2012/2013 විශ්ව විද්‍යාල පිවිසුම සඳහා වූ අවම ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අද සවස නිකුත් කැරිණි.
ඒ අනුව මෙවර විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා බව කියන සිසුන් සංඛ්‍යාව 22943 කි.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නඩු තීන්දුව නිසා සිසුන් 26944කට පසුගිය වසරේ විශ්ව විද්‍යාල වරම් හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතිලක ,ඔබගේ අදහස ට මා 100% එකඟයි.රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලෝකයේ රැකියා ඉල්ලුම අනුව වෙනස් විය යුතුය.(අ)
විශ්ව විද්‍යාලවලට යන්න බැරි වෙන අය ප්‍රමාණය වැඩියි ඒ අය ගැනත් බැලිය යුතුයි (අ)
තාම දාලා නැහැ. මං දැනුත් බැලුවා. උදේ ඉදලා කියනවා. (නි)
සමාවෙන්න මෙහෙම කියනවට.කොච්චර ළමයි ගත්තත් වැඩක් නැහැ. එයාලා එළියට එනකොට කුකුල්ලු වගේ කණ්ඩායමක් කරලා දානවා නම්.මොකද මේවට වියදම් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල්.අපේ අයට නිකන් උගන්නන නිසා ඒකේ අගයක් නැහැ.මමත් නිදහස් අධ්‍යාපනයෙන් උ/පෙළ දක්වා ඉගෙනගත් කෙනෙක්. මට විශ්ව විද්‍යාලයේ යන්න බැරි වුණා.තාක්ෂණ ආයතනයකින් ඉගෙනගෙන පුංචිම පුංචි රස්සාවක් කරන අතරේ බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන පුද්ගලිකව ඉගෙන ගත්තා.එදා මා සමග ඉගෙනගෙන ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන මිත්‍රයෙක්ගේ වැටුප වගේ 3 ගුණයක වැටුපක් මම ලබනවා.උපාධිය නෙමෙයි වැදගත් වෙන්නේ.ඒකෙන් කොහොමද වෙන්නේ කියන එක.අපේ රටේ විශ්ව විද්‍යාල වලින් කරන්න ඕනෑ වාලේ කරන්නේ නැතුව රටට ගැළපෙන රටට වැඩක් ගන්න පුළුවන් උපාධි පාඨමාලා සකස් කරලා ඒවාට අපේ දරුවෝ යොමු කරන එක. එක කරනකන් දේශපාලන බඩගෝස්තරවාදීන්ට රස්සා තිබෙනවා.ළමයින්ට සම්ප්‍රදායනුකුල රජයේ රැකියා නෙමෙයි රටටත් වැඩක් තියන තමන්ටත් වැඩක් කරගන්න පුළුවන් දැනුමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් පාඨමාලා හදන්න. (නි)
අගවිනිසුරුතුමියනි, ඔබට දීර්ඝායුෂ! (නි)
තවම නෑ ඇයි බොරු දාන්නෙ?(නදී)
ඉස්සර විශ්ව විද්‍යාලවල ජීවිතය කොතරම් සුන්දරද? සටන්, වාද විවාද, නොගැළපීම් තිබුනත් කවදාවත් ගැටුම් ඇති වුණේ නැහැ. දියුණු මනසක් ඇති නිසා සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඇතිවුන හැම ගැටළුවකටම විසඳුම් ලබා ගත්තා. ආචාර්යවරුන් සමග මිත්‍රත්වයෙන් වගේම ගුරු ගෞරවය රැකෙන පරිදි කටයුතු කෙරුනා. ඇත්තම කිව්වොත් දේශපාලනය තමයි ශිෂ්‍යයෝ භේද බින්න කළේ. (නි)
ප්‍රභාත්,ඔයා කළ පාඨමාලාව කියන්නකෝ.ඔයාගේ යාලුවට යන්න නොහැකි වුණා කියලා අනෙක් අයට ගරහන්න එපා (නි)
නියමයි (නි)
ආරියසේන, ඔබ හරි.පිටරටවල් වල වැඩ කරන සමහරු ඉන්නවා ඔය මොන උපාධියක්වත් නැහැ. ඇත්තේ නිපුණතා සහතිකයකුත් [කාර්මික අංශය] අවුරුදු ගණනක පළපුරුද්දකුත් පමණයි. පඩිය මසකට රුපියල් වලින් නම් ලක්ෂ හතකට කිට්ටු වෙනවා. සමහරු කියයි මේවා බොරු බේගල් කියලා. බොරු නෙමෙයි සහතික ඇත්ත.මෙතන අදහස් පළකරන සමහර අය මේ බව සනාථ කරයි. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙනවා. ඒවට අවුරුදු පතා ළමයි ගන්නවා. ඒක එතරම් වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. නමුත් මේ ප්‍රවෘත්තියේ වැදගත් පැත්ත , කවුරුත් කතා නොකරන පැත්ත, මේකයි. උසස්පෙළ සමත් කී දෙනෙකුට සරසවි යන්න බැරිවුණාද කියන එකයි. ඒ වගේම කී දෙනෙකුට තමන් කැමති විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය කරගෙන යන්න අවස්ථාව ලැබුනද කියන එකයි. මේ ඇතුළු කරගත් සංඛ්‍යාව ගැන උදම් අනලා ඒක අපේ නිදහස් අධ්‍යාපනය විදියට සළකන්න හිතුවොත් රටට අනාගතයට වැඩක් වෙයිද කියලා සැකසහිතයි. රටේ විශ්ව විද්‍යාල වල නැති විෂය පථයන් හඳුනාගෙන ඒ පාඨමාලා පවත්වන්නට රජයට මුදල් නැත්නම් පුද්ගලික අංශයවත් හවුල්කරගෙන එම පාඨමාලා ආරම්භ කළේ නැත්නම් අපේ රට දියුණුව කරා යනවිට අවශ්‍යවන විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ අඩුපාඩුව පිටරැටියන්ගෙන් පුරවන්නට වෙයි. ලංකාවේ අය පිටරට අධ්‍යාපනයට ගිහින් වියදම් කරන මුදල ඉතිරි කරගන්නට නම් මොන ක්‍රමයකට හරි (රජයේ හෝ පෞද්ගලික) ලංකාවේ එම පාඨමාලා ආරම්භ කළ යුතු වෙනවා. කවදා හෝ තමන් කැමති පාඨමාලාව හැදෑරීමටත්, උසස්පෙළ සමතුන් සියලුම දෙනාට විශ්ව විද්‍යාල පහසුකම් ලැබීමටත් අවස්ථාව ලැබෙනවා නම් තමයි අපි ඒ ගැන උදම් ඇනිය යුතු වන්නේ. (නි)
බදුවලගේ මහත්මය,මම කාටවත් ගරහල නැහැ.මම කියල තියෙන්නේ මාර්ගයක් ගැන පමණයි.ඔබතුමාට. මට තමයි විශ්ව විද්‍යාලය යන්න බැරි උනේ.ඉස්සෙල්ල වටහ ගන්න කියල තියෙන දේ.අපේ මිනිස්සුන්ට බැරි ඕක තමයි.මම දැනට CIE කියන ආයතනයේ උපාදි පාඨමාලාව අවසන් කරපු කෙනෙක්.දැනට විදේශ ගත වෙලා ඉන්නේ අවුරුදු 13ක් මගේ රටට සේවය කරලා.ඉස්සෙල්ල කියල තියන දේ තේරුම් ගන්න උඩ පනින්න කලින්.මගේ යාළුවා BSC ඉන්ජිනියර් කෙනෙක්.(අ)
මේ අය සරසවි ගියාට ඉන්නේ පාරේ,ඒ නිසා ලක්ෂයක් ගියත් වැඩක් නැහැ ලංකාවේ උපාදි සහතිකය අරගෙන කාර්යාලයක කුරුටු ගගා ඉන්න පුළුවන් එසේ දෙන්න බරුවුනොත් පාරේ පිකටින් කරයි.එහි වටිනා කම ලංකාවේ ඇතුලත පමණයි.ජාන්තන්තර්යේ පිළිගැනීමක් නොමැත.එය ලෝකයේ රටවල් පිළිගත් උපාදි පාඨමාලාවක් වුනා නම් හොඳයි. (අ)
ප්‍රබත්ගේ අදහස නිකන් විශ්වවිදියල ළමුන් ලංකාව නයබරට ගෙනියනවා වගේ නේද? ප්‍රබත් දන්නා දයක් ගැන කියන්න මොකද? දන්නවද ලංකාවේ දේශපලක්යනට ඡන්දය දීල මැරකම් රජකරන කාලයක නීතියක් නැති කාලයක දේශපළුවන් රට ලෝකේ හොදම නය බර කර ගනියනකොට මොකද හිතෙන්නේ (අ)
ඔය කවුරු මොන මොනවා ගොඩ දාගන්ඩ විදපු දුක දන්නේ අපි විතරයි. මේ රටේ ඉන්න සරසවි ශිෂ්‍යයෝ නිසා තමයි තම තමුන්ගේ දුවල පුතාලා ඉගන ගන්න නිදහස් අධ්‍යානය රැකිලා තියෙන්නේ.......එයාල පිකටින් , උද්ඝෝෂණ කලේ නැත්තම්......ඔයාලටත් ලක්ෂ ගණන් ගෙවලා තමයි ඔයාලගේ ළමයින්ට උගන්වන්ඩ වෙන්නේ. මට කිසිදු පක්ෂයක් පාටක් නැහැ. මගේ බුද්දිමත් යාලුවනේ ටිකක් තේරුම් ගන්ඩ.....දැන් තියන ආර්ථික තත්වයත් එක්ක ඔයාට ඔයාගේ දුවට පුතාට පුද්ගලික විශ්ව විදයාල දාලා උගන්වන්ඩ පුළුවන්ඩ කියලා .එහෙම එයාල හඩක් නැගුවේ නැත්තම් අපිට නිදහස් අධ්‍යාපනයක් නෑ.(නදී)
සුබ පැතුම් 23,000 ටම! පෝස්ටර්, කඩදාසි,පොලිස් කුළු හා පොලු පෙළපාලිකරුවන්ටත් ජයවේවා! (නි)