තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.
මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය , එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි , මහජන එක්සත් පෙරමුණේ මහ ලේකම් තිස්ස ගාමිණී අබේසිංහ ජයවර්ධන යාපා , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ කතාව. ඕකට විරුද්ධ වෙන්නම ඕන නේද? අවබෝධතා ගිවිසුමේ විදිහට රටපුරා පවත්වන ඕනෑම මැතිවරණයකින් එකක් හෝ වැඩි ඡන්ද ගන්න පක්ෂයට අනෙත් පක්ෂයෙන් කට්ටිය දීලා තුනෙන් දෙකේ බලයක් හදල දීලා අඩුම තරමේ අවුරුදු තුනක් ආණ්ඩුව පවත්වාගෙන යන්න සහයෝගය දෙන්නනේ පොරොන්දු වෙලා තියෙන්නේ. එ්කනේ පාර්ලිමේන්තු මැතිවරණේ වැඩි ඡන්ද ලබාගත් කණ්ඩායමට කට්ටිය දීලා ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්නේ. දැන් ඒ අවුරුදු තුන ඉවර වෙන්න ඔන්න මෙන්න... මොන ක්‍රමයකින් හරි රටපුරා මැතිවරණයක් නොතිබුණොත් ණයට ඉල්ලා ගත්තු කට්ටිය අපහු යනවා. එතකොට ඔක්කොම බකල්... කොහොමහරි වහාම මැතිවරණයක් තියලා එකක් හෝ වැඩිපුර අරගෙන ඒගොල්ලෝ රඳවා ගන්න වෙනවනේ. අපි මේ සංදර්ශන දිහා මෝඩයෝ වගේ බලාගෙන ඉන්නවා.
රාජපක්ෂ යුගයේ මදිවෙලාද ආයිත් ගෙන්න ගන්න හදන්නේ. අනේ මෙහෙම මිනිසුන් ඉන්න රටක්. දෙන්නකෝ සීනුවට පොදිය පිටින්ම. එක්කෝ රට ඉතුරුවෙයි. නැත්නම් මකබෑවිලාම යයි.