තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන්  සිදු කරන   20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක්  අද  (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

 මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය , එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි , මහජන එක්සත් පෙරමුණේ මහ ලේකම් තිස්ස ගාමිණී අබේසිංහ ජයවර්ධන යාපා , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හා  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ තිබේ.