IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


22 වැනි සංශෝධනයට ආණ්ඩුවේ මත ගැටුම්: පොහොට්ටුවේ සහාය නෑ

(අජන්ත කුමාර අගලකඩ)

පාර් ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට සහාය නොදැක්වීමේ ස්ථාවරයක සිටින බව වාර් තා වේ.

       ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා(03) රාත්‍රී පැවැති අතර,විසිදෙවැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එහිදි විරෝධය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක්  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයට විරෝධය පළ කරමින්  අදහස් දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

    විසිදෙවැනි  ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පක්ෂය තුළවත් සාකච්ඡා නොකර  බව පවසා ඇති එම මන්ත්‍රීවරුන්  මෙය කාගේ වුවමනාවට ගෙන එන්නේද  යන්න ගැටලුවක් බව සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දහනවවැනි ව්‍යවස්ථාසංශෝධනයටත්, විසිවැනි  සංශෝධනයටත් සහාය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳගෙන විසිදෙවැනි  සංශෝධනයට ඡන්දය දිය හැකි දැයි ප්‍රශ්න කර ඇත.

 පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි ගණනක් තමාට දුරකථනයෙන්  කතා කර, විසිදෙවැනි  සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන  බව ප්‍රකාශ කර ඇතැයි  කාරියවසම්  මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ජනාධිපතිවරයා සතු විධායක බලය අත් නොහැරිය යුතු බව සඳහන් කර ඇත.
       හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 89 භීෂණයට මුහුණ දුන්නෙත්, මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළේත් පසුගියදා ඇතිවූ ගැටුම්වලදී පාරලිමේන්තුව බේරාගත්තේත්  ජනාධිපතිවරයා සතු විධායක බලය තිබුණු නිසා බවද  දිසානායක මහතා සඳහන් කර ඇත.

එබැවින් විධායක බලය ඉවත් කෙරෙන සංශෝධනයට සහාය දියනොහැකි බව ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ
මේ අතර අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය සරත් වීරසේකර මහතා ආණ්ඩුකාරවරුන් වරුන් සතු බලතල, පළාත් සභාවල බලතල එසේ තිබියදී ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම ගැටලුවක් බව සඳහන් කර ඇත
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, විජයදාස රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ය.

එහිදී අදහස් දක්වා ඇති ඇමති  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ,මෙය තමා ඉදිරිපත් කළ ද මෙය සකස් කළේ තමාගේ උවමනාට නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අදහසකට අනුව බව සඳහන් කර ඇත.

විසිදෙවැනි සංශෝධනය පාර් ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද  ඔහු සඳහන් කර ඇත
මේ සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ  මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී අද (05) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මේ අතර 22  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය හෙට(06) සහ අනිද්දා (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.



අදහස් (1)

22 වැනි සංශෝධනයට ආණ්ඩුවේ මත ගැටුම්: පොහොට්ටුවේ සහාය නෑ

fairoos Wednesday, 05 October 2022 02:56 PM

වහාම ඡන්දයක් තියන්න ... මේ රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ... නිකන් කාලය නාස්ති කරලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site