ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා තිබු පැය 24 ම ක්‍රියාත්මක තොරතුරු මැදිරිය කටුනායක සහන පියස මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇත.
විදේශ රැකියා පිළිබඳ විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු විමසිමට මෙම මධ්‍යස්ථානය උපයෝගි කරගත හැකි අතර, භාෂා තුනෙන්ම තොරතුරු විමසීමේ හැකියාව ද පවති.
කටුනායක මීගමුව පාරේ අංක 101 – 5 /3 හි මෙම මධ්‍යස්ථානය පිහිටා ඇති අතර 009411-2251386, 2251367, 2251148 දුරකථන අංක හෝ 009411-2251378 ෆැක්ස් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට සේවයක් වෙනවා නම් එච්චරයි (නි)
තිලක්, ඔයා දන්නේ මොනවද? (නි)
බලනකොට බොහෝ දෙනෙකුට මෙම සේවය ගැන එතරම් පැහැදීමක් නැති බවයි පෙනෙන්නේ (නි)
ඉස්සර විතරක් නෙමෙයි, අපිට දැනුත් ලොකු වෙනසක් පෙනෙන්නේ නැහැ (නි)
වැඩක් වෙයිද?(හේ)
පසුගිය රජයේත්, නව රජයේත් ඇති වෙනස කුමක්ද, විදේශ ශ්‍රමිකයන්ට කිසිම දෙයක් ලබා දුන්නද..(හේ)
කී දවසකටද දන්නේ නෑ.(හේ)
සරත්, ඔයා කියනවා හරි, අපි දුක්විදල හම්බකරන සල්ලි ටික අපෙන් කොල්ලකන එක විතරයි වෙන්නේ. අපිට කරදරයක් වුනාම ඔය එක බල්ලෙක් වත් එනවද අඩුමගානේ මොකද වුනේ කියල බලන්න (බ)
කැලය මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියනවනේ.ජනතා සේවය වෙනුවෙන් මේ කාර්යාලය තවදුරටත් පිරිසිදු කරන්න වෙයි. (ම)
මේක අපේ සල්ලි කොල්ලකන ආයතනයක්. ගුවන්තොටුපළේ අැතුල් වෙද්දීම පාස්පෝර්ට් එක බලෙන් හරි අරන් බලන්න තරම් මේ අය ලෑස්ති ගාස්තු ගෙවලා නැත්නම් යන්න වෙන්නේ නෑ. එයාලට කිසිම ප්‍රශ්නයක් නෑ. ගුවන්යානයට ඇති වෙලාව ගැන. අනික අපි සල්ලි දීලා මේකේ බැදිලා ඉන්නවා මොනවද තියන ප්‍රයෝජනය. (ම)
විදේශිය ශ්‍රමිකයන්ට මොනවද දුන්නේ ,කොපමණ සල්ලි රටට ගේනවද ,කෝ සිස්රම වැටුප්,කෝ කාර් පොර්මිට් ? (රේ)
මේකෙන් අපිටනම් කිසිම සේවාවක් උනේ නැහැ .රෙජිස්ටර් කරන්න බැහැකියල මට රු.30000ක ගුවන් ටිකට් එකක් අවලංගු උනා.(රේ)
මේ ආයතනයෙන් කරන්නේ විදේශ රැකියා කරන අපෙන් මුදල් මංකොල්ල කලා අමාත්‍යංශයක් සහ නිලධාරීන් යැපෙන එක පමණි.හරි විදියටනම් රජයෙන් රක්ෂණය නොමිලේ දිය යුුතුයි..(රේ)
කොච්චර කාලයකටද දන්නේ නැහැ (නි)
හොර වැඩ කරන කට්ටිය එළියට දාන්න. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යංශය තරම් මට අපැහැදීමක් ඇතිවුණ ආයතනයක් කවදාවත් දැකලා නැහැ (නි)
මට නම් කටුනායක එපාවුණේ ඔය විදේශ සේවා කට්ටිය නිසා තමයි (නි)
ඉස්සර අපි රට ගියේ ඔය කිසිවක් නැතුව නමුත් දැනට වැඩා ගොඩක් පහසුකම් තිබ්බා. (ර)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ගැන නම් අපි කතාකරන්න කැමති නැහැ.සල්ලි තියෙනවා නම් ඉන්න ගේ දොර උගසට තියලා හෝ ගිනි පොළියට සල්ලි හොයාගෙන හෝ මැදපෙරදිග එනවද? (නි)
කලින් ආණ්ඩුව තිබුණා නම් තවම අපි දුක්විඳිනවා (නි)
ඉස්සර විදෙස් සේවා ගාස්තුව ගෙවාගන්න බැරි අසරණ මිනිස්සු මොනතරම් ගුවන් තොටුපොළේ අසරණ වෙලා ඉන්නවද? (නි)
විදේශගත ශ්‍රමිකයන්ට සළකන ආකාරය ගැනත් අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)
අපි සත්‍ය දන්නවා. (නි)
භාෂා තුනෙන්ම තොරතුරු විමසීමේ හැකියාව තිබුණත් ඇමතුම් ගනිද්දී සමහර වෙලාවට අපිට කතාකරන භාෂාවත් අමතකවෙන වෙලාවල් තිබෙනවා (නි)