IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


21 දීත් ඡන්දය දුන් තරුණිය අදත් ඡන්ද පොළේ

ඉන්දියාවේ උපත ලබා එහි හැදී වැඩුණු සුබෙයිදා අබ්දුල් තරුණිය 1948 දී පවුලේ අය සමග ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එවකට විදේශ ඇමැතිව සිටි ඩී.එස්.සේනානායක මහතාගේ අත්සනින් යුත් මෙරට පුරවැසි භාවය සහිත ගුවන් බලපත්‍රයද ලබාගත්තාය.

1954 ජූලි 24 වැනිදා මෙරට පැවැති කොළඹ නගර සභා මැතිවරණයේදී ඇය ඡන්දය භාවිතා කිරීමට පිටකොටුව, මිහිඳු මාවතේ ප්‍රාථමික විද්‍යාලයට ගියේය. ඇය ඡන්දය දමන අයුරු 1954 ජූලි 25 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.

එදා ඇයට අවුරුදු 21කි. අද ඇය 83 වැනි වියේ පසුවන්නීය. අද පැවැත්වෙන මහ මැතිවරණයේදී සිය ශාරීරික අපහසුතාද නොතකා තම පුත්‍රයා සමග පිටකොටුව ශාන්ත සෙබස්තියන් මාවතේ, අල් හිත්මා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඇය ඡන්දය භාවිතා කළාය.

RDS_3907 RDS_3911 RDS_3926 RDS_3947

 



අදහස් (0)

21 දීත් ඡන්දය දුන් තරුණිය අදත් ඡන්ද පොළේ

අසංග Monday, 17 August 2015 10:23 AM

මෙයයි වියයුත්තේ.... දීර්ග ආයුෂ ප්‍රර්ථනා කරනවා ඇයට.(නදී)

:       0       0

නිමල්ලලිත් Monday, 17 August 2015 10:46 AM

සමාන මගේ අදහස නම් හරි.වෙන්න පුළුවන් (අ)

:       0       0

සිරි Monday, 17 August 2015 10:48 AM

මේ ප්‍රවෘත්තියට මම නම් කැමතියි "වීඅයිපී නිවුස් " නැත්නම් " නිවුස් ස්පේෂල් " කියල කියන්න. (අ)

:       0       0

ෆර්සාන් සමන් Monday, 17 August 2015 11:01 AM

නිශාන් ඔයාගේ ඇස් සුපිරියි (නදී)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 18 August 2015 04:01 PM

දීර්ඝායුෂ ලැබේවා ඔබට! බුදු සරණයි! (නි)

:       0       0

හාෆායිස් Monday, 17 August 2015 01:26 PM

ඕහ් මේ මගේ ආච්චි (නදී)

:       0       0

ගංගා Monday, 17 August 2015 05:40 PM

අම්මේ, ඔයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.දැක්කහම එදා සහ අද වෙනස මට දුක හිතුනා. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 17 August 2015 08:51 AM

එදා සහ අද දවස අතර කෙතරම් වෙනස්කම් පවතිනවද. (අ)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 08:57 AM

කාලය කළ වෙනසක අරුමේ (නදී)

:       0       0

අචිනි Monday, 17 August 2015 09:12 AM

ඇස් වහක් වඳින්න හොඳ නැහැ තාම හොඳට ඉන්නවා නේද ? (නදී)

:       0       0

සමන් Monday, 17 August 2015 09:14 AM

කළගුණ සලකන්නත් එක්ක ගිහිල්ල බෙලි කපන අයට කතිරේ ගැහුවද දන්නේ නැහැ!(නදී)

:       0       0

නිසාර් Monday, 17 August 2015 09:32 AM

එදා පත්‍රය සතපහලවයි කියන්නේ ලොකු ගානක්. අද අපි නිකන් බලනවා. (නදී)

:       0       0

යමුනා Monday, 17 August 2015 10:11 AM

මේ කථාව බැලුවම කොළඹ ජන අනුපාතය වෙනස් වුනු හැටි හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site