(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ හෙට සහ අනිද්දා විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් අද (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති අතර,පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් එහිදී විසිදෙවැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති හිටපු ඇමති එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ,ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවය.
හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බව පවසා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ,විසිදෙවැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ,කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගත යුතුව ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
22කට පොහොට්ටු සහායනෑ
කල්පනා Thursday, 20 October 2022 05:38 AM
එහෙනම් ඉතින් අපේ ඡන්දය නැහැ කියලා හිතාගනිල්ලා අරගලයට ජයවේවා
theeki Thursday, 20 October 2022 07:41 AM
මෙතන ගේමක් තියනවා. විරුද්ධයි කියල, බෙදීමක් ඇති කරලා සංවිධානාත්මකව 22 දිනවනවා පොහොට්ටුව.
CC Thursday, 20 October 2022 08:48 AM
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්වථා මගින් තරමක් දුරට හෝ මේ රටේ සාමාන්‍ය පොදු මහජනයාට සෙතක් වන හෙයින් රටතුල පවතින දූෂණය හා වංචාව පිටුදැකීමට යම් හෝ සහයක් ලැබෙන බැවින් එය සම්මත කිරීම යුගයේ අවශ්‍යතාවයක් වේ එයට එරෙහි වන්නන් වෙත ජනතාව නිසි පිළිතුර නුදුරු අනාගතයේදීම ලබා දෙනු ඇත.