
(රන්ජන් කටුගම්පොල)
22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද, එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද, ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහකාර ලේකම් ලකිත වාකිස්ට ආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා යන මහත්වරුන් විසින් ගොනුකොට ඇති පෙතසමෙයි වගුත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජන ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ
එබැවින් මෙම පනත් කෙටුම්පතේ දෙක සහ තුන ඡේදයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසද පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඤ සංගමයේ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය අවභාවිතා කරන මේ වෘත්තිය සමිතියට එරෙහිව ජනතාව තම පරමාධිපත්‍ය භාවිතා කරන්න අවශ්‍යයි.
දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ අදිකරණය පවා දේසපාලණීයකරණය වෙලා තිබුනේ .හිටපු අදිකරණ ඇමතිවරු පවා කටයුතු කරපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.තුන්වෙනි පාරට ජනාදිපතිකමට ඉල්ලපු ,අවුරුදු 2 ක් තියෙද්දී 8ක් ඉන්ඩ ගේම දීපු බලලෝබී බඩගෝස්තරවාදී ජනාදිපතියෙක් හිටපු කාලේ ඔය කියන කිසිම දෙයක් අදාළ උනේ නැහැ.ඇප පිට,සැක පිට,නඩු පිට ඉන්න,හිරේට යන්ඩ වෙයි කියන බයට ඉන්න දූෂිත දේසපාලුවෝ ,උන්ගේ වහල්ලූ තමා කලබල වෙලා ඉන්නේ.උගත් බුද්දිමත් විනිසුරුවරුන්ගේ විස්රාම කාලය අඩුම ගානේ අවුරුදු 5 කින් වත් දීර්ඝ කළානම් තමා හොන්ද ? බලලෝබී බඩගෝස්තරවාදී කිසිම විනයක් චාරයක් නැති ,නූගත් ආත්මාර්තකාමි අවස්තාවාදී දූෂිත දේසපාලුවන්ට මැරෙනකම් කූඩෑල්ලෝ වගේ බලයේ එල්ලිගෙන ඉන්ඩ හොන්ද ඇති?