනවාද යන්න ප්‍රශ්ණයකි. රැකියා ලබාදෙනවා මෙන්ම ඔවුනගේ මහජන සේවයද ලබාගැනිමට කටයුතු කිරිම කල යුතුයි. නිසල් වැනි ලිං මැඩියන්ට පේනේ ලිද ඇතුල විතරයි. දුන්නත් වැරදි නොදුන්ත් වැරදියි.(නදී)
සියලු දෙනාට සුබපතනවා. (ත)
මේවත් ඡන්ද ගුන්ඩුද? (ත)
අනවශ්‍ය වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කිරීම ඉතා හොඳයි. ඒ උනාට 'මතට තිත' කියන අලුත් වචනේ වචනයක් විතරක්ම වෙලා.(අ)
කථාව වගේමයි වැඩත්!! (අ)
අනේ නිසල්.? එතකොට ඒ කාලේ රාජ්‍ය සේවය කප්පාදු කලෙත් ඡන්ද ගුංඩු වලටද.? (අ)
රස්සාවක් ලැබීම නිසා අසහනය නැතිවේ. නමුත් රජයෙන් දෙන මෙවැනි බොහොමයක් පත්වීම් වලට නියමිත වැඩක් නොමැති නිසා ඔෆීස් වල නිකම් සිට පඩි ගන්න පිරිස වැඩිවී තිබේ.සේවකයන් හිග පළාත් වලට මේ කට්ටිය යොමුකලොත් පලක් තියෙයි.(අ)
හොඳම විසදුම සියලුම උපාධි ධාරින්ට රජයේ රැකියා දීම, ඊට පසු උසස්පෙළ හා සාමාන්‍ය පෙළ සමතුන්ට, ඊටත් පසු පාසල් නොග්‍ය අයට දීමනාවක් දීම, අන්තිමට හැමෝටම රජයේ රැකියාවක් දීම කාර්යාලවල ඉඩ නැත්නම් ගෙදර තියල හරි. ජවිපෙ උනත් කියන්නේ එකම තමා. (අ)
මේ අය මොනවද කළමනාකරණය කරන්න යන්නේ? මේ අයගේ වැටුප් ගෙවන්න, යානවාහන වලට, ගමන් වියදම් වලට, අනෙකුත් දීමනා වලට, තීරු බදු රහිත වාහන වල බර, සැම බරක්ම එන්නේ ජනතාව පිටට නේද? ඔය 2700 කට අසහනය නැතිකරනකොට රටේ ජනතාව තමයි අසහනයට පත්වෙන්නේ.(අ)
කියනවා වගේ කරලා තියනවනම් හොදයි ,ලංකාවේ අයට පිටරට යන්න ඕන නැහැ (අ)
බදුල්ල කච්චේරියේ මෝටර් රථ අංශයේ ඉන්න අය වගේ උනොත් හරියටම හරි. (නදී)
මගේ යාලුවෙක් වැඩ කළ රජයේ ආයතනයකට එක පාරක් මෙහෙම ආපු කෙනෙක් උජාරුවෙන් තැන තැන කියල තිබුනලු එයා තමයි මැනේජර් ලඟට ඉන්න ඊළඟ කෙනා කියලා. බලනකොට මිනිහා හිතන් ඉඳල තියෙන්නේ "කළමනාකරණ සහකාර" කියල කියන්නේ "සහකාර කළමනාකරු" (ඇසිස්ටන්ට් මැනේජර්) කියන එක කියලා.(නදී)